ඔබට කොයි තරම් ආදරේදැයි
මම නොදනිමි
එහෙත් ඔබ නැතිව
මට ජීවත්විය නොහැක
වෙන්වීමේ ශෝකය දරාගෙන
මිනිසුන් ජීවත්වන බව අසා ඇත්තෙමි
කොහොම ඒ දුක දරාගන්නවාදැයි
දැන්නම් සිතාගත නොහැක
එක දිනයක් වසරක් ලෙසින් දැනේ
මේ ලෙසින් කොපමණ කල් බලා ඉන්නදැයි නොදනිමි
එහෙත් ඔබ නැතිව
මට ජීවත්විය නොහැක
අන් කිසිවෙකු ඔබ දෙස බලද්දී
මගේ හිත ගින්නෙන් දැවෙයි
එහෙත් ඉන් පසු කෙසේ හෝ
හිතට සැබෑ කරුණු තේරුම් කරවන්නට
මම උත්සාහ ගනිමි
මා කෙතරම් පීඩාවට පත්ව ඇත්දැයි
ඔබ දන්නා එකක්යැ
මගෙ හදවත මෙතරම් දුර්වල වී දැයි
මම නොදනිමි
එහෙත් ඔබ නැතිව
මට ජීවත්විය නොහැක
Monday, June 29, 2009
qurbani qurbani
මම ඔබ වෙනුවෙන් ප්‍රාණය පවා කැප කරමි
මගේ හදවත, මගේ විශ්වාසය
මගේ මිත්‍රත්වය මට මෙසේ පවසයි
මිතුරන් වෙනුවෙන් දිවි වුවත් පුදන්න
දෙවියන් පවා ආදරය කරනුයේ එවැන්නන්ටය
අප ඉදිරිපිට සතුරන්ගේ කඩු දිදුලයි
එහෙත් මා සතුරන්ගේ නරකම සතුරාය
එපමණකුදු නොව
මිතුරන්ගේ හොඳම මිතුරාය
හෙණ පුපුරා ගියදෙන්,
කුණාටු ඇදී ආ දෙන්
අහා මිත්‍රත්වයේ අරුමය
මම ඒ සියල්ලටම මුහුණ දෙමි
මිතුදමක් ලැඛෙන තුරු
මම මේ සතුට අත් නොවිඳීමි
අප සියලූ දෙන එක් වූ විට ලෝකයම සෙලවෙයි
අප දෙදෙනාගේ දෑත් එක් වූ විට
මගේ මිත්‍රත්වය මට මෙසේ පවසයි
මිතුරන් වෙනුවෙන් දිවි වුවත් පුදන්න
මගේ හදවත, මගේ විශ්වාසය
මගේ මිත්‍රත්වය මට මෙසේ පවසයි
මිතුරන් වෙනුවෙන් දිවි වුවත් පුදන්න
දෙවියන් පවා ආදරය කරනුයේ එවැන්නන්ටය
අප ඉදිරිපිට සතුරන්ගේ කඩු දිදුලයි
එහෙත් මා සතුරන්ගේ නරකම සතුරාය
එපමණකුදු නොව
මිතුරන්ගේ හොඳම මිතුරාය
හෙණ පුපුරා ගියදෙන්,
කුණාටු ඇදී ආ දෙන්
අහා මිත්‍රත්වයේ අරුමය
මම ඒ සියල්ලටම මුහුණ දෙමි
මිතුදමක් ලැඛෙන තුරු
මම මේ සතුට අත් නොවිඳීමි
අප සියලූ දෙන එක් වූ විට ලෝකයම සෙලවෙයි
අප දෙදෙනාගේ දෑත් එක් වූ විට
මගේ මිත්‍රත්වය මට මෙසේ පවසයි
මිතුරන් වෙනුවෙන් දිවි වුවත් පුදන්න
aye mohobbat tere anjaam
ආදරය,
නුඹේ වෙන්වීමෙන් මම හැඬුවෙමි
එහෙත් නොදනිමි අද නම්
නුඹේ නම ඇසුණු පමණින් හැඬුවෙමි.
