Sunday, August 02, 2009

Konpalein Phir Phoot Aayeen

ගසල් ගායනා සඳහා බොහෝ විට යොදා ගන්නා පැරණි පැදි පෙළින් ගායකයන් තෝරාගන්නේ කිහිපයක් පමණි. එක් ගීතයක් සඳහා තෝරාගත් දෙවන තෙවන පැදි අතැර එම පද්‍ය පන්තියේම වෙනත් පැදි අන්තරා ලෙසින් තෝරාගැනීම තවත් ගායකයෙකු අතින් සාමාන්‍යයෙන් සිදුවන්නකි. මින් අරුත සඳහා අල්ප වශයෙන් බලපෑමක් ඇති වන නමුදු සමස්ත ගීතයම සලකන විට ගීතයක සුන්දරත්වය සඳහා එය බලපා නැති බව පැහැදිලි වේ.

මා ඉදිරිපත් කරන මේ උර්දු පැදි පෙළ මුළුමනින්ම පරිවර්තනය කරනු ලබන අතර ඔබට විවිධ අවස්ථාවලදී අසන්නට ලැඛෙන විවිධ ගායකයන් ගැයූ ගී වලදී කොටස් අතැර ඇසෙනු සාමන්‍ය දෙයක් බව සැලකිය යුතුය.

පද්‍ය රචනය- ෆර්හාද් ශෙහෙසාද්

අළුත පිපුණු මල් පොහොට්ටුද
කිනිත්තෙන් ගිලිහී වැටෙයි
ඇයට එය වැටහෙන්නේ නැත
වටහාගන්නේද නැත
නමුත් ඇයට පවසන්න

කාළයේ කුණාටුව බොරුවක් මවා පා
අවට ඇති සියල්ල ගසාගෙන ගියේය
කිසිවෙකුද කිසිවක්ද නැතිවම දිවි මගේ
මා තනිවූ බව ඇයට පවසන්න

මා තනිව අතැර යන්නේ කා වෙනුවෙන්ද
රිදී කාසි වලින් සිතට සැනසුමක් ලඟානොවන බව
ඇයට පවසන්න

බිෙඳන් බිඳ මගෙ හදින් රුධිරය ගලා හැලෙයි
එහෙත් දෙතොලින් ලොවට මදහසම පාමින් හිඳිමි
මාව එතරම් අසරණ කලා ඈ
ඒ බවත් ඇයට පවසන්න

මෙවැනි වේදනාවක් මට හිමිකල ඇය හා
සිනහ සී මේ සියල්ල පවසන්න


Get this widget | Track details | eSnips Social DNA

No comments:

Post a Comment