Sunday, February 15, 2015

agar aasman tak mera hath

පි- අහස තෙක් මාගේ සුරත දිගුකල හැකි නම්
මම නුඹේ නළලත චන්ද්‍ර තිලකයක් තබමි
තරුවැල් වලින් නළලත සරසමි
ගැ- අහස තෙක් මාගේ සුරත දිගුකල හැකි නම්
මම සඳ කිරණින් මල්මාලය ගොතන්නෙමි
ආදරයේ හදගැස්මෙන් එය අලංකාර කොට නුඹට පළඳමි

පි-මගේ ළග හදවත හැර අන් කිසිවක් නැත
ගැ-මේ ලෝකයේ හදවතට වඩා වටිනා යමක් නැත
පි-ඉතින් එහෙනම් මවෙත එන්න මම නුඹව මගේ හදේ රඳවා තබා ගනිමි
ගැ-මා නුඹව මාගේ දෙඅතෙහි රේඛාවන් බවට පත්කොට ගනිමි
මේ සමුදුර මගේ වී නම් ආදරයේ මුතු මේ සයුරේ සගවන්නෙමි
නොඇසුනේද සුපෙම්වත අසන්න මගේ සකිසඳ

ගැ- මගේ පන ඔබෙන් වෙන්වුණොත් නම් මම මියයමි
පි- අනේ සත්තකින්ම එසේ නැවත නොකියන්න මගේ ආදරියේ
ගැ- නුඹේ ප‍්‍රාර්ථනය කුමක්ද මට පවසන්න මගේ පෙම්වත
පි- නුඹේ හදවතේ හදගැස්ම බවට පත්වී සිටීමයි මගේ පැතුම
මේ සුන්දර දස අත විශ්වය මගේ සුරතට ගුලිකර ගතහැකි නම් 
සත්තමයි නුඹ වෙනුවෙන් එය සොරකම් කරමි