Monday, July 20, 2009

koi paas aya

ජග්ජීත් සිංග් විසින් ගයනු ලබන මෙම ගසල් ගායනය විරල මෙන්ම ඉහළ ශාස්ත්‍රීය ගුණාංග පිරි නිර්මාණයකි. භාරතීය මීවිත ගීපොත ගැහැණිය සම්ප්‍රදායේ පද රචනයක් වන මෙම ගසල් ගායනයේ සංගීතමය වැදගත්කම ඉහළ තැනකට එසවෙන්නේ මේ සඳහා ලලිත් රාගය අපූරුවට යොදාගැනීම නිසාය. ගායනයේදී ගායකයා විසින් රාගයේ ගුණාංග විනාශ නොකොට ගැයීමට අපූරුවට සමත්වී ඇති අතරම අවම සංගීත භාණ්ඩ ප්‍රමාණයක් යොදා ගනිමින් රාගයේ තීව්රභාවය කටහඩින් මතු කිරීමට වෙර දරා ඇත. ලංකාවේ සංගීතය ප්‍රගුණ කරන සිසුන්ටද ගසල් ගීතලෝලීන්ටද මෙය මහත් වටිනා ගීතයකි.


කිසිවෙකු මා අසලට අළුයම් යාමයේ පැමිණීයේය
අවුත් මා දෙස විමසුම් නෙතින් පිරික්සුවේය

මා වත්තන් කරනට උත්සාහ දරමින්
මොනවදෝ මහට පැවසීය අළුයම් යාමයේ

පෙරදින රාත්‍රියේ සිහියෙන් සිටින්නයැයි කීවේ යම් තැනකද
එතැන්හිම පය පැටලි පැටලී සිටියෙමි අළුයම් යාමයේ


මුළු රැයම මම මගේ අවන්හලේ ගතකලෙමි
දෙවියනි නුඹගේ සිහිය මසිතට ආවේ අළුයම් යාමයේය




Punjabi-Mobile.Com - -


Found at bee mp3 search engine

No comments:

Post a Comment