Saturday, October 24, 2015

Creep Qawaali


ප‍්‍රහසනය සමගින් අද තරුණියන්ට පොඩි පණිවුඩයක් දෙන අපූරු ගීතයකි මේ. ගීතයේ රසය එලෙසින්ම තබාගැනීමට හින්දි පද පමණක් සිංහළයට පරිවර්තනය කලෙමි.

Ustad zuckerburg facebook එක invention කරද්දී
There was one thing he forgot to mention
එනම් සෑම inbox එකකම, එකක් නොව folder දෙකක් ඇති බව
එකක friendsලා එවපු  message තිබෙයි
And other folder
එකේ creeeeeeeeps වෙයි
අපූරුයි
මම other folder එක බැලුවා
Couldn’t believe my eyes
එහෙම පිටින් පනහක් message
From all the
පිස්සු guys
මම කියවලා බැලුවා පළමු message එක
It was a revelation
Hey thr u lukn gr88888!!!!!
අයියෝ නොදන්න පොඩි එකෙක්, පිස්සු කොල්ලෙක්
Who the hell are you
ඔයා කවුද? ඔයා කවුද?
ඒයි, hang on hang on
He is typing…
(oh beb ur really kewt..handsome
කෙනා ගාවට එන්නකෝ)
ROFl, ROFL, ROFL, ROFL, LMAO
ROFl, ROFL, ROFL, ROFL, LMAO
මගේ other folder එක බලලා
මට හිතුනේ
Internet
එකේ.. internet එකේ පෙම්වතුන්ගෙන් නම් අඩුවක් නෑ කියලයි
මගේ creep වඩා creepy වෙච්ච වෙන කිසිම creep කෙනෙක් නෑ කියලයි
Aaaactually your creep
Isn’t even a legit creep
For my
මංගල්ලෙ he is someone
My moooooooom would like to meet
මරු!!
මොන burn එකක්ද?
ගිනි තිබ්බා.. By God
හැන්දෑවෙ මං ගෙදර ආවා
After a long day at work,
ඇත්තද?
මගේ  building එකේ පිටිපස්සෙ
හිටං හිටියා jerk.. oh
පහුවෙන්දා ආයෙ මුණ ගැහුනා
Watchmen
වගේ වෙලා මුණ ගැහුනා whaaat?
Liftman
වගේ වෙලා මුණ ගැහුනා
උදේ දවල් රැයේ මුණගැහුණා
පහුවෙනිදා pizza ගෙනාවා
Said something really shady
Really shady..really shady..
What he said was really shady
I deliver your pizza
Will you deliver my baby
ඔයා ඔය කියන creep facebook එකේ මිසක් වෙන කොහෙවත් නෑ
I can bet you
මගේ creep මෙතන කොහෙ හරි හැංගිලා ඇති
මං ඉන්න තැනක, මං ඉන්න තැනක
මං ඉන්න තැනක පෙම්වතුන් නම් අඩුවක් නැතිව ඉන්නවා
මගේ creep වඩා creepy වෙච්ච වෙන කිසිම creep කෙනෙක් නෑ
මගේ creep එයාගෙ අතේ නහර කපා ගත්තා
මගේ creep එයාගෙ අත අනිත් පැත්තට කරකෝගත්තා
එයා අපේ වෙඩින් එකේ කාර්ඩ් හිටන් බෙදුවා
එයා අපේ පොඩි එකාට නමත් දුන්නා
මගේ creep whatsapp එකෙන් එයාගෙ pic එව්වා
මගේ creep whatsapp එකෙන් එයාගෙ **** එව්වා
එයා එයාගෙ photos වලට මාව tag කරනවා
එයත් එයාගෙ photos වලට මාව tag කරනවා
එයාගෙ profile pic එකේ වටින කාර් එකක් තියෙනවා
එයාගෙ profile pic එකෙත් වටින කාර් එකක් තියෙනවා
මගේ creep මට ආදරේට කෝකිලාවිය කියල කතාකරනවා
මගේ creep ත් මට ආදරේට කෝකිලාවිය කියල කතාකරනවා
ඔයාගෙ creepගෙ  නම “S” අකුරෙන්ද පටන් ගන්නෙ
ඔයාගෙ creepගෙ  වාසගම “K” අකුරෙන්ද පටන් ගන්නෙ
සුරේශ් ? කුමාර්?
මේ ලෝකේ
මේ ලෝකේ පෙම්වතුන්ගෙන් නම් අඩුවක් නෑ
අපි දෙන්නගෙ creep වඩා creepy වෙච්ච වෙන කිසිම creep කෙනෙක් නෑ


