Tuesday, November 13, 2012

Nazar mujhse milati ho

මා දෙස බලන නුඹ දෙස
මා බැලූවහොත්
ලජ්ජාවෙන් බිම බලාගනී
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.

මුවින් කිසිවක් නොපවසන්නී
දෙනෙතින් බොහෝ දේ කතා කරන්නීය
බොහෝ දේ නොකියන්නට වෙර දැරුවත්
ඉඟිබිඟියෙන් ඒ සියල්ල කියැවෙයි
බිම බලාගෙන ඇඟිල්ලක් මුවෙහි රුවාගෙන කල්පනාවක ගැලෙන්නීය
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.

සඟවාගැනීමට තැත් කිරීමෙන් මා සුන්දරියේ
කා වෙනුවෙන් හෝ ඇති ආදරයක් නොවෙද සැඟව යන්නේ
එහෙත් නුඹ නොදන්නේද මේ කස්තූරි මෙන් වූ ආදරයකි.
සඟවා තැබුවත් සැමදා දසත සුවඳ විහිදුවයි.
ඔබ සියල්ලදනී. එසේ දැනගෙනද මා පීඩාවට පත්කරයි
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.

නුඹ මට දක්වන ආදරයට කදිම සාධකය අන් කිසිවක් නොව
මාගේ නම ඇසුණු මොහොතේදී නුඹේ මුහුණ ලජ්ජාවෙන් රතුවී යාමයි
ඉතින් තවද මේ සංගීතවත් හදවත පුරා නුඹ ගයනුයේ මා ගැනම ගී නොවෙද
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.

නුඹේ නිවසට මා ආවහොත් වහා මට නොපෙනෙන්නට මුවාවී සැඟව යන්නීය
දක්නට රිසිවූ විට සැඟවී බියෙන් සැලෙන්නීය
එහෙත් මා දනිමි ඉන්පසු නුඹ පැලැල්ල අතරින් අන් අයට හොරා මා දෙස එබී ඉඟිබිඟි පාන්නීය
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.

No comments:

Post a Comment