Showing posts with label pakeezah. Show all posts
Showing posts with label pakeezah. Show all posts

Thursday, December 09, 2010

Mora sajan sautan ghar jaye

ඉතාම සුන්දර ඨුම්රි ගායනයක් වූ මෙම ගීතය අයත් වූයේ 1972 තිරගතවූ පාකීසා චිත‍්‍රපටයටය. ගායනා කරන ලද්දේ දකුණු ඉන්දියාවේ සිට උතුරු ඉන්දියාව තෙක් තම සුමිහිරි හඬින් සරළ ශාස්ත‍්‍රීය සංගීත රසිකයන් පිනවූ වාණි ජෙයරාම්ය. කෙටි ගායනයක් වූ මෙය අසා රස විඳින්න. ඉතාම මිහිරි සංගීත ශෛලියකි.

මෙය නෞෂාඞ් සහ ගුලාම් මොහොමඞ් යන සංගීත අධ්‍යක්ධකවරුන් දෙදෙනාම සංගීතය සැපයූ චිත‍්‍රපටයකි.

තවත් අතිවිශේෂත්වයක් වන්නේ එවකට ඨුම්රි සහ සරළ ශාස්ත‍්‍රීය ගායනයේ ඉහළම නමක් දිනා සිටි ශෝභා ගුර්තු, වාණි ජෙයරාම්, පර්වීන් සුල්තානා, රාජ් කුමාරි, නසීම් බනෝ සමගින් ලතා මංගේෂ්කාර්වද ගායනයට යොදා ගැනීමය.

මගේ සැමියා නගරසෝබනියන් වෙත යන බව
මම ලොවට කෙසේ කියම්ද

මා විමසුවහොත් ඔහු සත්‍ය නොපවසයි
දිව්ර දිව්රා පවසන්නේ මුසාවන්මයැ
මම ලොවට කෙසේ කියම්ද

Thursday, September 10, 2009

Inhi logon ne

මේ මිනිසුන්
අහෝ මේ මිනිසුන්
උදුරා රැගෙන ගියා දුපට්ටාව (හිසෙහිලා හුන් සළුපට) මගේ

මා කියන දෙය පිලිගන්නේ නැත්නම් වීදියේ රෙදි වෙලෙන්දාගෙන් අසන්න
එක රන්කාසියක් දී මා ඔහුගෙන් දුපට්ටාවට රෙදි යාරයක් මිළට ගතිමි.
ඒ දුපට්ටාව මොවුන් මගෙන් උදුරා රැගෙන ගියහ.

මා කියන දෙය පිළිගන්නේ නැතිනම් රෙදි අපුල්ලන්නාගෙන් අසන්න
මා ඔහුට දුපට්ටාව දී රෝසමලක පැහැයෙන් වර්ණගන්වාගතිමි.
ඒ දුපට්ටාව මොවුන් මගෙන් උදුරා රැගෙන ගියහ.


මා කියන දෙය පිළිගන්නේ නැතිනම් වීදියේ රාළහාමිලාගෙන් අසන්න
මගේ දුපට්ටාව වීදියේදී ඉරී ගියේ ඔවුන්ගේ අතින්ය.
ඒ දුපට්ටාව මොවුන් මගෙන් උදුරා රැගෙන ගියහ.