Sunday, January 16, 2011

Jab kisi se koyi gila rakhna

කිසිවෙකුට චෝදනා කරන්නට වුවමනා නම්
ඔබ ඉදිරියෙහි ඊට පෙර කැඩපතක් තබාගන්න

පහන් එළියෙන් වසන තැන එළිය කරනු රිසි නම්
පහනටද දැල්වෙන්නට වාතය වුවමනා බව දැනගන්න

නිවහන කැමති ලෙසකින් ඉදි කරගන්න
නමුදු හඬන්නට තැනක් සඳහාද එහි ඉඩක් තබන්න

දෙවොල් ඉදිවන්නේ දෙවියන් යදින්නටය
නිවසේද දෙවියන්ට කොතැන හෝ ඉඩක් තබන්න

මුණගැසෙන්නට වුවමනාවක් තිබේ නම් ඉදින්
ඒ වෙනුවෙන් ධෛර්යද ඇතිකරගන්න

ගායනය- ජග්ජීත් සිංග්


No comments:

Post a Comment