Showing posts with label devdas. Show all posts
Showing posts with label devdas. Show all posts

Friday, October 16, 2009

yeh kiski hai aahat

මේ කාගේ අඩි ශබ්දයක්ද?
මේ කාගේ සෙවනැල්ලක්ද?
මගේ හදවතෙහි තට්ටු කරන හඬින් වටහා ගනිමි
කිසිවෙක් පැමිණ සිටිති
මා විචිත‍්‍ර වර්ණයෙන් සරසන ලද්දේ කා විසින්ද
මගේ අපමණ සතුටට මා මියගියා වැනිය

මගේ අත්ල මම සඳවතින් හැඩ නොකලෙමි
මම තරු කැට සමගින් කිසිදු සබඳකමක් නොපැවැත්වීමි
දෙවියන්ටද කිසිදු අවනඩුවක් නොකීවෙමි
මම හිතේ සියළු දුක සඟවා ගත්තෙමි
සිනහවෙන් හැම වේදනාවක්ම වසා ගතිමි
මා පාරන කටු අකුල් පවා වැළඳ ගතිමි
මලින් පවා මා පීඩාවට පත්විය
එහෙත් මා දෙවියන්ගෙන් යමක් යදින්නට දෑත දිගු කරන විට
මා පැතුවේ ඔබම පමණි
දෙවියන්ගෙ නාමෙට මා පැතුවේ ඔබම පමණි