Friday, October 16, 2009

piya re piya re

සුපෙම්වත, සුපෙම්වත
ඔබ නැති විට මගෙ සිතට නිනව්වක් නැත
ඔබේ දෑස කෙතරම් මායාකාරීද

ඔබ නැතිව කිසිදු අස්වැසිල්ලක් නැත
හදවත ඩග් ඩග් හඬින් ගැහෙයි
වස්දඬුවද ගයයි අසන්න සුපෙම්වත
ඔබ නැතිව මට කිසි දෙයකට පිරියක් නැත
සුපෙම්වත, සුපෙම්වත
ඔබ නැති විට මගෙ සිතට නිනව්වක් නැත


මා බොහෝ කලක සිට ආදරයේ පූදින නැවුම් කුසුම
රැක තබාගෙන සිටිමි
දැන් නම් මග නෙතු දල්වාගෙන හිඳ මම හෙම්බත්වී සිටිමි
ගතවන සෑම උදයෙත් සවස් කාලයෙත්
ඔබේ මුහුණ දකින්නට මගේ දෙනෙත මග බලා හිඳී
සුපෙම්වත, සුපෙම්වත
ඔබ නැති විට මගෙ සිතට නිනව්වක් නැත

No comments:

Post a Comment