Wednesday, August 12, 2009

Keise jiyoonga main

මෙය සිනමා පටයකදී අත්විඳියහැකි විරළ එසේම ඉතාමත්ම සුන්දර ආදර ගීතයකි.

ගැ- මම කොහොම ජීවත්වන්නද
ඔබ මගේ නොවුනොත් මගෙ ආදරියේ
පි- මම ගගේ පැනල මැරෙනව
මට ඔබේ වන්නට නොහැකිවුණොත්
මා ඔබේය

ගැ- සියක් දහසක් අතරින් ඔබ මාවම තෝරාගත්තා
පි- සියක් දහසක්දෙන මගේ තීන්දුව අසා සිටියා
ගැ- මගේ පෙම්වත, අප දෙදෙනා ඉපිද ඇත්තේ එක වහලක් යට ජීවත්වන්නටය

පි- රැය ගෙවී යයි රැයම අවදියෙන්
ගැ- මගේ හදවත ඔබ වෙත යන්නටයැයි ඇවටිලි කරයි
පි- මවෙත එන්න එහෙත් ඒ දෝලාවක හිඳගෙන (මනාලියක ලෙසින්)

පි- ඔබේ පා නූපුර මට මොනවාද මුමුණයි
ගැ- එක අහිංසක ගම්බද තරුණියකි මා
මගේ පෙම්වත, ඔබේ දෙතොලින් වැයෙන වස්දඬු නදට මා ඔබේ වීමි

ගායනය- අනුරාධා පෞද්වාල් සහ ජුලි මුඛර්ජි
සංගීතය- ශිවකුමාර් ෂර්මා සමගින් හරිප්‍රසාද් චෞරසියා (ශිවහාරී)
පද රචනය- ආනන්ද් බක්ෂි
රංගනය- මධුරි දික්ෂිත් සමගින් රිෂී කපූර්
සිනමා පටය- සාහිබාන්

No comments:

Post a Comment