ආදරය,
නුඹේ වෙන්වීමෙන් මම හැඬුවෙමි
එහෙත් නොදනිමි අද නම්
නුඹේ නම ඇසුණු පමණින් හැඬුවෙමි.
සෑම සැඳෑවක්ම ගෙවී ගියේ බලාපොරොත්තු
නෙතු දරාගෙනය
අද නම් කුමන හෝ හේතුවකින්
සැඳෑ කළ එළඹෙත්ම මට හැඬුම් එයි
විටෙක ඉරණමෙහි සන්තාපයන්
විටෙක ලොවින් ගැරහුම්
ආදරය වෙන්කරන මංසන්ධියට තැබූ සෑම පියවරක්ම
මාව හැඬවීය
මේ කුරිරු ලොවම ඔවුන්ගේ ආදරය ගැන කතා කරන විට අහෝ
බිඳීගිය මගේ ආදරය මා හඬවයි
Very Nice Ghazal. I wonder why our Young crowd scattering around the silly music other than listening to such rich music of the world..
ReplyDeleteshame and sad!
Dilantha.
අති විශිෂ්ඨ නිර්මාණයකි.
ReplyDelete