Tuesday, January 11, 2011

Mathurechya Bajari

මුදවාපු කිරි, එළකිරි, වෙඬරු පුරවාලූ කළ
මා කෙසේ විකුණන්නට පොළට ගෙනියන්නද?
මම බියට පත්ව සිටිමි
කෙසේ රහසින් පොළට මේවා රැගෙන යන්නද?

වස්දඬු වයන ක‍්‍රිෂ්ණා යමුනා නදී ඉවුරේ හිඳී
ඔහු මගේ කළ බිඳ දමයි
කෙසේ රහසින් පොළට මේවා රැගෙන යන්නද?

අසන්න ක‍්‍රිෂ්ණා
මගේ හිස් කළය(ඉරණම) බිඳ නොදමන්න අද
නගරයම මට සිනහා වෙයි
ඉන් මා අවනම්බු විඳිමි
මගේ ආත්ම ගෞරවය ගැන අදවත් සිතන්න
මගේ ඉරණම හිස් කළයකි
මම ඔබට පරදිමි

යන මග අවුරා ඔහු සිනහසෙයි
ඔහුගේ වස්දඬු රාවයට මම වසඟ වී සිටිමි
ඔහු ගැන සිතමින් මම මුසපත් වෙමි
ක‍්‍රිෂ්ණ අද දින මා නටවන්න
ආදරයට වෙන්වූ සුන්දරත්වයක් ඇත


Monday, January 10, 2011

Hamein Koi Gham Nahin Tha

කිසිදු දුකක් නැති විය මහට
මේ දුක්බර පේ‍්‍රමය ඇතිවන්නට පෙර
කිසිදු සතුරෙකු නොවීය මහට
නුඹ හා මිතුදමක් ඇතිකරගන්නට පෙර

මෙය මාගේ නරක ඉරණමය
නුඹේ වරදක් කොහිද
නුඹේ වේදනාවෙන් මා මිය ගොස් තිබුණි
මේ දිවිය ලබන්නටත් පෙර

මගේ ආදරය දැවෙමින් තිබෙයි
සඳවත අද දින සැඟව යනු මැන
මටද ආදරය ලැබුණි දිනෙක
නුඹේ සඳ කිරණ ගලායන්නට පෙර

කිසි දිනෙක මා සිනා නොවී සිටින්නට ඉඩ තිබුණි
ලද එකම සතුටට පසු ලද දහසක් දුක්
මින් පෙර ලැබුණා නම්

මේ අපූරු පරීක්ෂණයෙකි මා මුහුණ දුන්
නුඹව අමතක කළයුතු
මෙලෙසින් කෙදින මින් පෙර හමුවුණිද
නොගැලපෙන දෙදෙනෙකු ලෙසින්


පද රචනය- :ෆාඉයස් හෂ්මි
ගායනය- මෙහෙඳි හසන්