Tuesday, February 15, 2011

Sanwariya Dekh Zara

නගරයේ ජාතිවාදී අරගලයකදී මියගිය ඨුම්රි ගායිකාවකගේ ජීවිත කතාව විවරණයට ලක්කෙරෙන මෙම සිනමාපටයට මුල්ව ඇත්තේ සත්‍ය සිදුවීමකි. මැද මාවතේ සහ සම්භාව්‍ය සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන ශ්‍යාම් බෙන්ගෝල් විසින් අධ්‍යක්ෂණය කරන ලද සුන්දර සිනමාපටයකි. 

වසර 1996-1997 දී තිරගතවුණු මෙවැනි සිනමාපට ලංකාවේ රසිකයන්ට දකින්නට ලැබෙන්නේ නැත. එයට හේතුව ලංකාවේ රසිකත්වය වාණිජ සිනමාවේ සුප‍්‍රකට තරු හා බැඳී තිබීම විය හැකිය. මාධ්‍යද මේ සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතුය. මෙවැනි සිනමා පටයකින් අපට අන් සැම රසයක්ම විඳිය හැකි සේම අතිශය සාර්ථක සංගීත රචනාද රස විඳිය හැකි වන්නේය. 

මෙම සිනමාපටයේ සියළුම ගීත මා අතිශය ඇලූම් කරන බැවින් මින් ගීතයක් පරිවර්ථනය කිරීමට සිතුවෙමි.
ඨුම්රි යනු සරළ ශාස්ත‍්‍රීය ගායන ශෛලියකි. රාගයක පිරිසිඳු බව නොරකින්නාවූද ඉතාම විචිත‍්‍ර අලංකාර සහිතවූද මෙම ගායන ශෛලියේ පදාර්ථයටද වැදගත් ස්ථානයක් හිමිව ඇත. සාමාන්‍යයෙන් ඛමාජ්, පීලූ වැනි තෝරාගත් රාග කිහිපයක් වැඩි වශයෙන් භාවිතා වන්නාවූද මාත‍්‍රා 3,4 ට යන දීප් චන්දි වැනි තාල බොහෝ විට ඇසුරු කරන්නාවූද බොහෝ විට විරහව, ශෘංගාරය සමගින් බැඳී ඇති මෙම ගායනා නර්ථනය සමගින් ඉදිරිපත් කිරීම අතීතයේ පාරම්පරිකවත් වර්ථමානයේ විෂයයක් හැටියටත් වර්ධනය වෙමින් පවත්වාගෙන යයි.



පෙම්වත මදෙස මඳකට බලන්න
හදවත් සොරාණෙනි, මෙලෙසින් මගේ බැල්ම සොරකම් නොකරන්න


මම කූඩුවක සිරකළ ගීගයන කිරිල්ලියක් වෙමි
නුඹ නම් නිදහසේ වනයේ සරණ මොණරෙකි
පෙම්වත මදෙස මඳකට බලන්න


නුඹ කවර රැහැණකින් මා ඇද බැඳ තිබේද
එය කිසි දිනෙක කැඞී නොයයි
පෙම්වත මදෙස මඳකට බලන්න


සිනමාපටය- සර්දාරි බෙගම්
ගායනය- ශෝභා ජෝශි
සංගීතය- වන්රාජ් භාතිය
පදරචනය- ජාවෙඞ් අඛ්තර්

No comments:

Post a Comment