Monday, October 12, 2015

'Ki Banu Duniya Da'

ගුරුදාස් මාන් විසින්ම ලියා ඇති මේ පන්ජාබි ගීතය සිත් ගන්නේ එහි අරුත නිසාමය. මේ ගීතය ලියවිය යුතුව තිබුනේ ලංකාවේය. නමුත් තියැවෙන්නේ ඉන්දියාවේය.

කෝක් ස්ටුඩියෝ සඳහා පදවැලෙහි වෙනසක් කල ගුරුදාස් මාන් තමන් සමග මේ ගීතය ගයන්නට පන්ජාබි තරුණ සුපිරි තරුවක් වූ දිල්ජීත් දෝසන්ජිවද යොදාගත්තේ තාරුණ්‍යයට ආමන්ත‍්‍රණය කිරීමේ අරමුණින්මය.
අරුත විමසා බලන්න. දෙවනුව ගීතය අසා බලන්න. සුන්දර අත්දැකීමකි. ගීතයෙහි අරුතට කිඳා බැස එය තමන්ට ආරෝපණය කරගෙන ගායනා කරන්නේ කෙලෙසකදැයි කියන්නටත් මේ ගීතය කදිම උදාහරණයකි.

වර්තමානයේ සියලූ පෙම් සබඳතා තාවකාලික ඒවාය
ආදර සබඳකමක සුන්දරත්වය කුඩුපට්ටම් කර දමමින්
ආදරයේ අරුත කුමක්දැයි වටහා නොගනිමින්
සල්ලි තියෙනවනම් හෝටලයක රාත‍්‍රියක් ගත කොට අතැර දමන
ආදරයකි අද ඇත්තේ
අතීත පේ‍්‍රම පුරාණයේ පෙම්වතෙකු පෙම්වතියක් එක් වරක් හෝ දක්නට බොහෝ කාලයක් කැපකොට බලා සිටි කතන්දර එමටය.
එහෙව් ආදරයක් අද පලාතකවත් දක්නට නැත.
අද තාරුණ්‍ය යන්නේ කොයිබටද? අපොයි අපි එය විනාශ කරගනිමින් සිටිමු.
සුන්දර ආකර්ශනීය තාරුණ්‍ය අද යන්නේ වැරදි දිශාවකටය. ඒ දෙසට ගොස් කෙටි කලකින් සියල්ල අසුන්දර කරගනී.
මල් ලියකම් ගෙත්තම් කල අපේ පැරණි ස්ත‍්‍රි ඇඳුම් ආයිත්තම් අද නැතිව ගොසිනි.
එදා තරුණියෝ පැලඳි සුන්දර අබරණ අද කිසිවක් නැත.
අද සියල්ලට වඩා විලිබිය නැතිවී ඇත
පරපුරින් ආ ඒ සුන්දර ඇඳුම් ආයිත්තම් අතැර තනිකර බටහිරට වුවමනා සංකර විලාසිතාවලට ඔවුන් නතුවී ඇත
අපොයි අපේකමට සංස්කෘතියට සදාචාරයට වුණ දේ දන්නේ දෙවියන්ම පමණි.
දෙවියන්ම පමණි.

වතුර කලයක් අරන් ලිඳට ගිය එදා යුවතියගේ ලැසි ගමනෙහි ලාස්‍ය, පා තබනා විට නදදෙන කුඩා නූපුර වැල
අහෝ සුන්දර යුවතියේ ඒ එදා ඔබ අද මේ කවර ලෙසින් සංකර වී තිබේද?
ඔබට සුන්දරවූ අපේ සංස්කෘතිය අමතකව ගොස් නොවෙද?
බටහිර ගැති මානසිකත්වයක් ඇති ඔබ දැන් අඳින්නේ පළඳින්නේ විළිසංගයක් නැති ඇඳුම්ය. එපමණක්ද? ඉංග‍්‍රීසි ගීත පමණක් අසන්නේ ඇයි අපේ ජනගීත ලස්සන නැතිව ගොස්ද?
අපොයි අපේකමට සංස්කෘතියට සදාචාරයට වුණ දේ දන්නේ දෙවියන්ම පමණි.
දෙවියන්ම පමණි.