සෑම සැඳෑවක්ම ගෙවී ගියේ බලාපොරොත්තු
නෙතු දරාගෙනය
අද නම් කුමන හෝ හේතුවකින්
සැඳෑ කළ එළඹෙත්ම මට හැඬුම් එයි
විටෙක ඉරණමෙහි සන්තාපයන්
විටෙක ලොවින් ගැරහුම්
ආදරය වෙන්කරන මංසන්ධියට තැබූ සෑම පියවරක්ම
මාව හැඬවීය
මේ කුරිරු ලොවම ඔවුන්ගේ ආදරය ගැන කතා කරන විට අහෝ
බිඳීගිය මගේ ආදරය මා හඬවයි
නුඹේ වෙන්වීමෙන් මම හැඬුවෙමි
එහෙත් නොදනිමි අද නම්
නුඹේ නම ඇසුණු පමණින් හැඬුවෙමි.
සෑම සැඳෑවක්ම ගෙවී ගියේ බලාපොරොත්තු
නෙතු දරාගෙනය
අද නම් කුමන හෝ හේතුවකින්
සැඳෑ කළ එළඹෙත්ම මට හැඬුම් එයි
විටෙක ඉරණමෙහි සන්තාපයන්
විටෙක ලොවින් ගැරහුම්
ආදරය වෙන්කරන මංසන්ධියට තැබූ සෑම පියවරක්ම
මාව හැඬවීය
මේ කුරිරු ලොවම ඔවුන්ගේ ආදරය ගැන කතා කරන විට අහෝ
බිඳීගිය මගේ ආදරය මා හඬවයි
Chahoonga Main Tujhe Saanjh Savere
මම ඔබම ප්‍රිය කළෙමි
සැම විටම
එහෙත් මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
මම සියල්ල දනිමි
නුඹ නුඹේම හදවතට හැමදාම සවන් දෙයි
මිතුර
එහෙත් නැවත මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
මගේ වේදනාව වූයේද නුඹය
මට වූ අස්වැසිල්ලද නුඹම විය
දැක්ම පමණක් නොව මගේ ඇස් දෙක වූයේද නුඹමය
එහෙත් නැවත මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
සැම විටම
එහෙත් මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
මම සියල්ල දනිමි
නුඹ නුඹේම හදවතට හැමදාම සවන් දෙයි
මිතුර
එහෙත් නැවත මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
මගේ වේදනාව වූයේද නුඹය
මට වූ අස්වැසිල්ලද නුඹම විය
දැක්ම පමණක් නොව මගේ ඇස් දෙක වූයේද නුඹමය
එහෙත් නැවත මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
|
rahi manwa
ගමන් සගය දුක දරාගත නොහී කුමට තැවෙනුද
දුක අපේ මිතුරෙක් නොවෙද?
සැප යනු පෙනී නොපෙනී යන මායාවක් නොවෙද?
ඉදින් දුක මිතුරෙක් ලෙසින් සිතනුව
ගමනේ නිමාව තව බොහෝ දුර වුවත්
ඒ මග දහසක් කටු අකුල් වුවත්
අප අතර බැඳීම සවිබල නම්
කුමට කම්පා වන්නද?
නුඹට නුඹේම කිසිවෙකු ඇතැයි පමණක් සිතන්න
දුක පමණක්ම ඇති විටෙක
ගමනෙහි බලාපොරොත්තු පහන් දල්වා ගන්න
මෙතරම් දිගු ගමනක තනිව යෙදෙන විට
නුඹට නුඹේම කිසිවෙකු ඇතැයි පමණක් සිතන්න
ඉතින් කුමට කම්පා වන්නද?
දුක අපේ මිතුරෙක් නොවෙද?
සැප යනු පෙනී නොපෙනී යන මායාවක් නොවෙද?
ඉදින් දුක මිතුරෙක් ලෙසින් සිතනුව
ගමනේ නිමාව තව බොහෝ දුර වුවත්
ඒ මග දහසක් කටු අකුල් වුවත්
අප අතර බැඳීම සවිබල නම්
කුමට කම්පා වන්නද?
