මගේ නිවසින් මඳක් දුරින් ඇගේ නිවස පිහිටා ඇත
ඊයේ උදයේ මා ඇය දකින විට
ජනේලයෙන් එබී හිස පීරමින් හුන්නාය
බිමට යොමුවූ අවිහිංසක දෙනෙත
අහිංසක ඇය සරළ ගතිපැවතුම් ඇත්තියකි
ඇය දෙවඟනක්ද නොව කිඳුරියක්ද නොව
නමුත් මේ ඇගේ මායාකාරී බවය
ඇය ලජ්ජාවෙන් අන් අය දෙස බැලූවත්
ඇයට අන් අය උමතු කළ හැකිය
අන් අයගේ දිවිය වර්ණවත් කළ හැකිය
මම ඇගේ නිවස අසළින් එහා මෙහා ඇවිදිමි
මෙය දැන මගේ මිතුරෝ පවා මට සිනහ වෙති
ඇගේ නාමෙන් මම ඇත්ත කියමි
මට එය සතුටකි එහෙත් එක දුකක් ඇත
මා ඇයට ආදරය කරමි ඇය වෙනුවෙන් මිය යමි
එහෙත් ඇය මේ කිසිවක් දන්නේ නැත
පුදුම මායාකාරී කෙල්ලක්
ඇගේ යෙහෙළියක් මට ඊයේ මුණ ගැසුණි
මම ඇගේ යෙහෙළියට පැවසීමි
ගිහින් පවසන ලෙස ඇයට
මෙතරම් දුරස්ව හිඳීම හොඳ නැතැයි කියා
හෙට හවසට එළියට එන්නේ නම්
මා සමග කතා කරන්නට කැමති නම්
මඳක් නවතන්න කියා
No comments:
Post a Comment