(දුරකතනයෙන්)-
හෙලෝ හින්දුස්ථානයේ දෙහරාදුනයද මේ?
මං මේ රැන්ගුන් නුවර ඉඳන් කතා කරන්නේ
මට මගේ බිරිඳ රේණුකාදේවිට කතා කරන්න ඕනෑ
ඔව් ඔව්
ගීතය
ගැ- මගෙ පෙම්වතා රැන්ගුන් ගොසිනි
එහි සිට දුරකතනයෙන් මා අමතයි
‘‘ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි’’
පි- මම හින්දුස්ථානය අතැර අවුත් බොහෝ විඳවමි
ඔබව මෙහි රැගෙන එන්නට අමතක වුණා නොවැ
මම අද බුරුමයේ වීදියකය
ඔබ දෙහරාදුනයේය
ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි
ගැ- මට දුක නිසා කෑම බීම පවා අමතකව යයි
දුකින් මහත් සේ පීඩාවට පත්ව කාලය ගෙවී යයි
ඔබ හැර පෙම්වත, ජනවාරියද, පෙබරවාරියද, කෙමෙන් මැයි මසද දැන් ජූනිමාසයද ගෙවීයයි.
ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි
පි- ඔබෙන් වෙන්වූ දා සිට මම සන්නාසියෙකු මෙන් බ‍්‍රහ්මචාරීව වසමි
කන්නෙත් ගහකොලකින් වැටෙන දෙයක් තමා
බුරුම ඇඳුම් නිසා ඉන්දියානු ඇඳුම්ද අමතකව ගියේය
ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි