Tuesday, August 11, 2009

Door Hai Kinara

එහා ඉවුර බොහෝ දුරය
ගෙඟ් ජලයද ගැඹුරුය
පදින්න
තොටිය, නුඹේ ඔරුවද කැඩී ගොසිනි
පදින්න එහා ඉවුර තෙක්

ගංගාව මැදදී
විටෙක සැඩසුළං, විටෙක කුණාටු
අසන්න තොටිය
යමෙකු දිනන්නේ නම්
ඒ හේ පරාජය පිළිනොගන්නෙකු නිසාම වේ
තොටිය පදින්න එහා ඉවුර තෙක්

(යමෙකු අඩුවෙන්ද තවෙකෙක් වැඩියෙන්ද
ඔබට කුලිය ගෙවනු ඇත
ඔරුව අනෙක් ඉවුරට පැදගෙන යාම
ඔබ කළයුතු දෙයකි
-මෙම කොටස පදරචනයේ ඇතත් ගයන ගීතයේ නැත.)


ගිලෙන්නට යන මිනිසාට
තණ කෙන්දද මහත් දෙයකි
සිත යම් තැනක් පිළිගන්නේද
එතැන වේ ඉවුර
තොටිය පදින්න එහා ඉවුර තෙක්

ගායනය- මන්නාඩේ
පදරචනය සහ සංගීතය- රවීන්ද්‍ර ජෛන්

No comments:

Post a Comment