Friday, October 16, 2009

fasle gul hei

මේ මලින් බර වසන්තයයි ඉදින් මධුපැන් පානය කරන්න

මේ මලින් බර වසන්තයයි
ඉදින් මධුපැන් පානය කරන්න
කිසි දෙයකට වද නොවන්න
ඉදින් මධුපැන් පානය කරන්න

මත්වූ සබඳ අහසෙහි වලා ගැටෙන අයුරු බලන්න
ඒ ඔබේ වේදනාව ඔබට පෙනෙන අයුරුයි
ඉදින් මධුපැන් පානය කරන්න
ඒ ගැටෙන වැහි වලා පැමිනෙන්නේ
ශුද්ධවූ මක්කමෙහි සිටය
ඉදින් දැන් මධුපැන් පානය කරන්න

අහෝ මතින් තොරව දිවිගෙවන්නනි
අදවත් මඳක් මත්පැන් පානය කොට බලන්න
ඝන අඳුර බැවින් කිසිවෙකුටත් නොපෙනේ
ඉදින් මධුපැන් පානය කරන්න

මේ වසන්තයේ දවස්ය
ඉදින් සිනහවී කල් ගෙවන්න
මල්වලට පිපෙන්නට ඉඩ දෙන්න
මේ වසන්තයේ දවස්ය
මධුපැන් නැත්නම් වේදනාවේ කඳුලූ හෝ පානය කරන්න
මේ වසන්තයේ දවස්ය
ඉදින් මධුපැන් පානය කරන්න

පෑරුණු හදවත දැන් සනීප කරගන්න
මත්ව මඳ මොහොතක් හෝ ගත කර බලන්න
තවමත් ඉවසමින් කල් බලන්නේ ඇයිද මතින් වැලකුණු සබඳ
අවන්හලෙහි ඇති වරප‍්‍රසාදයකි මෙය
ඉදින් මධුපැන් පානය කරන්න

ඉදිරියෙදි සෑම දෙයක් ගැනම මැන ගැන දිවි ගෙවන්නට සිදුවේ
දැන් කුමට මනින්නද ගනින්නද
ඇති තරම් ඉදින් මධුපැන් පානය කරන්න

කිසිවෙකු රහසින් මධුපැන් පානය කරත්නම්
හේ වංචාකාරයෙකි
කිසිවක් නොසිතා
ඉදින් මධුපැන් පානය කරන්න

හදවත වීදුරුවයි මධුපැන් විශ්වාසයයි
අනේ මහත්මයා දැන්වත් මධුපැන් පානය කරන්න
ඉදින් මධුපැන් පානය කරන්න
දිව්‍යමය මත්බව අත්විඳින්න නම්
සුරයන්ගේ පානය මෙයයි
ඉදින් මධුපැන් පානය කරන්න

මිතුර අහෝ මොනවට කරදර වන්නේද
කුමක්ද ඇති ගැටළුව
ඉදින් මධුපැන් පානය කරන්න


2 comments:

  1. Anonymous8:54 PM

    එල!

    ReplyDelete
  2. මේ සිංදුව ලස්සනයි

    ReplyDelete