Monday, December 13, 2010

Turkey folksong on worldwar I

පළමු ලෝක යුද්ධයෙන් පසු තුර්කියේ බිහිවූ ජනගීයක් වූ මෙය ලියැවී ඇත්තේ තුර්කි බසිනි. එහෙත් එය රසවිඳීමට තරම් අගනා ගීතයක් වන බැවින් අපට උචිත වශයෙන් පරිවර්තනය කොට දක්වමි. මෙහි දර්ජනෙල්ලා යනු පළමු ලෝක යුදයේ බිහිසුණු සටන් පැවති පෙදෙසකි. ගීතයෙන් කියැවෙන්නේ සටනට යන තරුණ සෙබලෙකු ගැනය.

මෙම ගීතයේ අවසන් කොටසෙහි මව්වරුන්, පියවරුන්ද ලිපි එවීම අතැර දමා ඇත යන්නෙන් ව්‍යංගාර්ථයෙන් කියනුයේ සැබවින්ම ලිවූ ලිපි යුද පෙරමුණට නොඑනා බව විය යුතුය.

Thursday, December 09, 2010

Mora sajan sautan ghar jaye

ඉතාම සුන්දර ඨුම්රි ගායනයක් වූ මෙම ගීතය අයත් වූයේ 1972 තිරගතවූ පාකීසා චිත‍්‍රපටයටය. ගායනා කරන ලද්දේ දකුණු ඉන්දියාවේ සිට උතුරු ඉන්දියාව තෙක් තම සුමිහිරි හඬින් සරළ ශාස්ත‍්‍රීය සංගීත රසිකයන් පිනවූ වාණි ජෙයරාම්ය. කෙටි ගායනයක් වූ මෙය අසා රස විඳින්න. ඉතාම මිහිරි සංගීත ශෛලියකි.

මෙය නෞෂාඞ් සහ ගුලාම් මොහොමඞ් යන සංගීත අධ්‍යක්ධකවරුන් දෙදෙනාම සංගීතය සැපයූ චිත‍්‍රපටයකි.

තවත් අතිවිශේෂත්වයක් වන්නේ එවකට ඨුම්රි සහ සරළ ශාස්ත‍්‍රීය ගායනයේ ඉහළම නමක් දිනා සිටි ශෝභා ගුර්තු, වාණි ජෙයරාම්, පර්වීන් සුල්තානා, රාජ් කුමාරි, නසීම් බනෝ සමගින් ලතා මංගේෂ්කාර්වද ගායනයට යොදා ගැනීමය.

මගේ සැමියා නගරසෝබනියන් වෙත යන බව
මම ලොවට කෙසේ කියම්ද

මා විමසුවහොත් ඔහු සත්‍ය නොපවසයි
දිව්ර දිව්රා පවසන්නේ මුසාවන්මයැ
මම ලොවට කෙසේ කියම්ද

Sunday, December 05, 2010

Aahun Aahun

ගීතය- අහූන් අහූන්
ගායනය- නීරජ් ශ‍්‍රීධර්
සංගීතය- ප‍්‍රීතම්
පද රචනය- ඉර්ෂාද් කාමිල්
චිත‍්‍රපටය- ලව් ආජ් කල්
මෙම ගීතය වැඩි වශයෙන් ලියැවී ඇත්තේ පංජාබි බසිනි.


කතා කරන්න, සිනහවන්න මා සමග
මවෙත එන්න, මඳක් ආදරය පෙන්වන්න
මට ඔබේ වන්නට ඉඩ දෙන්න
මා තුළ ඊර්ෂ්‍යාව ඇති නොකරන්න

