Monday, October 12, 2015

'Ki Banu Duniya Da'

ගුරුදාස් මාන් විසින්ම ලියා ඇති මේ පන්ජාබි ගීතය සිත් ගන්නේ එහි අරුත නිසාමය. මේ ගීතය ලියවිය යුතුව තිබුනේ ලංකාවේය. නමුත් තියැවෙන්නේ ඉන්දියාවේය.

කෝක් ස්ටුඩියෝ සඳහා පදවැලෙහි වෙනසක් කල ගුරුදාස් මාන් තමන් සමග මේ ගීතය ගයන්නට පන්ජාබි තරුණ සුපිරි තරුවක් වූ දිල්ජීත් දෝසන්ජිවද යොදාගත්තේ තාරුණ්‍යයට ආමන්ත‍්‍රණය කිරීමේ අරමුණින්මය.
අරුත විමසා බලන්න. දෙවනුව ගීතය අසා බලන්න. සුන්දර අත්දැකීමකි. ගීතයෙහි අරුතට කිඳා බැස එය තමන්ට ආරෝපණය කරගෙන ගායනා කරන්නේ කෙලෙසකදැයි කියන්නටත් මේ ගීතය කදිම උදාහරණයකි.

වර්තමානයේ සියලූ පෙම් සබඳතා තාවකාලික ඒවාය
ආදර සබඳකමක සුන්දරත්වය කුඩුපට්ටම් කර දමමින්
ආදරයේ අරුත කුමක්දැයි වටහා නොගනිමින්
සල්ලි තියෙනවනම් හෝටලයක රාත‍්‍රියක් ගත කොට අතැර දමන
ආදරයකි අද ඇත්තේ
අතීත පේ‍්‍රම පුරාණයේ පෙම්වතෙකු පෙම්වතියක් එක් වරක් හෝ දක්නට බොහෝ කාලයක් කැපකොට බලා සිටි කතන්දර එමටය.
එහෙව් ආදරයක් අද පලාතකවත් දක්නට නැත.
අද තාරුණ්‍ය යන්නේ කොයිබටද? අපොයි අපි එය විනාශ කරගනිමින් සිටිමු.
සුන්දර ආකර්ශනීය තාරුණ්‍ය අද යන්නේ වැරදි දිශාවකටය. ඒ දෙසට ගොස් කෙටි කලකින් සියල්ල අසුන්දර කරගනී.
මල් ලියකම් ගෙත්තම් කල අපේ පැරණි ස්ත‍්‍රි ඇඳුම් ආයිත්තම් අද නැතිව ගොසිනි.
එදා තරුණියෝ පැලඳි සුන්දර අබරණ අද කිසිවක් නැත.
අද සියල්ලට වඩා විලිබිය නැතිවී ඇත
පරපුරින් ආ ඒ සුන්දර ඇඳුම් ආයිත්තම් අතැර තනිකර බටහිරට වුවමනා සංකර විලාසිතාවලට ඔවුන් නතුවී ඇත
අපොයි අපේකමට සංස්කෘතියට සදාචාරයට වුණ දේ දන්නේ දෙවියන්ම පමණි.
දෙවියන්ම පමණි.

වතුර කලයක් අරන් ලිඳට ගිය එදා යුවතියගේ ලැසි ගමනෙහි ලාස්‍ය, පා තබනා විට නදදෙන කුඩා නූපුර වැල
අහෝ සුන්දර යුවතියේ ඒ එදා ඔබ අද මේ කවර ලෙසින් සංකර වී තිබේද?
ඔබට සුන්දරවූ අපේ සංස්කෘතිය අමතකව ගොස් නොවෙද?
බටහිර ගැති මානසිකත්වයක් ඇති ඔබ දැන් අඳින්නේ පළඳින්නේ විළිසංගයක් නැති ඇඳුම්ය. එපමණක්ද? ඉංග‍්‍රීසි ගීත පමණක් අසන්නේ ඇයි අපේ ජනගීත ලස්සන නැතිව ගොස්ද?
අපොයි අපේකමට සංස්කෘතියට සදාචාරයට වුණ දේ දන්නේ දෙවියන්ම පමණි.
දෙවියන්ම පමණි.

මේ යන විදියෙන් අපට යහපතක් නම් උදාවන්නේ නැත
අපේ භූමිය පසුකර ගලායන ගංගා පවා එකිනෙකා විමසන්නේ අපට කුමක් සිදුව ඇතිද කියාය

අද අප කිසිවෙකු දුටුවිට අමතන්නේ හෙලෝ හායි කියාය. ඇයි අපට ආවේණික නමස්තේ, සත්ශ‍්‍රියාකාල් වැනි වදන් අමතක වෙලාද?
අපි ඇත්තටම දැන් කලූ සුද්දො වෙලා ඉවරයි නොවෙද?
දැන් කොටින්ම සියලූ තරුණ තරුණියන් ඉංග‍්‍රීසි බස ඉගෙනුමට මිස හින්දි හෝ පන්ජාබි බසට ඇල්මක් ඇත්තේම නැත. ඉංග‍්‍රීසි දැනගත් පසු අපේ බස පහළට ඇද දමයි. ඒවා පහත් භාෂා බව කියයි
ඔවුන් අපේ සංස්කෘතියට සදාචාරයට ශිෂ්ටාචාරයට පමණක් නොව මව්බසටද ගරහයි.
වෙනත් භාෂා ඉගෙනගත්තාට එහි වරදක් නැත. වරද ඇත්තේ ඒ භාෂා උගත් පමණින් අපේ බසට ගැරහීමේය.
වෙනත් සංස්කෘතීන්වලට හුරු වුණාට කමක් නැත. වරද ඇත්තේ අපේ සංස්කෘතියට ගැරහීමේය.

අද මත්ද්‍රව්‍ය අපේ රට අඩපණ කරයි
දුර්වල වෙන කිසිවකින් සමාජයට පලක් නැත.
දේශපාලනය සහ අසීමිත බලය විසින් තාරුණ්‍ය ආලපාලූ කර දමා ඇත
අප ආදරය කරන බොහෝ අය රැුවටීමටත් ගැරහීමටත් ලක්වනු අපට පෙනේ.
හෙට කුමක් සිදුවේද?
සර්ව අශුභවාදයද පමණට වඩා අන්‍යයන්ගෙන් යමක් බලාපොරොත්තුවීමද නරකයැයි අට වැඩිහිටියන් පවසා ඇත
අපොයි අපේකමට සංස්කෘතියට සදාචාරයට වුණ දේ දන්නේ දෙවියන්ම පමණි.
දෙවියන්ම පමණි.



No comments:

Post a Comment