නුඹට නුඹේම කිසිවෙකු ඇතැයි පමණක් සිතන්න
දුක පමණක්ම ඇති විටෙක
ගමනෙහි බලාපොරොත්තු පහන් දල්වා ගන්න
මෙතරම් දිගු ගමනක තනිව යෙදෙන විට
නුඹට නුඹේම කිසිවෙකු ඇතැයි පමණක් සිතන්න
ඉතින් කුමට කම්පා වන්නද?
|
gali mein aaj chand nikla
නුඹ ආ විටදි මට දැනුනා
වීදියට සඳ පායා
නොදනි කෙතරම්ද ගතවූ කල්
වීදියට සඳ පායා
දෑසේ අංජන වියැකී ගොස් ඇත
මේඝය ගොරවා වැහි පිට වැහි වැස
අද දෙවියනි දුක පෙනිලා
වීදියට සඳ පායා
අද රෑ මා නිදි යහනෙදි සැතපෙද
හෙට එලිවනතුරු මගෙ නෙතු අවදිව
මහද කම්පිතව නොඉවසිල්ලෙන්
වීදියට සඳ පායා
මා නුඹ එනවා ඈතින් දුටුවා
නැවතත් මගෙ හද මා හැර යනවා
එතෙකින් එහා සිහි නෑ
වීදියට සඳ පායා
වීදියට සඳ පායා
නොදනි කෙතරම්ද ගතවූ කල්
වීදියට සඳ පායා
දෑසේ අංජන වියැකී ගොස් ඇත
මේඝය ගොරවා වැහි පිට වැහි වැස
අද දෙවියනි දුක පෙනිලා
වීදියට සඳ පායා
අද රෑ මා නිදි යහනෙදි සැතපෙද
හෙට එලිවනතුරු මගෙ නෙතු අවදිව
මහද කම්පිතව නොඉවසිල්ලෙන්
වීදියට සඳ පායා
මා නුඹ එනවා ඈතින් දුටුවා
නැවතත් මගෙ හද මා හැර යනවා
එතෙකින් එහා සිහි නෑ
වීදියට සඳ පායා
|
in dinon dil mera
මේ දිනවල මගේ හද මට මෙසේ පවසයි
‘‘දැන්වත් සිහින දකින්න, ජීවිතය අත් විඳින්න.
ඔබටත් අයිතියක් ඇත ආදරය කරන්නට’’
අවපැහැ දිවිය වර්ණවත් කරම්ද
තනිකම උදෙසා කුමක් හෝ කරම්ද
නුඹට මඳක් හෝ වෙලාවක් ලැබුනොත් තමුන්ටම ආදරය කර බලන්න
‘‘ඔබටත් අයිතියක් ඇත ආදරය කරන්නට’’
ලොවට හොරා ඇයවත් ගෙන මා කොහේ හෝ දුරතක යම්ද
ඇගේ දෑසෙහි නුරාව මා අත්විඳින්නෙම්ද
මේ සමාජයෙන් සැඟව මගේ ආසාවන් ඉටුකරගනිම්ද
‘‘ඔබටත් අයිතියක් ඇත ආදරය කරන්නට’’
‘‘දැන්වත් සිහින දකින්න, ජීවිතය අත් විඳින්න.
ඔබටත් අයිතියක් ඇත ආදරය කරන්නට’’
අවපැහැ දිවිය වර්ණවත් කරම්ද
තනිකම උදෙසා කුමක් හෝ කරම්ද
නුඹට මඳක් හෝ වෙලාවක් ලැබුනොත් තමුන්ටම ආදරය කර බලන්න
‘‘ඔබටත් අයිතියක් ඇත ආදරය කරන්නට’’
ලොවට හොරා ඇයවත් ගෙන මා කොහේ හෝ දුරතක යම්ද
ඇගේ දෑසෙහි නුරාව මා අත්විඳින්නෙම්ද
මේ සමාජයෙන් සැඟව මගේ ආසාවන් ඉටුකරගනිම්ද
‘‘ඔබටත් අයිතියක් ඇත ආදරය කරන්නට’’
Subscribe to:
Posts (Atom)