ආදරය අති දුෂ්කරය,
නමුදු අතිශය මිහිරි රෝගී බවෙකි
you wanna let it going on
ආදරය බොහෝ දිගු ගමනකි
අනවසරයෙන් පවා යා හැකි ගමනකි
but get you ride it on yeah come on
හදවත හදවතක් පතයි
ආදරයෙහි දැවටෙයි දැවටෙයි
එහි ජීවත්වීමෙන්ම දෙවියන් පවා දැකිය හැකිය
දෑස් එකිනෙක ගැටුණි අපොයි මිය ගියෙමි
මේ එකම පැරණි ආදර කතාවය එහෙත් කාලය වෙනස්ය
අහූන් අහූන් අහූන් අහූන්

ආදරය හදවත්හි තරඟයයි
ඒ තරඟය පැරණිය එහෙත් නැවුම්ය
you never see it going old
දෙවියන් පවා ආදරයට අනුමැතිය දී ඇත
එය හදවත්හි ව්‍යාපාරයයි
before you know it your heart is sold

දෑස් සටන් කිරීම ඇරඹෙනු ඇත එය කෙමෙන් වැඩිවනු ඇත
දෑසෙහි සටන් අතර හදවත සොරකම් කෙරෙනු ඇත
දෑස් එකිනෙක ගැටුණි අපොයි මිය ගියෙමි
මේ එකම පැරණි ආදර කතාවය එහෙත් කාලය වෙනස්ය
අහූන් අහූන් අහූන් අහූන්

මතකය අමතක කරන්නට වුවමනා නැත
මගේ සුසුමෙහි පවා ඔබ ගැන මතකයන් රඳවා ගනිමි
ඔබ සමග ගතකල නිමේශයන්, සුන්දර රාත‍්‍රී, ඔබ මුණගැහුණු අවස්ථා
කතාකරමින් සිටියහොත් රැයද නොදැනී ගෙවී යයි
ආදරයෙන් දැවී ගොස් නැවතත් ඇරඹුමකි
දෑස් එකිනෙක ගැටුණි අපොයි මිය ගියෙමි
මේ එකම පැරණි ආදර කතාවය එහෙත් කාලය වෙනස්ය
අහූන් අහූන් අහූන් අහූන්

Friday, October 29, 2010

Mere piya gaye Rangoon

(දුරකතනයෙන්)-
හෙලෝ හින්දුස්ථානයේ දෙහරාදුනයද මේ?
මං මේ රැන්ගුන් නුවර ඉඳන් කතා කරන්නේ
මට මගේ බිරිඳ රේණුකාදේවිට කතා කරන්න  ඕනෑ
ඔව් ඔව්


ගීතය
ගැ- මගෙ පෙම්වතා රැන්ගුන් ගොසිනි
එහි සිට දුරකතනයෙන් මා අමතයි
‘‘ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි’’


පි- මම හින්දුස්ථානය අතැර අවුත් බොහෝ විඳවමි
ඔබව මෙහි රැගෙන එන්නට අමතක වුණා නොවැ
මම අද බුරුමයේ වීදියකය
ඔබ දෙහරාදුනයේය
ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි


ගැ- මට දුක නිසා කෑම බීම පවා අමතකව යයි
දුකින් මහත් සේ පීඩාවට පත්ව කාලය ගෙවී යයි
ඔබ හැර පෙම්වත, ජනවාරියද, පෙබරවාරියද, කෙමෙන් මැයි මසද දැන් ජූනිමාසයද ගෙවීයයි.
ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි


පි- ඔබෙන් වෙන්වූ දා සිට මම සන්නාසියෙකු මෙන් බ‍්‍රහ්මචාරීව වසමි
කන්නෙත් ගහකොලකින් වැටෙන දෙයක් තමා
බුරුම ඇඳුම් නිසා ඉන්දියානු ඇඳුම්ද අමතකව ගියේය
ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි

Friday, September 10, 2010

Maine Poocha chand se

තරුණියකගේ සුන්දරත්වය එමට වනමින් ලියැවී ඇති මෙම ගේය පද්‍යය රචනා කොට ඇත්තේ ආනන්ද් බක්ෂිය. අබ්දුල්ලා චිත‍්‍රපටයට රාෆි මෙය ගයන ලද්දේ ආර්ඞී බර්මන්ගේ සංගීතයටය.

