Saturday, July 18, 2009

Aye Mere Dil Kahin Aur Chaal-Daag

දයාබර මගේ හදවත
වෙන කොහේ හරි යමු
දුකින් පිරි මේ ලොව
මට දැන් නම් එපාවී ඇත
ඉන්නට අළුතින් තැනක් සොයා ගමු

වේදනාවෙන් පීඩා විනොවිඳින තැනක්
බොරු බලාපොරොත්තු නැති තැනක්
හදවතෙහි පිපෙන්නට තිබූ පොහොට්ටු දවා දැමූ
මේ වසන්තයෙන් ඇති ඵලය කුමක්ද?
වේදනාවෙන් පීඩාවටම පත්වීමි
දුකින් පිරි මේ ලොව
මට දැන් නම් එපාවී ඇත
ඉන්නට අළුතින් තැනක් සොයා ගමු


කිසිවෙකු හඬද්දී
තවෙකෙක් ඉවත බලාගෙන යන හැටි
කිසිවෙකුගේ මැවූ ලෝකය සුනුවිසුණුවී යද්දී
මේ මහ පොලව ඔහේ බලා සිටියා
මේ අහස ඉවත බලා ගත්තා
දුකින් පිරි මේ ලොව
මට දැන් නම් එපාවී ඇත
ඉන්නට අළුතින් තැනක් සොයා ගමු


Friday, July 17, 2009

O door ke musafir

අද ඔබ වෙන්ව ගියේ නම් මෙලොවින්
මගේ දිවිය තවදුරටත් මගේ නොවනු ඇත
ඔබට වුවමනා දේ ලැබුණි
මට මරණයවත් නොලැබුණි


මා හැර දුරතක ගිය සබඳ
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි

ඔබ මට දුන් දුක බලවත්ය
එහෙයින්ම මරණය නැතිවද
මැරි මැරී සිටිමි මෙහි
ජීවිත සමග සෙල්ලම් කරන මේ ලෝකයේ
මා පමණක් සිට කුමකටද?
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි


හදවතෙහි මාවත් පාළුවට ගොසිනි
අවට ඇත්තේ පාළුව පමණි
මගේ ඉටු නොවුණු බලාපොරොත්තුවල මළගමද
සුන්වී ගිය සිහිනද පමණි මෙහි
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි


O raat ke musafir

පි-රැයේ මගිය, සඳවත
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න

මගේ දෑස හෝ හදවත
කිසිදු වරදක් නොකරන ලදි
එහෙත් කිසිවෙකු මා හා අමනාපව ඇත
ඔබේ තීරණය කුමක් වුවත්
එය පිළිගන්නට මා සූදානම්
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න

ගැ-රැයේ මගිය, සඳවත
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න

මගේ හදවත කාටවත් හිමිව නැත මෙතෙක්
ඒ රහස දෙනෙත් පවසන ලදි
ඉදින් දෑසින් දුටු යමක්
හදවතින් කෙසේ අමතක කරන්නද
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න

පි-සඳවත මඳකට අහසින් බිමට බසින්න
ගැ- මොහුට මඟ අමතකව ගොස් ඇත
එය පෙන්වා දෙන්න
පි-දියෙහි පාරුව මංමුලාවී ඇත
රළපෙල, එයට ඉවුර පෙන්වා දෙන්න
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න


Wednesday, July 15, 2009

Pyar kiya to darna kya

(මෙලොව වසන සෑම අයෙක්ම සැබවින්ම අනෙකෙකු හා සැබෑ පෙමින් බැඳනුයේ ජීවිතයේ එක් වරක් පමණය. ඉනික්බිති ඉන් උපන් වේදනාව සමගින් ජීවත් වෙයි. මිය යයි)

ආදරය කලානම් බය වන්නේ කුමටද?
ආදරය සොරකමක් නොවේ නම්
සැඟවෙමින් සුසුම්ලන්නේ කුමටද?

අද මම මගේ හදවතෙහි ඇති කතාව ලොවට පවසමි
ලෝකය මගේ පණ නසා දැම්මත් කම් නැත
ලෝකයට දැකිය හැක්කේ මගේ මරණය පමණි
එතෙක් රහසින් දුක් විඳ විඳ මැරෙන්නේ කුමටද

ඔහුට ඇති ආදරය හදවතෙහි සැමදා පවතී
මගේ ලොවෙහි පහන සැමදා දැල්වෙයි
ආදරය නිසා දිවි ගෙවන්නෙමි
ආදරය නිසාම මිය යන්නෙමි
මා වෙන කුමක් කරන්නද?

සතර අතින්ම මට ඔහුවම පෙනේ
මගේ ආදරය මට සැඟවිය නොහැක
දෙවියන් ඉදිරියේ මා සැඟව නොයත්නම්
අන් තැන්හි මා සැඟව සිටින්නේ කුමටද?


baharon phool barsao

වසන්තය මල්වැසි වස්සන්න
මගේ සහකාරිය කැන්දාගෙන ආවෙමි
සුළඟ සුන්දරතම රාගයක් ගයන්න
මගේ සහකාරිය කැන්දාගෙන ආවෙමි

ඇගේ සුසුදු අත්ලෙහි රතුමල්වලින් මෙහෙන්දී තැවරෙනු ඇත
වලා පෙල අහසින් ඇදී අවුත් ඇගේ ආදර දෑසෙහි අංජන තවරන්න
තාරකාවනි, ඉදින් අවුත් ඇගේ නලල්තලය සරසන්න

සියලූ දෙන සෑම තැනම දෙනෙත් දල්වාගෙන සිටිති
මගේ පෙම්වතිය බොහෝ ලජ්ජාකාරියකි ඇය සැඟව යනු ඇත ලැජ්ජාවෙන්
ඉදින් මගේ හදවත අස්වසන්න මඳක්, මගේ ආදරිය පැමින සිටී

අද මංගල යහන මල් පොහොට්ටුවලින් ගැවසී ඇත
ඒවා දැන සිට ඇත මෙවැනි වසන්තයේ දිනයක් උදාවන බව
ඉදින් මා අවට සියල්ල වර්ණවත් කරන්න
මගේ සහකාරිය මෙහි සිටී


sagar kinare

ගැ-සාගර ලවැල්ලේ හදවත අඬගසයි
නුඹත් නැතිනම් මෙහි
මගේ කියා කිසිවෙකුත් නැත
පි-සාගර ලවැල්ලේ හදවත අඬගසයි
නුඹත් නැතිනම් මෙහි
මගේ කියා කිසිවෙකුත් නැත

පි-පෙනෙන මානයේ පෙනෙන සියල්ල
පමණක් නොව සුළඟද පිබිදී ඇත
ආදරය අවදිවූ විට සියල්ල අවදිවේ

ගැ-හදවත තුල නම් කිසි විටෙකත් නින්දක් නොවේ

ගැ-හිරු කිරණ නම් කිඳුරියන්
මුහුදු රල මත්තෙහි වැදී රඟයි
මා සයුරට බට ගංගාවක් මෙන්
අතරමංවී ගොසිනි
පි-අතරමංවූයේ ඔබ තනිව නොවේ