ruhunuyaka relevance

,

Saturday, November 02, 2013

safer main dhoop to hogi

ගමනෙහි ගිනිඅව්වද වෙයි එහි දැවෙන්නට හැකිනම් පමණක් යන්න
සැවොම එක්ව වසද්දී සියල්ලන් අතහරින්නට හැකිනම් පමණක් යන්න

කිසිවෙකුගේ නවාතැනක් නිසා අතරමගදී ඔබේ අරමුණු වෙනස්විය හැකිය
ඒ සෑම තැනකදීම නැවත සත්‍ය තේරුම්ගෙන යා හැකිනම් පමණක් යන්න

මෙහි කිසිවෙකු කිසිවෙකුට යන්නට ඉඩ දෙන්නේ නැත
මාව අතැර දමා ඔබට යා හැකියැයි සිතනවානම් පමණක් යන්න

මේ තමා අප ලද ජීවිතය සිහින සහ බලාපොරොත්තු කිහිපයක් ඇති
ඒ කිහිපයෙන් ඔබට සිත සනසාගෙන යා හැකිනම් පමණක් යන්න