Wednesday, September 16, 2009

Aaj Bichde Hain

අද අපි වෙන්වෙමු
ඊයෙ හිතේ තිබුණු බයවත් අද නැත
ජීවිතය සිතන තරම් සරළද නැත

පෑරුණු හද ලොවට නොපෙනෙයි
නමුත් එය සිසිල් වන විට
වේදනාව පිටතට පැමිණෙයි
ලොවට සතුටින් සිටින බව පෙන්වනවිට
මුහුණ ඇතුලතින් මලානිකවී යයි

මොනවා කියන්නදැයි සිහියට නොඒ
එහෙත් විඳදරාගැනීමනම් ආශ්චර්යයකි
කවරෙක් වේදනාවට විසඳුමක් සොයත්ද
ලෝකයම කරන්නේ ප්‍රශ්ණ ඇසීම පමණකි

හෙට එළිවන විට මොනවා කරන්නදැයි නොතේරේ
ගෙවී ගිය පෙර දවස යලිත් නොපැමිණෙයි
කාලය නම් කපා දැමූ අතුවල
කවදාවත් ඵල හටගන්නේ නැත

රළු පොළව, හදවත්, මිනිසුන්
දැක්මද මහත් පීඩාවකි
කඳුළු පිස දැම්මත් කඳුළු ඇතිකල සළකුණු
වියැලී යන්නට බොහෝ කල්යයි


Nayak nahin khalnayak hei tu

ජීවිතය නම් නාටකය තුල එක් අයෙක් වීරයෙකු වෙද්දී තවත් අයෙකු දුෂ්ඨයෙකු බවට පත් වෙයි.

ඔබ වීරයා නොව දුෂ්ඨයාය
අන්‍යන්ට මහත් දුක් පමුණුවන්නෙකි

ආදරයට ඔබේ මොන ගරුත්වයක්ද?
ආදරය ලබන්නට ඔබට කවර හැකියාවක්ද?

ඔබ ආදරයට සුදුසු යැයි පෙණුනද
ඔබ ආදරයේ අවනම්බුවය
එක දිනෙකදී ඔබට එය අවබෝධ වනු ඇත
එහෙත් එදිනට ඔබ බොහෝ පමා වැඩිය

ඔබේ තරාතිරම ඔබ කෙදිනකවත් මැනගෙන නැත
ඔබ ඔබටම කෙදිනකවත් අවංක වී නැත
කෙතරම් ඔබ ජීවිතය හා සෙල්ලම් කලේද
අහෝ අවසානයේ ඔබ අන් අයගෙන් හුදකලාවී ඇත


Tuesday, September 15, 2009

Aa Laut Ke Aaja Mere Meet

නැවත හැරී එන්න
නැවත හැරී එන්න මගෙ සොඳුරිය
මගේ ගීතය ඔබට අඬගසයි
මගේ දිවිය ඔබ නැතිව සංගීතවත් නැත

අහසෙත් වැස්ස දෑසෙත් වැස්ස
හදවතෙහි මහා වේදනාවකි
සීතල සුළඟ මා වෙවුළුවයි
අහෝ සොඳුරිය දැන්වත්
මා ඉදිරියෙ පෙනී සිටින්න
කෙසේ ඔබ රැක සිටීද ආදරයේ පොරොන්දු
නැවත හැරී එන්න මගෙ සොඳුරිය
මගේ ගීතය ඔබට අඬගසයි


වරෙක සිනාව වරෙක වේදනාව
මේ කවර ජීවන ක්‍රීඩාවක්ද
මොහොතක හමුවීම මොහොතින් වෙන්ව යාම
දින දෙකක සැණකෙලියකි මේ දිවිය
මේ මොහොත ගෙවී යන්නට ඉඩ නොදෙන්න
මගේ ගීතය ඔබට අඬගසයි
නැවත හැරී එන්න මගෙ සොඳුරිය
මගේ ගීතය ඔබට අඬගසයි