මනුෂ්‍යත්වයේ පතුලටම බැස මොහොතක් අපට නැති එහෙත් අප අවට ඇති උග‍්‍ර දරිද්‍රතාවයත් ඒ නිසාම වූ අසරණභාවයත් පන්තිභේදයත් ගැන සිතන්නට අපේ හිත් බොහෝවිට ඉඩදෙන්නේ නැත.
ලොකු හෝටලයක ආහාරවේලක් ගෙන, ලොකු සවාරියක් යමින් ලබාගන්නා සෙල්ෆියකින් කියන්නේ එය නොවේද?
කමක් නෑ එය මනුස්ස ස්වභාවයයි අපි නැවත සිත හදාගනිමු.
එහෙත් මේ ගීතය අපට එහෙම ලේසියෙන් හිත හදාගන්නට ඉඩ නොදෙයි.
කුමාර් ගාන්ධර්වා මේ ගීතය ගයා එයට ලබාදී ඇත්තේ එසේ මෙසේ වටිනාකමක් නම් නොවේ. එහි සංකීර්ණ අරුත හැකි ලෙසින් මෙලෙසින් ලඝුකොට දක්වමි.
ප‍්‍රණාම වේවා අම්මේ තාත්තේ
දෙවියනි, මම ඔබට අම්මේ කියාද තාත්තේ කියාද අමතමි
ඒ මට සිටිනා දෙදෙනාම ඔබම පමණක් වන නිසා
අන් රැකවරණයක් නැති නිසා
මම කුලහීන දිලින්දෙකු වෙමි,
ඔබගේ ක්ෂුද්‍රයන්ගෙනුත් පීඩා ලබන්නට ඉපදුනු
මම ආදරය, රැකවරණය, මනුසත්බව ආදිය නැතිව
දැඩිසේ හිස් කුසින් ඔබ අසළට පැමිණ සිටිමි
ඔබ කා බී ඉතිරි දෙයක්වත් ලබාගන්නට
මම එද්දී කූඩයක් රැගෙන ආවෙමි
ඔබ ඉවත දමන රොඞ්ඩක් හෝ ඇහිඳ එකතුකරගෙන යන්නට
No comments:
Post a Comment