Monday, June 27, 2011

Patli Kamar Matka Ke

සප්නා ආවස්ථි ගයන මෙම ගීතයට සංගීතය සැපයූවේ ශන්කර්, එහෙසාන් සහ ලෝයි විසිනි. චිත‍්‍රපටය 1999 තිරගතවූ ෂූල් චිත‍්‍රපටයයි. රංගනය ඉදිරිපත් කරන ලද්දේ ශිල්පා ෂෙට්ටිය.

සිහිනිඟ නළවමින්- අහෝ අහෝ අහෝ අහෝ....
නාග කන්‍යාවක මෙන් ඇදෙමින්- අහෝ අහෝ අහෝ අහෝ....
දෑසින් දෑස වසඟ කරගනිමින්- අහෝ අහෝ අහෝ අහෝ....
ලා කොල පැහැති පර්දාව ඔසවමින්- අහෝ අහෝ අහෝ අහෝ....
හදවත් ඇත්තන්ගේ හදවතෙහි නිනව් සොරාගන්නට
මම උත්තර ප‍්‍රදේශයට ආවේ බිහාරය කොල්ලකන්නටය
ධන නිධානයක් නැත
රන් රිදී ලූ සේප්පුද නැත
සහයට හෙල්ලක් හෝ පොරවක් නැත

මා තවම නවයොවුන් වියේය
එහෙත් මේ රැස්ව සිටින පිරිස නැටවිය හැකිය
මට නිවාඩුවක් ගැන වැටහීමක් නැත
එහෙත් ඔබට හාදු නොදෙමි මම
දෙකනේ තෝඩු රඟදෙවමින්
නලවා පද්දමින් යමින්
හිසෙහි ගෙතූ මල්වැල් පළඳාගෙන
අහා අහා මෙතරම් සුගන්ධවත්ව
යව්වනයේ වසන්තය මුළුමනින්ම සොරාගනිමින්
මම උත්තර ප‍්‍රදේශයට ආවේ බිහාරය කොල්ලකන්නටය

කල්කත්තාව වෙද බොම්බාය වෙද
සැමතැනකම මා සියල්ලන්ගේ දෑසෙහි රැඳී ඇත
පංජාබ වුවත් හරියාණා වුවත් මගෙන් බේරීම අපහසු විය
සැමගේ හදවත් ස්පන්දනය කරමින්
ගිණිපුළිඟු දල්වමින්
මුවෙහි බුලත් විට දමමින්
දෑතෙහි මෙහෙන්දි රටා මවමින්
රහසින් සැමගේ දෑස් සොරා ගනිමින්
මම උත්තර ප‍්‍රදේශයට ආවේ බිහාරය කොල්ලකන්නටය




Shilpa shetty.patli kamar matka ke by mafiafamily8384