Tuesday, October 06, 2009

Aake Seedhi Lagi Dil Pe

සෑම වයසකම සෑම රටකම වැසියෙකුට රස විඳිය හැකි මෙම ගීතයේ විශේෂත්වයක් ඇත. මෙය ප‍්‍රහසනය රැගත් විනෝදවත් යුග ගීතයක් වන අතර ගීතය සඳහා ගැහැණූ වෙස්ගෙන රඟපානුයේ කිශෝර් කුමාර්ය. එහෙත් ඔහු පෙම්වතාට පසුබිම් ගායනය කරන්නට තිබූ අතර ගීතයේ ඔහු රඟපෑ ගෑණු චරිතයට පසුබිම් ගායනය කරන්නට තිබුණේ ලතා මංගේෂ්කාර්ටය.

ශබ්දාගාරයේ පටිගත කරන දිනයේ ලතාමංගේෂ්කාර් පැමිණිමට නොහැකි බව දන්වා සිටි අතර ගයන්නට ගායිකාවක් සොයමින් සිටින විට සංගීත අධ්‍යක්ෂක වෙත කිශෝර් කුමාර් දන්වා සිටියේ තමාම එයද ගයන බවය. දැන් මෙන් කඩින් කඩ නොව එක දිගටම ගායකයාගේ කොටසත් ගායිකාවගේ කොටසත් ගයමින් කිශෝර් කුමාර් මෙහි යුග ගායනයම තනිව සිදුකොට ඇති ආකාරය ඉතා විශිෂ්ඨය.

ගැ- අහෝ ඔබගේ කටාක්ෂ නිරීක්ෂණය
කැපෙන පිහියක් මෙන් කෙලින්ම හදවතට පිවිසුනි
පි- ඔබේ දඩබ්බර බැල්ම මගේ හදවත සොරාගෙන ගියේය

ගැ-හදෙහි රැහැන්පට සිඳබිඳිමින්
මගේ වීදියට නිතර එන්නේ ඇයිද?

පි-මොනව කරන්නද සුන්දරියේ මම ආදරේ ඔබට නොවැ
ඔබ නොදැක මගේ සිතට සැනසිල්ලක් නැහැ

ගැ-අනේ යන්න මා මෝඩයෙකු නොකරන්න
නැහැදිච්ච පෙම්වතා

ගැ- හදවත සොරකම් කරන්නට හොරෙන් හොරෙන්
මගෙ පස්සෙන්ම එන්නෙ ඇයි?
කියන දේ ඇහුවෙ නැත්නම් මම කෑ ගහනව ඔන්න
‘‘ අනේ මාව බේරගන්න මෙන්න වනචරයෙක්, කුකුලෙක්’’

පි- පළමුව ඔබේ දෑසින් මාව ඇද බැඳගෙන
දැන් මට කියනව පස්සෙන් එන්න එපාලූ

ගැ- ඔබේ දෑස, සුමිහිරි වදන්
අහෝ මා උමතුවට පත් කරන ලදි


චිත‍්‍රපටය- හාෆ් ටිකට්
වර්ෂය- 1962
යුග ගායනය- කිශෝර් කුමාර්
සංගීතය- සලීල් චෞද්රි
රංගනය- ප‍්‍රාන් සහ කිශෝර් කුමාර්

No comments:

Post a Comment