Showing posts with label banphool. Show all posts
Showing posts with label banphool. Show all posts

Friday, August 28, 2009

main jahan chala jaoon

මම යම් තැනකට යත් නම් එතැනට වසන්තය පැමිණෙයි
මාවතෙහි දුහුවිල්ලට පවා වටිනාකමක් ලැඛෙයි
මම වනයේ පිපුණු මලක් වෙමි

සමාජය මහත් දුෂ්ඨය, මගේ වටිනාකම නොදනී
කාගෙවත් දෑසක් මාව හඳුනන්නේ නැත
ලෝකයට මාව අමතකව ගොස් ඇත
මම වනයේ පිපුණු මලක් වෙමි

ඉබාගාතේ ඇවිදිමි
මම එහෙ මෙහෙ ගාටන පාදඩයෙක්මි
ආදරවන්තියක් සොයමින් මම සරන්නෙමි
කිසිවෙකු හෝ මාව තෝරාගනීවි
මම වනයේ පිපුණු මලක් වෙමි