Sunday, December 16, 2012

ummeed ab kahi nahi of firaaq

ඉන්දියාවේ නොනවතින ජාතිවාදී අරගලයේ කතාවක් ලෙසින් දිගහැරෙන ෆිරාඛ් චිත‍්‍රපටයේ ඇති ගීතයකි.
 සිනමාපටය නම් පක්ෂග‍්‍රාහී අයුරින් නිමවා තිබුණු අතර මේ ගීතය සඳහා විශිෂ්ඨ සංගීතයත් රේඛා භාරද්වාජ්ගේ හඬත් මුසුව තිබීම විශේෂය.



සිතුවත් පැතුවත්
කිසිදු නිවසක දොරක් විවර නොවෙයි
දැල්වී නිවී ගිය පසු
පහනද නිහඬය

හුස්ම ඇදගෙන සතර අතටම ඇවිද ගියද
දැකිය හැක්කේ මරණයයි
ඇවිදින මුත් ඔහේ
ලයෙහි පණනල නැති ලෙසකි

නගරයේ සෑම දෙයක්ම
දැවෙමින් තිබෙනමුත්
අඳුරම වැඩිවෙයි
කිසිදු ආලෝකයක් දැකිය නොහැකිය

No comments:

Post a Comment