මගෙ සුසුම වැනි වූ මගෙ හඬද වැනිවූ මගේ ප්‍රිය මිතුර
නුඹ මා සමග මිතුරුව මා රවටන්න එපා
වේදනාකාරී ආදරයෙන් මම මියගොස් සිටිමි
එවන් මට ජීවත්වීමට ආශිර්වාද නොකරන්න
මගෙ කිළිටිවූ හදවතින් මා එළිය ලබමි.
ඒ එළියෙන් දිවිගෙවමි
අහෝ වෙදැදුරනි මම බියට පත්ව හිඳිමි
ඔබ හෝ මගේ ඒ හදෙහි ආලෝකය නිවා නොදමන්න
මගේ රෝගී තත්ත්වය ගැන දැන් අතහැර දමන්න
ඔබට කවර විශ්වාසයක් ඇද්ද වෙදැදුරනි
මේ ඔබේ සුළු කරුණාවෙන්
මගේ වේදනාව වැඩි නොකරන්න
මගේ තීරණය වෙනස් නොකරමි
අන් අය මා කෙරෙහි වේදනාවටද බිය නොවෙමි
ගින්නෙන් දැවෙන මහද පුෂ්පයට බියවෙමි
ඉන් කොතැනකවත් මල් උයනක් දවන්නට ඉඩ නොදෙන්න
ඔහු දේව ප්‍රසාද බධුන ගෙන නැගිටියි
අහෝ ශකීල් ඔබ කොහිද
මා හැර ඔබ අන් කිසිවෙකුට
දෑත දිගු කරන්නේද?
No comments:
Post a Comment