Wednesday, August 12, 2009

yeh safar bohot

(බිඳුණු හදවත විඩාබරය
වේදනාවේ සැඳෑව බොහෝ දිගුය
එහෙත් දවසක් සම්පූර්ණවන්නට සැඳෑවක්ද එළඹිය යුතුමය)

මෙය අති දුෂ්කරවූ ගමනකි
එහෙත් අනලස්ව යායුතුය මා මගිය

රුදුරු රැය එළඹෙන්නට තිබේ
එහි වේදනාවේ අඳුර දියව යනු ඇත
ඔබට මඳකින් එය වැටහෙනු ඇත
අනලස්ව යායුතුය මා මගිය

මේ කම්කටොළු හැමදාම නොවේ
ඉදිරි වංගුවේ මංසන්ධියක් විය හැකිය
මා පවසන දෙය මඳකට විශ්වාස කොට
අනලස්ව යායුතුය මා මගිය

තවලමක්, අළුත් අහසක් අළුත් පොළවක්
ඔබේ දෑස සොයන මේ සියළු දේ ලැබේවි
එතෙකුත් අනලස්ව යායුතුය මා මගිය


ගායනය- ශිවාජි චැටර්ජි
සංගීතය- රාහුල් දේව් බර්මන්
පද රචනය- ජාවෙඩ් අඛ්තර්
සිනමා පටය- 1942 ආදර කතාව

No comments:

Post a Comment