මම සඳෙන් විමසුවෙමි
කොතැනකවත් දුටුවෙද කියා
මගේ පෙම්වතියගේ මෙන් සුන්දර සිනහවක්
‘‘සඳකිරණ පල්ලා කොතැනකදීවත් නොදුටුවෙමි’’යැයි
සඳ දිවුර දිවුරා පැවසීය

මම ඔබ ගැන සෙවීමි
මම සැම තැනකම ඔබගේ මේ සුන්දරත්වය සෙවීමි
අළුතින් පුබුදින පොහොට්ටු වලින් ඔබට සමවූ යමක් විමසීමි
පිපුණු මල් අතර ඔබ වැන්නියක සෙවීමි
මල් උයනෙන්ද විමසීමි
ඔබට සමවූ යමෙක් අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘උයනෙහි සෑම පූදින මලක් පල්ලා මම නම් නොදුටුවෙමි’’යැයි
මල් උයන දිවුර දිවුරා පැවසීය

ඔබේ ලැසි ගමන තරඟ රළ මෙනි
ඔබේ දිගු වරළ රාත‍්‍රියක දිගු කතාවකි
දෙතොල නෙළුම් පෙත්තක කැඩපතක් බඳුය
දෑස මත්බවෙහි රුජිණකි
මම මධු ශරාවෙන් විමසීමි
ඔබට සමවූ යමෙක් අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘මත්බව පල්ලා මම නම් නුදුටුවෙමි’’යැයි
මධුශරාව දිවුර දිවුරා පැවසීය

ඔබගේ සුන්දරත්වය දෙව්ලොවින් පහළවූ විස්කමකි
මීරාගේ ගසල් ගීතයකැයි මම ඔබට අමතම්ද
නැතහොත්  ඕමර් ඛයියාම්ගේ රුබයියාට් කවියකැයි පවසම්ද
මම කවියන්ගෙන් විමසීමි
ඔබට සමවූ ශෘංගාරාත්මක කවි සිතුවිල්ලක්
අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘කවීත්වය පල්ලා අප නම් නොදුටුවෙමු’’යැයි
කිවියෝ දිවුර දිවුරා පැවසූහ


Sunday, September 05, 2010

I don't know what to do

මෙය ප‍්‍රහසනාත්මක පෙම් ගීයකි. චිත‍්‍රපටය හවුස් ෆුල් වෙත්. සුනිධි චෞහාන් සමගින් කලකින් ගායනයට යලි පැමිණි ශබ්බීර් කුමාර් ගයන්නේ ශන්කර්, එහෙසාන්, සහ ලෝයි ගේ සංගීතයට අනුවය.

ගැ- සෙමින් සෙමින් ටිකෙන් ටික
මගෙ තුරුල්ලට එන්න. ඉතින් එන්නකෝ
පිපාසයෙන් මට මියයන්නට දෙන්න එපා
පොඩ්ඩක්වත් කරදර වන්නේ කුමටද
බැල්මට බැල්ම මුණගස්වන්න
එන්න මම දෙව්ලොව පෙන්වන්නම්

පි- අයියෝ මම දන්නේ නෑ දැන්නම් මොනව කරන්නද කියලා
දෙයියම්පා මං මොනවා කරන්නද දැන්

ගැ- සුමටව මෘදුව විසිරෙන මගේ වරළ පිරිමදින්න
මා නොරිදවන්න
මට වැඩිවෙලාවක් දරාගත නොහැක
මත්බවින් මා පිරී යාවි
බොහෝ සැනහෙන්නට හැකිය
එන්න මම දෙව්ලොව පෙන්වන්නම්

පි- අයියෝ මම දන්නේ නෑ දැන්නම් මොනව කරන්නද කියලා
දෙයියම්පා මං මොනවා කරන්නද දැන්

පි- බියට පත්ව සිටිමි ගැස්මෙන් කම්පිතව සිටිමි
නොදන්නා මගක ගිරිහිසක් නගින්නේ කෙලෙසින්ද?

