Friday, August 07, 2009

Aap Ki Yaad Aati Rahi Raat Bhar

ඡායා ගංගුලි නමැති ගායිකාව ගයනු ලබන මෙම ගීතයේ සුන්දරත්වය වන්නේ ඇය ගීතයෙන් වැඩි කොටසක් සංගීත භාණ්ඩ අවමයෙන් ගායනා කිරීමයි. ගීතයේ අවසාන කොටසෙහි පමණක් සංගීතය කෙමෙන් එක්වීම සිදුවෙයි. මෙමගින් සංගීත රචකයා ගීතයේ අන්තර්ගතව ඇති දුක්බර ස්වරූපය තීව්ර කිරීමට උත්සාහ දරා ඇති බව පෙනේ. ඉතාම මිහිරි ගීතයකි.

ඔබ ගැන මතකයට නැගෙයි රැය පුරා
කඳුලින් පිරි දෑස සමගින් මදහස පාමින් හිඳිමි රැය පුරා

වේදනාවේ පහන දැල්වෙයි
දුක්බර පහන් දැල්ල සුළෙඟහි කම්පිතව සැලෙයි
රැය පුරා

වස්දඬුවක සුමිහිරි නද සුළෙඟහි එතී
මතකය අවදිකරමින් ගලා එයි
රැය පුරා

මතකයේ සඳ පහන හදවතින් නැගී එයි
සඳමඬල දිදුලමින් පවතී
රැය පුරා

ආදරයෙන් උමතුවූ කිසිවෙක් වීදියේ එහා මෙහා යත්
කාගෙදෝ හඬක් ඇසෙයි
රැය පුරා

ගායනය- ඡායා ගංගුලි
පද රචනය- මඛ්දූම් මොහිඋද්දින්
සංගීතය- ජයදේව්
චිත්‍රපටය- ගමන්


No comments:

Post a Comment