මේ යන විදියෙන් අපට යහපතක් නම් උදාවන්නේ නැත
අපේ භූමිය පසුකර ගලායන ගංගා පවා එකිනෙකා විමසන්නේ අපට කුමක් සිදුව ඇතිද කියාය

අද අප කිසිවෙකු දුටුවිට අමතන්නේ හෙලෝ හායි කියාය. ඇයි අපට ආවේණික නමස්තේ, සත්ශ‍්‍රියාකාල් වැනි වදන් අමතක වෙලාද?
අපි ඇත්තටම දැන් කලූ සුද්දො වෙලා ඉවරයි නොවෙද?
දැන් කොටින්ම සියලූ තරුණ තරුණියන් ඉංග‍්‍රීසි බස ඉගෙනුමට මිස හින්දි හෝ පන්ජාබි බසට ඇල්මක් ඇත්තේම නැත. ඉංග‍්‍රීසි දැනගත් පසු අපේ බස පහළට ඇද දමයි. ඒවා පහත් භාෂා බව කියයි
ඔවුන් අපේ සංස්කෘතියට සදාචාරයට ශිෂ්ටාචාරයට පමණක් නොව මව්බසටද ගරහයි.
වෙනත් භාෂා ඉගෙනගත්තාට එහි වරදක් නැත. වරද ඇත්තේ ඒ භාෂා උගත් පමණින් අපේ බසට ගැරහීමේය.
වෙනත් සංස්කෘතීන්වලට හුරු වුණාට කමක් නැත. වරද ඇත්තේ අපේ සංස්කෘතියට ගැරහීමේය.

අද මත්ද්‍රව්‍ය අපේ රට අඩපණ කරයි
දුර්වල වෙන කිසිවකින් සමාජයට පලක් නැත.
දේශපාලනය සහ අසීමිත බලය විසින් තාරුණ්‍ය ආලපාලූ කර දමා ඇත
අප ආදරය කරන බොහෝ අය රැුවටීමටත් ගැරහීමටත් ලක්වනු අපට පෙනේ.
හෙට කුමක් සිදුවේද?
සර්ව අශුභවාදයද පමණට වඩා අන්‍යයන්ගෙන් යමක් බලාපොරොත්තුවීමද නරකයැයි අට වැඩිහිටියන් පවසා ඇත
අපොයි අපේකමට සංස්කෘතියට සදාචාරයට වුණ දේ දන්නේ දෙවියන්ම පමණි.
දෙවියන්ම පමණි.



Wednesday, August 05, 2015

Shunya Gadh Shahar

අතිශය සංකීර්ණ පදවැලකි. පරිවර්තනය අපහසු වන්නේ ගැඹුරු අරුතක් වන බැවින් පදානුගතව ගත නොහැකි බැවිනි. අරුතින්ද සංගීත රචනයෙන්ද අති විශිෂ්ඨවූ රචනාවෙකි.

හිස්ව ගිය බලකොටුවක නගරයක,
නගරයක නිවෙසක
කවුරු නිදන්නෙද කවුරු නොනිදන්නෙද
බැඳීම් තමන් සමගය තමන් බැඳීමෙහිය. ශරීරය නිදා වැටෙයි ආත්මය නිදි නැත

දියෙහි නෙලූමය, නෙලූමෙහි රොනවුල්ය. රොනවුලෙහි බමරුන් බමති. එහෙත් උන් කිකලෙකවත් එහි නවාතැන් ගනු නොවේ

මේ පවුරෙන් වට නගරයේ දොරටු දහයෙකි. ඒ නගරයෙහි මුනි දහමද නිතර සරයි.
ශරීරය වංගෙඩියක් සදිසිය මනස මෝල්ගසක් වන් සඳ
කෙතරම් ගැටෙමින් ඉරණම විසඳේඳ?
පස්කම් සැපෙහි පස් පවෙහි එය වැඩෙමින් තිබෙයි
ගිනිමැලයෙහි තපස්බව දැවෙයි එයද තපස් බවෙකැයි සිතේ
පංචශීලය තනිව මුමුණමින් සරන්නේ කිසිවෙකු තමන්ව නොදුටු බවය.
දෙවගනක් කරලියට බසී. නැවත අලස නෙතින් දෙවැන්නියක් ඉන්පසු තෙවැන්නිය කන්‍යාවක උද්යෝගී ලෙසින් සයනය සරසමින්
ඉනික්බිති බිඳී යයි බ‍්‍රහ්මචර්යාව මෙතෙකුත් රැකගත්