ගැ- පොඩ්ඩක්වත් කරදර වන්නේ කුමටද
බැල්මට බැල්ම මුණගස්වන්න
එන්න මම දෙව්ලොව පෙන්වන්නම්

පි- අයියෝ මම දන්නේ නෑ දැන්නම් මොනව කරන්නද කියලා
දෙයියම්පා මං මොනවා කරන්නද දැන්

Saturday, September 04, 2010

Pyar Hua Hai Jabse

අභිලාෂා චිත‍්‍රපටයට මජ්රූහ් සුල්තාන්පුරි ලිවූ, ආර්ඞී බර්මන් සංගීතය සැපයූ මෙම ගීතය කිශෝර් කුමාර් සහ ලතා මංගේෂ්කාර් ගයන ලදි. මෙහි සිංහළ අනුකරණ ගීතය ලංකාවේ අතිශය ජනප‍්‍රිය විය. එය මෑතකදී නැවත ගායනය කෙරුණි. එයද ජනප‍්‍රිය විය. මා ඒ ගීතය ගැන සඳහන් නොකලේ මෙම ගීතය අසන විට ඔබට එය මොනවට මතක් වන බැවිනි.

ගැ-සිතෙහි ආදර හැඟුම් ඇතිවුණා පමණි
කිසිදු අස්වැසිල්ලක් නැතිවිය
දෑස තදින් වසාගත්තත්
නුඹ හදවතින් නික්ම නොයයි

පි- නුඹ මගෙ තුරුල්ලේ සැතපෙයි
ගැ- ඉතින් පෙම්වත නුඹ තවමත් මගේ බැල්මට හසු නොවී
සැඟව සිටින්නේ ඇයි?
පි- අනේ මගේ පණ, මා සිටින්නේ ඔබෙ හදවත තුළය
තවමත් ඔබ මා දැක නැත්නම්
අපොයි ඉතින් මං මොනව කරන්නද?

ගැ- මේ ඔබේ දෑතට මගේ හදවත ගෙන රැකගන්න
පි- හදවත ආදරයෙන් දැන්නම් උමතුව ඇත එබැවින් නොඑන්න මවෙත
ගැ- එහෙත් මේ හදවතෙහි ඉපදෙන සිහින කා ගැනද
අහෝ ආදර උන්මත්තකය, ඒ සිහින ඔබ ගැනය.
අපොයි ඉතින් මං මොනව කරන්නද?

ඔබේ වරල මුදා හැර සොරකමකි කලේ
අනේ නපුරෝ මා සිත රිදවා ඔබට ලැබෙන්නේ කුමක්ද?
මගේ පණ, ඔයාව කේන්ති ගැස්සුවහම
ඔයා හරිම ලස්සනයි
අපොයි ඉතින් මං මොනව කරන්නද?


Wednesday, June 30, 2010

Jaane Nahin Denge

නුඹට නික්ම යාමට අපි ඉඩ නොදෙමු
දෙවියන් ඔබට අඬගැසුවත්
අපි එවැනි දෙවියන්ටවත් අද බිය නොවන්නෙමු
යන මගෙහි අපි සිටගන්නෙමු
මිතුරන්ගෙන් දෑස් ඉවතට ගෙන යන්නට වෙර දැරුවත්
මොන බලයක් අපට එදිරිව යෙදුවත්
නුඹට නික්ම යාමට අපි ඉඩ නොදෙමු

පියවර දෙක තුනක දිවිගමනකි මේ
එතරම් කෙටි දිවිමගේ එක් පියවරක් වෙනුවෙන්
ඔබ මෙතරම් සැලෙන්නේ ඇයි
මිතුරන් පවසන දෙයට මඳකට සවන් දෙන්න
දුක්බර රැය විගසින් ගෙවී යයි
යාලූවො ටික දාලා යන්න හදන්නෙ ඇයි මෝඩයෝ
නුඹට නික්ම යාමට අපි ඉඩ නොදෙමු

