Monday, October 05, 2009

Ye daulat bhi le lo

වැඩිවියට පත්වූ පසු ජීවිතයේ බැඳීම් සහ වගකීම් නිසා පීඩාවට පත්ව ගතකරන ජීවිතයේ එකිනෙකා අතර ඇතිවන ගැටළු අභිමුවේ අතීතයේ ළමාවියේ මේ කිසිදු බරක් නැති කල අප ගෙවූ දිවියේ මිහිරියාව ගැන සිහිපත්වී ඒ ගැන අපූරුවට ලියැවුණු ගීතයකි මේ.

මේ ධනයද මේ නම්බුවද ඔබ ගෙන යන්න
මගේ යව්වනයද මගෙන් රැගෙන යන්න
එහෙත් මට ආයෙත් දෙන්න මගේ ළමාවියේ
මෝසම් වැස්ස
කඩදාසි බෝට්ටු සහ ගලා හැලූන වැසි දිය......

අතීතයේ වැළලී ගිය බොහෝ දේ
අත්තම්මාගෙන් අසා දැනගතිමි
ඒ අපේ පුරාණය
ඒ කතාවල කියැවිණි සුන්දර කිඳුරියන් ගැන
රැයද කෙටි කරමින්
දිගට ඇදෙන කතන්දර
කොහොම අමතක කරන්නද ඒ සුන්දර ළමාවිය?

නිවෙසින් කිසිවක් රැගෙන දුවන්නට
ගිනි අව්වේ වේලෙමින් බලා සිටියෙමි
බට්ටිත්තන් සමණලයන් කෝකිලයන් අල්ලන්නට දිව ගියෙමි
බෝනික්කන් විවාහ කරවන්නට ගොස් ගුටි බැට ඇණ ගතිමි
ඔන්චිල්ලාවෙන් ලිස්සා වැටී හඬමින් නැවත සැනසුනෙමි
ගස්කොල වලින් තැනූ මාළ වළලූ තෝඩුවලට
මම බොහෝ ඇළුම් කලෙමි
බිඳුණු වීදුරු වළලූ මට අතීතයම සිහිපත් කරයි

ලන්දට බඩවැටියට දුවගියෙමි
වැලිවලින් මාළිගා තනා බිඳ දැමුවෙමි
අහිංසක බලාපොරොත්තුවල සේයාවන්
මගේ මහා ධනය බෝනික්කන් සහ සුන්දර සිහින විය
ලෝකයෙන් පීඩාවක් නොවීය
බැඳීමෙන් වේදනාවක් නොවීය
ඒ මගේ ළමාවිය කොයි තරම් සුන්දරද


No comments:

Post a Comment