Showing posts with label natrang. Show all posts
Showing posts with label natrang. Show all posts

Tuesday, January 11, 2011

Mathurechya Bajari

මුදවාපු කිරි, එළකිරි, වෙඬරු පුරවාලූ කළ
මා කෙසේ විකුණන්නට පොළට ගෙනියන්නද?
මම බියට පත්ව සිටිමි
කෙසේ රහසින් පොළට මේවා රැගෙන යන්නද?

වස්දඬු වයන ක‍්‍රිෂ්ණා යමුනා නදී ඉවුරේ හිඳී
ඔහු මගේ කළ බිඳ දමයි
කෙසේ රහසින් පොළට මේවා රැගෙන යන්නද?

අසන්න ක‍්‍රිෂ්ණා
මගේ හිස් කළය(ඉරණම) බිඳ නොදමන්න අද
නගරයම මට සිනහා වෙයි
ඉන් මා අවනම්බු විඳිමි
මගේ ආත්ම ගෞරවය ගැන අදවත් සිතන්න
මගේ ඉරණම හිස් කළයකි
මම ඔබට පරදිමි

යන මග අවුරා ඔහු සිනහසෙයි
ඔහුගේ වස්දඬු රාවයට මම වසඟ වී සිටිමි
ඔහු ගැන සිතමින් මම මුසපත් වෙමි
ක‍්‍රිෂ්ණ අද දින මා නටවන්න
ආදරයට වෙන්වූ සුන්දරත්වයක් ඇත