Saturday, October 18, 2014

Aansoo Bhi Hain Khushiyaan Bhi Hain

රවීන්ද්‍ර ජෛන් උපතින්ම අන්ධ පුද්ගලයෙකු විය. හේ බොලිවුඞ් සංගීතයට පිවිසුනේ අපූරු ගීත රැුසක්ම නිර්මාණය කරමිනි. මා ඉතා ප‍්‍රිය කරන ගොරි තෙරා ආදි ගීත රැසකම සංගීතවේදියා ඔහුය. විශේෂත්වය ඔහුගේ ගීත බොහොමයක ගේයපදරචකයාද ඔහුම වීමය. අනෙක් කාරණය ඔහුගේ ගීත රැසකම සොබා සෞන්දර්යය වර්ණනා කර සංගීතවත්කොට ඇත්තේ සැබවින්ම ඔහු මේ සොබාදහම දුටු පුද්ගලයෙකු ලෙසිනි. මේ ඔහු විසින් ලියා සංගීතවත් කල ගීතයකි. අරුත්බර පදවැලකි. සාමාන්‍යයෙන් පේ‍්‍රමය ගැනම ලියැවෙන ගීත අතරින් වෙනස්වූවකි.

කඳුලූද වේ සතුටද වේ
කටුද මල්ද වේ
දුකින් සහ සතුටින් පිරී ඇති දෙයකි මේ ජීවිතය
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න

තමන්ට ලැබුනේ කොපමණ දැයි නොසිතන්න
ලැබුනේ ලැබියයුතු උපරිමයයැයි සිතන්න
කරුමෙ කරුමෙ කියමින් නොසිට මහන්සිවී වැඩ කරන්න
අඬන්නත් සිදුවනු ඇත සිනහවන්නත් සිදුවනු ඇත
ලැබෙනවා මෙන්ම නොලැබී දරාගන්නටද සිදුවනවා ඇත
ඔය කියනා තරම් ජීවිතය නරක දෙයක් නොවේ
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න

මිනිස්සු සඳටත් බනිති ඒ ඔවුන්ට පෙනෙන ආකාරයටයි
කෙනෙකුගේ අවගුණයම නොදකින්න ගුණයත් පොඞ්ඩක් සොයන්න
සැහැල්ලූවද වේ බරපතලකමද වේ
මිහිරිබවද තිත්තවූ දේ ද ඇත
තබනා හැම පියවරකම ජීවිතය රසවත් නොවේ
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න

No comments:

Post a Comment