Showing posts with label Faiyaz Hashmi. Show all posts
Showing posts with label Faiyaz Hashmi. Show all posts

Monday, January 10, 2011

Hamein Koi Gham Nahin Tha

කිසිදු දුකක් නැති විය මහට
මේ දුක්බර පේ‍්‍රමය ඇතිවන්නට පෙර
කිසිදු සතුරෙකු නොවීය මහට
නුඹ හා මිතුදමක් ඇතිකරගන්නට පෙර

මෙය මාගේ නරක ඉරණමය
නුඹේ වරදක් කොහිද
නුඹේ වේදනාවෙන් මා මිය ගොස් තිබුණි
මේ දිවිය ලබන්නටත් පෙර

මගේ ආදරය දැවෙමින් තිබෙයි
සඳවත අද දින සැඟව යනු මැන
මටද ආදරය ලැබුණි දිනෙක
නුඹේ සඳ කිරණ ගලායන්නට පෙර

කිසි දිනෙක මා සිනා නොවී සිටින්නට ඉඩ තිබුණි
ලද එකම සතුටට පසු ලද දහසක් දුක්
මින් පෙර ලැබුණා නම්

මේ අපූරු පරීක්ෂණයෙකි මා මුහුණ දුන්
නුඹව අමතක කළයුතු
මෙලෙසින් කෙදින මින් පෙර හමුවුණිද
නොගැලපෙන දෙදෙනෙකු ලෙසින්


පද රචනය- :ෆාඉයස් හෂ්මි
ගායනය- මෙහෙඳි හසන්