Monday, July 27, 2015

Kise Da Yaar Na Vichre

ආදරය කල යමෙකු වෙන්වීම තරම් අන් දුකක් ලොව තිබේද?
කිසිවෙකුට හෝ ඒ විරහවේ මහා දුක නොදැනේවා

සතුටෙහි හුස්ම පොදක්වත් වෙන්වීමෙන් පසු නොලැබෙන නිසා
වෙන්වීමේ දුකෙන් කිසිවෙකු මියයාමටද හැකිය

වේදනාව හද ගිලගනිද්දී දසඅත ගිලගන්නේ අඳුර විසිනි.
ලෝකයම වෙන්ව ගියදෙන් මට කමක් නැත
අහෝ කිසිවෙකුට හෝ විරහවේ මහා දුක ළගා නොවේවා

රාත‍්‍රිය කෲර සර්පයෙකු මෙන් මා සපා කයි
අනෝරා වැස්සද වියැලී ගිය ලෙසින් දැනෙයි
දෙනෙත කඳුලින් මල්මාලා ගොතයි
ලෝකයම මට සිනහවෙද්දී දෙනෙත බොඳවී යයි
මොන දුකක් ආවත් මට කමක් නැත එහෙත් ආදරය කල පුද්ගලයා හැරයාම දරාගත හැකිද?
අහෝ කිසිවෙකුට හෝ විරහවේ මහා දුක ළගා නොවේවා

කිසිවෙකුගේ ආදරය කල පුද්ගලයා හැර ගියේද ඔහු හෝ ඇය උමතුවෙන් ඉබාගාතේ යනු ඇත

ආදරයේ ආතුර බව විසින් කිසිවෙකු වනවාසයටද යොමු කරනු ඇත
එය එතරම් ප‍්‍රබලය

තමන් ආදරය කරන කෙනා තමාගෙන් වෙන්නොවේවායැයි දහස් වරක් හෝ මතුරන්න
අහෝ කිසිවෙකුට හෝ විරහවේ මහා දුක ළගා නොවේවා


Thursday, May 28, 2015

Payal mein geet hain cham cham ke

මා හදගත් ඉතාම සුන්දර ගීතයකි. ඉඛ්බාල් බනෝ සමගින් මේ පිරිස අපූරු අත්දැකීමක් ලබමින් සිටිති. බලන්න සුන්දරවූ විනාඩි කිහිපයක්.....

නුඹ දහස් වරක් ලාස්‍යයෙන් රගන්නී
එවිට නුඹේ පා බැඳි නූපුරු චම් චම් නදින් ගයන්නේ
ඒ නුඹේ ආදර ගීතයයි

නුඹ පැමිණ සිටින්නේ පෙම්වතා මුණගැසීය
ඉදින් දැන් අද සිට නුඹේ සිහින නුඹට අයිති නැත
අද සිට නුඹ දකින්නේ සිහිනයෙන් ඔහුවමය.

පෙම් කිරීම යනු මේ දිවිය පුරාවටම ඇති රෝගයකි
නුඹට ලෝකයා පිස්සියෙකැයි දැන් කියනු ඇත
නුඹට පෙම්වතා දුන් පොරොන්දු දැන් මතකයට එනු ඇත

මාද කවදාක හෝ කාට හෝ ආදරය කර ඇත
ඒ ආදරයේ නාදයද එදා කිසිවෙකුට හෝ ඇසෙන්නට ඇත
එනමුදු අද මා මේ ගයන්නේ විරහවේ ගීතයයි

Wednesday, May 27, 2015

අකල් මරණ පරාජ මන්ත‍්‍රය Mahamrutyunjay Mantra


ඔ්ම් ත‍්‍ර්‍යම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටිවර්ධනම්
උර්වාරුකමිව බන්ධනාන් මි‍්‍රත්‍යෝර්මුක්ෂීය මා මි‍්‍රතාත්


දැඩි රෝගාතුරවී සිටින්නෙකුට සහනයක් ලබාගන්නටත් අකල් මරණයෙන් මිදෙන්නටත් වසර දහස් ගණනකට පෙර රචිත මන්ත‍්‍රයකි.

