Showing posts with label hariprasad chaurasia. Show all posts
Showing posts with label hariprasad chaurasia. Show all posts

Wednesday, August 12, 2009

Keise jiyoonga main

මෙය සිනමා පටයකදී අත්විඳියහැකි විරළ එසේම ඉතාමත්ම සුන්දර ආදර ගීතයකි.

ගැ- මම කොහොම ජීවත්වන්නද
ඔබ මගේ නොවුනොත් මගෙ ආදරියේ
පි- මම ගගේ පැනල මැරෙනව
මට ඔබේ වන්නට නොහැකිවුණොත්
මා ඔබේය

ගැ- සියක් දහසක් අතරින් ඔබ මාවම තෝරාගත්තා
පි- සියක් දහසක්දෙන මගේ තීන්දුව අසා සිටියා
ගැ- මගේ පෙම්වත, අප දෙදෙනා ඉපිද ඇත්තේ එක වහලක් යට ජීවත්වන්නටය

පි- රැය ගෙවී යයි රැයම අවදියෙන්
ගැ- මගේ හදවත ඔබ වෙත යන්නටයැයි ඇවටිලි කරයි
පි- මවෙත එන්න එහෙත් ඒ දෝලාවක හිඳගෙන (මනාලියක ලෙසින්)

පි- ඔබේ පා නූපුර මට මොනවාද මුමුණයි
ගැ- එක අහිංසක ගම්බද තරුණියකි මා
මගේ පෙම්වත, ඔබේ දෙතොලින් වැයෙන වස්දඬු නදට මා ඔබේ වීමි

ගායනය- අනුරාධා පෞද්වාල් සහ ජුලි මුඛර්ජි
සංගීතය- ශිවකුමාර් ෂර්මා සමගින් හරිප්‍රසාද් චෞරසියා (ශිවහාරී)
පද රචනය- ආනන්ද් බක්ෂි
රංගනය- මධුරි දික්ෂිත් සමගින් රිෂී කපූර්
සිනමා පටය- සාහිබාන්