නුඹේ මව ලිපියෙහි ලියා තිබුණේ මොනවාද?
නුඹට සැමදා සතුටින් දිවිගෙවන්නට කියා නොවෙද?
ඒත් නුඹ එසේ කෙටි කලක්වත් උන්නාද?
මිතුරන් දෙස දෙනෙත් විවර කර බලන්න
එක් වරක් සිනාවෙන්න
නැගිටපන් මෝඩයෝ මේ වද දෙන්නේ ඇයි
නුඹට නික්ම යාමට අපි ඉඩ නොදෙමු


Tuesday, March 02, 2010

To Chalun

ගෙවීයන කාළය මඳකට නවතින්න
මාද ඔබට අවනතය
එහෙත් මට ඇයව මුණගැසෙන්නට අවස්ථාවක් දෙන්න
ඇයට මහදෙහි ඇති එක කරුණක් පවසන්න මට ඉඩදෙන්න
ඉනික්බිති මාද ඔබ මෙන්ම නික්ම යමි


ඇගේ සුන්දර මුහුණ,
ඇගේ වළාවන් වැනි වරළස
පහනක් වැනි දිදුලන දෙනෙත
ඇගේ දෙතොලෙහි රත් පැහැය
නික්ම යාමට පෙර ඇගේ සෑම සුන්දරත්වයක්ම
සුසුමෙහි, දෑසෙහි, සිහිනයෙහි, මතකයෙහි
එපමණක් නොව මහදෙහිද සගවා තබා ගන්නෙමි
ඉදින් ඉන්පසු නික්ම යමි ඔබ සමගින්


මා ලොව කොතැන සිටියත්
ආදරියේ
ඔබට වූ පොරොන්දුව එලෙසමය
ඔබ අසළට ආවත් නැතත්
ආදරය කෙදිනකවත් අඩුනොම වෙයි


යමෙකුට මා කැමති වෙද
යමෙකුට මා පණමෙන් ආදරය කරම්ද
ඇය සමගින් වදනක් දොඩන්නද? තුරුලෙහි මොහොතක් රඳවාගෙන
අඩසඳවන් ඇගේ නළලත සිපගන්නද?
හා එසේනම් මාද ඔබ සමගින් නික්ම යමි 

Saturday, January 30, 2010

kuchh to log kahenge

විවාහයෙන් පසු දරුවන් ලැබීමේ අපොහොසත්කම හේතුවෙන් දික්කසාද වන ගැහැණියක් ඉන්පසු නගරයේ අබිසරුලියන් වසන වීදියක ගීගයමින් රඟමින් ජීවිකාව ගෙනයයි. මෙම වෘත්තීය ඉන්දියාවේ වෛශ්‍යා වෘත්තියක් ලෙසින් හැඳන්වූයේ නැතිවුවද සමාජය පිළිගත් වෘත්තියක් ලෙසින්ද සලකනු නොලබත්.


ඉන්පසු ඇයට හමුවන තවත් පුදග්ලයෙකු ඇයට ආදරය කරන්නට පටන් ගනියි. චිත‍්‍රපටයේ මෙම ගීතයේ අවස්ථාව එය ලෙසින් සලකා අරුත රස විඳිය හැකිය.


ඉතාම මිහිරි ගීතයකි. මෙම ගීතය කිශෝර් කුමාර් ගයනු ලබන අතර මෑතකදී රොන්කිනී නම් ආධුනික ගායිකාවක් ගීත තරඟයකදී අතිශය මිහිරි ලෙසින් ගායනා කොට නැවතත් රසිකයන්ගේ මතකය අවදි කළාය.