අරුත
නමෝ සුගන්ධවත්වූ සුබසෙත් සදන තිනෙත් වන්දනා කරම්
ඉදිණු ඵලයක් නටුවෙන් ගිලිහී යන්නා සේ පහසුවෙන් ගත දවන දරුණු රෝගාධිය මුලිනුපුටා අකල් මරණයෙන් මුදාගනු මැනවි

මෙහි යහපත් ප‍්‍රතිපල සඳහා 108 වතාවක් කිවයුතු බැව්ද සඳහන්ය. මේ සමග ඇති ගායනයේ එය 108 වරක් ගායනා කර ඇත.

Friday, May 15, 2015

Ae Ri Pawan

ලතා මංගේෂ්කාර්ගේ මා බොහෝ ආස කරන ගීතයකි. ආර්ඞී බර්මන්ගේ අපූරු තනුවකි. කලකින් නැවත ඇසුවෙමි. අරුතද ලිවීමි.

හමා යන පවන,
මේ සොයමින් යන්නේ කාවද
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද

වලාවන් සමග නුඹේ කවර හෝ
නෑකමක් තිබෙනවා නොවෙද?
මෝසම් ඍතුව එනවිටම
රගන්නේ, ගයන්නේ, බමන්නේ මෙතරම්ම ඇයි

හොරෙන් හොරෙන් රහසින්
හඬ නොනගා හද දොරින්
නුඹ නික්මෙන්නී
සිහිනයේ පා නූපුර බඳිමින්
එනමුදු පසුකර යනවිට
ඒ නූපුර හඬයි සන සන සන් නදින්
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද

තනිව හමා යන්නී
නුඹය මාගේ එකම මිතුරිය
පවසන්න, කිසිවෙකු නැති ජීවන ගමනේ
තනිවූවෙකුට ජීවිතයක් කියා දෙයක් තිබේද?
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද

Tuesday, May 05, 2015

Margazhi thingal allava

එස් ජානකීගේ සිත් බැඳගත් අපූරු හඬෙහි සුන්දරතම ගායනයක්. ඒ ආර් රහුමාන්ගේ අපූරු නාද සුසංයෝජනය. සංගමම් සිනමා පටයේ ඉතාම උද්වේගකර අවස්ථාවකදී ගැයෙන ගීතයකි. ඝටම් සහ මෘදංගම් ප‍්‍රමුඛ වූ මේ ගීතය ඉතාම සුන්දරය. පේ‍්‍රමයේ හෘදයාංගමබව මොනවාට විදහා පායි.

මේ සීත උඳුවප් මස නොවේද?
මේ පූර්ණ සඳ පෑයූ රාත‍්‍රිය නොවේද?
මේ කෘෂ්ණාගේ පැමිණීමට කාලය නොවේද?
නුඹේ මුහුණ එක වරක් හෝ දුටු පසු
මාගේ පාණය නිරුද්ධ වනු ඇත
ඉදින් පැමිනෙන්න පෙම්වත
අහෝ මාගේ මේ දිවියම සිහිනයක්ද .....

හදවත ගිනිගෙන ඇත
කඳුලද දැවී වියැලී යමින් තිබෙයි
මගේ ආත්මයද දියැවී යන්නේ
අත්ලෙහි තැබූ අයිස් කැටයක් දියවන පරිද්දෙනි
එක වරක් හෝ අප දෙදෙනාට නිදහසේ මුණගැසීමට අවස්ථාවක් නැද්ද
අහෝ කවුරුන් හෝ පවසන්න,
කිසිවෙකු විසින් කලාවට ඇති ආදරය නිසා මගේ ආදරයට ගිනිතබන්නේ නම් එය සාධාරණද?

දිලෙන නෘත්‍යාංජලියේ නුඹේ දුක ඉවත දමන්න
හෙට මංගල මල්දම් පලඳින්නට ඇත
කලාවත් ආදරයත් එකසේ ආදරණීයයි
කලාවේ දෙවගන, සරස්වති දේවියේ ඒ බව අපට පවසන්න
ආදරය නිසා කලාව හෝ කලාව නිසා ආදරය නැසෙන්නේ කෙසේද මට පවසන්න