Tuesday, July 12, 2011

Munni Badnam Hui Darling Tere Liye

පසුගිය වසර පුරා වැඩිම ජනප‍්‍රියත්වයක් ලද අයිටම් ගර්ල් ගීතය මුන්නී බදනාම් හුඊ ගීතයයි. දබංග් සිනමා පටයට ගැයූ මෙම ගීතය සඳහා පෙනී සිටියේ මලයිකා අරෝරා ඛාන්  සහ සල්මාන් ඛාන්ය. ඔවුන්ගේම පවුලේ නිශ්පාදනයක්වූ මෙය ආදායම් වාර්තා තබන ලද සිනමා පටයකි.

මුන්නිගේ නම කැතවිය
ඩාලිං ඔබ නිසා
මුන්නිට ඇත්තේ මත්වූ දෑසකි, රෝස පැහැති දෙකොපුල්ය, සිත් බඳනා ගමනෙකි
මුන්නි ඣන්ඩු බාම් එක මෙන්ය දැන් ඩාලිං ඔබ නිසා

මගේ හැඩ ශිල්පා ෂෙට්ටිගේ වගේය
ඉරියව් කරීනා කපූර්ගේ වගේය
මා රඟන විට සිනමා පටයක් වැනිය
ඔබට නොවැටහේ මගේ ආශාවන්
මගේ ආශාවන් සන්තර්පණයට ලක්ෂ ගණන් වැය කොට ඇත
ඔබ නිසා මා සිත පිනවන ඔසුවක් වී ඇත
ඔබ නිසා සිනෙමා හළක් බවට පත්ව සිටිමි
මුන්නිගේ නම කැතවිය
ඩාලිං ඔබ නිසා

( ඕහ් මුන්නී ඔබ ගැන සෑම වීදියකම  ඕපාදූප ගොඩ ගැසෙයි, සෑම තැනකම ඔබට ලිවූ පෙම්පත් පිරී ඇත)

මොන මෝඩයෙක් එක්කද අද මට ගණුදෙනු කරන්නට සිදුව ඇත්තේ
සල්ලි සතයක්වත් නැතිවත් ඔහු මා පසුපස එයි
මේ මෝඩයා නොදනී සයිෆ් අලි ඛාන් පවා මා පසුපස එයි
අමිතාබ් බච්චන්ද මා පසුපසින් එයි
ඔබ නිසා මා මේ කරුණෙදී ප‍්‍රසිද්ධ වී සිටිමි
මුන්නිගේ නම කැතවිය
ඩාලිං ඔබ නිසා

ඔබ මදිරා පිරි බෝලතයකි
ඔබ මහල්ලන්වද තිරිහන් කරන්නියකි
ඔබගේ දෑසට වසඟ වෙයි
වදනට සිත් නැවෙයි
ඔබ නම් පරමාණුක බෝම්බයකි

මුන්නිගේ නම කැතවිය
ඩාලිං ඔබ නිසා

No comments:

Post a Comment