Thursday, September 10, 2009

Inhi logon ne

මේ මිනිසුන්
අහෝ මේ මිනිසුන්
උදුරා රැගෙන ගියා දුපට්ටාව (හිසෙහිලා හුන් සළුපට) මගේ

මා කියන දෙය පිලිගන්නේ නැත්නම් වීදියේ රෙදි වෙලෙන්දාගෙන් අසන්න
එක රන්කාසියක් දී මා ඔහුගෙන් දුපට්ටාවට රෙදි යාරයක් මිළට ගතිමි.
ඒ දුපට්ටාව මොවුන් මගෙන් උදුරා රැගෙන ගියහ.

මා කියන දෙය පිළිගන්නේ නැතිනම් රෙදි අපුල්ලන්නාගෙන් අසන්න
මා ඔහුට දුපට්ටාව දී රෝසමලක පැහැයෙන් වර්ණගන්වාගතිමි.
ඒ දුපට්ටාව මොවුන් මගෙන් උදුරා රැගෙන ගියහ.


මා කියන දෙය පිළිගන්නේ නැතිනම් වීදියේ රාළහාමිලාගෙන් අසන්න
මගේ දුපට්ටාව වීදියේදී ඉරී ගියේ ඔවුන්ගේ අතින්ය.
ඒ දුපට්ටාව මොවුන් මගෙන් උදුරා රැගෙන ගියහ.

No comments:

Post a Comment