Showing posts with label Anil Biswas. Show all posts
Showing posts with label Anil Biswas. Show all posts

Thursday, August 06, 2009

Buddham Sharanam Gachchami

බුද්ධං සරණං ගච්ඡාමී
ධම්මං සරණං ගච්ඡාමී
සංඝං සරණං ගච්ඡාමී

ඔබේ අමිලවූ හදවත බියට පත්වුවහොත්
හදවත සැලෙන්නට වුවහොත්
එවිට ඔබේ මුවින් කියන්න
බුද්ධං සරණං ගච්ඡාමී

රාගයේ නොඉවසිලිමත්බව හිස එසවුවහොත්
ලේ හැලෙන අරගල වුවහොත්
කුරිරුබවෙහි ගිනිදැල් ඇවිලූණහොත්
මිනිසා තිරිසන් වුවහොත්
උඩින් මදහස පා සිතෙහි විෂ සඟවා සිටින්නේ නම්
එවිට ඔබේ මුවින් කියන්න
බුද්ධං සරණං ගච්ඡාමී

ලොවෙහි ආදරය අවදිවන විට නපුරුබව එයට හරස් වෙතොත්
මවකගේ මාතෘස්නේහයට එදිරිව පුතෙකුගේ කඩුව එසවෙතොත්
එදිනට මහීකාන්තාවද කම්පිත වෙයි අහස්තලය සසල වෙයි
එවිට ඔබේ මුවින් කියන්න
බුද්ධං සරණං ගච්ඡාමී

මිනිසුන්ගේ ව්‍යාකූල සිතෙහි අන්ධකාර කුණාටුව පළවා හැරියේ කවරෙක්ද
උන්වහන්සේගේ එක කිරණකින් මේ මුළු ලොවම ප්‍රභාමත් වෙයි

සත්‍යයේ පහන සෑම දිනෙකම දැල්වෙයි
දයාව අහිංසාව සැමදාම රැකෙයි
සුසිල්වත් දන මන ආදරය කරුණාව ඇතිවෙයි
භාරතයේ අසමසම දෙවියන් බුදුන්වහන්සේගේ ගුණ සෑම ගෙදරකම ගැයෙයි
මිනිසුනි ඔබේ මුවින් නිරතුරුව කියන්න
බුද්ධං සරණං ගච්ඡාමී