ලෝකයා මොනවා හෝ කියයි
ඔවුන්ගේ වැඬේ ඉතින් මොනවා හෝ කියවන එකය
ඒ සුනරුත් දේවල් අතැර දමන්න
නැතිනම් රැය නිකරුණේ ගෙවී යයි


ලෝකයේ සම්මතයන් ඇත
සෑම උදෑසනකටම පසු සැඳෑවක් එන බවද පැවසෙයි
සීතාවගේ නමද කිළිටි වූයේ මෙම සිදුවීමෙන් නම්
ඔබ කවුද ඔබගේ නම කුමක්ද යන්න වැදගත් වෙද
මේ සුනරුත් දේවල් ගැන සිතමින් ඔබේ දෑස කඳුලින් තෙමාගන්නේ ඇයි


ලෝකයා මොනවා හෝ කියයි
ඔවුන්ගේ වැඬේ ඉතින් මොනවා හෝ කියවන එකය
ඒ සුනරුත් දේවල් අතැර දමන්න
නැතිනම් රැය නිකරුණේ ගෙවී යයි


සම්මතයෙන්ද, චෝදනාවන්ගෙන්ද අප රිදවූ අයගෙන් සැඟවී
මේ වීදියට ආවද ඔවුන් මෙහිද සිටින බව සත්‍යයකි. ඒ බව මම දනිමි
පවසන්න එය ඔබත් දන්නවා නොවෙද?

ලෝකයා මොනවා හෝ කියයි
ඔවුන්ගේ වැඬේ ඉතින් මොනවා හෝ කියවන එකය
ඒ සුනරුත් දේවල් අතැර දමන්න
නැතිනම් රැය නිකරුණේ ගෙවී යයි

Saturday, January 23, 2010

Aankhon Ki Gustakhiyan

පි- මගේ දිදුලන දෑසට සමාව දෙන්න

එය ඔබ දෙස බලා සිටින්නේ මඳ මොහොතක් පමණි

මගේ දෙතොල පැවසිය යුතුව ඇති දෙය පවසන්නටයි දෑස වෙර දරන්නේ

ගැ- මගේ ලැජ්ජාවෙන් බර දෑසට සමාව දෙන්න

එය ඔබ දෙසට යොමුවූ සැණින් ලජ්ජාවෙන් බිමට නැඹුරු වෙයි

කෙලින් බලා කියන්නට බැරි දෙය ලජ්ජාවෙන් බිමට නැඹුරුවූ දෑසින් පැවසිය හැකිය






පි- දෑසෙහි තවරන අංජන වලින් තිතක් ඔබේ දෙකොපුලෙහි රඳවන්නට මට ආසයි

ඔබට හිරුගේ සඳුගේ ඇස්වහ වදින්නට නොදී මම බලාගන්නම්

ඇසිපිය අතරෙහි මම ඔබව සඟවා ගන්නම්

අනේ මා ගයන මේ බොලඳ දේවල්වලට සමාව දෙන්න

සැම මොහොතකම ඔබ ගැනම සිතමින් සිහින ලොවෙහි හිඳිමි

යන්තම් පියවි ලොවට ආ විට මම ඔබව දකිමි. ඉදින් එවිටද ඔබේ දෙනෙත මා මත් කරයි






ගැ- මගේ දිවිය පුරාවට මම ඔබ ගැන විශ්වාසයෙන් සිටිමි

හදෙහි ඔබ මට දක්වන ආදරය සැමදින සුරැුකිව පවතීවි

ගන්න සෑම සුසුමකටම පවා ඔබවම අවශ්‍ය කෙරේ.

අනේ මගේ හදවතෙහි මෝඩකට සමාව දෙන්න

ඔබේ දෑස මා කියන දෙය අසා සිටී. ඉදින් ඔබේ දෑස සැමවිටම අවිවේකී වී සිටින්නේ සැම මොහොතකම අලූත් සිහිනයක් ගෙත්තම්කරන බැවිනි