Saturday, January 30, 2010

kuchh to log kahenge

විවාහයෙන් පසු දරුවන් ලැබීමේ අපොහොසත්කම හේතුවෙන් දික්කසාද වන ගැහැණියක් ඉන්පසු නගරයේ අබිසරුලියන් වසන වීදියක ගීගයමින් රඟමින් ජීවිකාව ගෙනයයි. මෙම වෘත්තීය ඉන්දියාවේ වෛශ්‍යා වෘත්තියක් ලෙසින් හැඳන්වූයේ නැතිවුවද සමාජය පිළිගත් වෘත්තියක් ලෙසින්ද සලකනු නොලබත්.


ඉන්පසු ඇයට හමුවන තවත් පුදග්ලයෙකු ඇයට ආදරය කරන්නට පටන් ගනියි. චිත‍්‍රපටයේ මෙම ගීතයේ අවස්ථාව එය ලෙසින් සලකා අරුත රස විඳිය හැකිය.


ඉතාම මිහිරි ගීතයකි. මෙම ගීතය කිශෝර් කුමාර් ගයනු ලබන අතර මෑතකදී රොන්කිනී නම් ආධුනික ගායිකාවක් ගීත තරඟයකදී අතිශය මිහිරි ලෙසින් ගායනා කොට නැවතත් රසිකයන්ගේ මතකය අවදි කළාය.


ලෝකයා මොනවා හෝ කියයි
ඔවුන්ගේ වැඬේ ඉතින් මොනවා හෝ කියවන එකය
ඒ සුනරුත් දේවල් අතැර දමන්න
නැතිනම් රැය නිකරුණේ ගෙවී යයි


ලෝකයේ සම්මතයන් ඇත
සෑම උදෑසනකටම පසු සැඳෑවක් එන බවද පැවසෙයි
සීතාවගේ නමද කිළිටි වූයේ මෙම සිදුවීමෙන් නම්
ඔබ කවුද ඔබගේ නම කුමක්ද යන්න වැදගත් වෙද
මේ සුනරුත් දේවල් ගැන සිතමින් ඔබේ දෑස කඳුලින් තෙමාගන්නේ ඇයි


ලෝකයා මොනවා හෝ කියයි
ඔවුන්ගේ වැඬේ ඉතින් මොනවා හෝ කියවන එකය
ඒ සුනරුත් දේවල් අතැර දමන්න
නැතිනම් රැය නිකරුණේ ගෙවී යයි


සම්මතයෙන්ද, චෝදනාවන්ගෙන්ද අප රිදවූ අයගෙන් සැඟවී
මේ වීදියට ආවද ඔවුන් මෙහිද සිටින බව සත්‍යයකි. ඒ බව මම දනිමි
පවසන්න එය ඔබත් දන්නවා නොවෙද?

ලෝකයා මොනවා හෝ කියයි
ඔවුන්ගේ වැඬේ ඉතින් මොනවා හෝ කියවන එකය
ඒ සුනරුත් දේවල් අතැර දමන්න
නැතිනම් රැය නිකරුණේ ගෙවී යයි

1 comment:

  1. හරිම ශෝකී ගීයක් නේද... ඔබේ පරිවර්තනය ඊට එහා... සබඳ ඔබට දීර්ඝායු වේවා

    ReplyDelete