Showing posts with label ismail darbar. Show all posts
Showing posts with label ismail darbar. Show all posts

Saturday, January 23, 2010

Aankhon Ki Gustakhiyan

පි- මගේ දිදුලන දෑසට සමාව දෙන්න

එය ඔබ දෙස බලා සිටින්නේ මඳ මොහොතක් පමණි

මගේ දෙතොල පැවසිය යුතුව ඇති දෙය පවසන්නටයි දෑස වෙර දරන්නේ

ගැ- මගේ ලැජ්ජාවෙන් බර දෑසට සමාව දෙන්න

එය ඔබ දෙසට යොමුවූ සැණින් ලජ්ජාවෙන් බිමට නැඹුරු වෙයි

කෙලින් බලා කියන්නට බැරි දෙය ලජ්ජාවෙන් බිමට නැඹුරුවූ දෑසින් පැවසිය හැකිය






පි- දෑසෙහි තවරන අංජන වලින් තිතක් ඔබේ දෙකොපුලෙහි රඳවන්නට මට ආසයි

ඔබට හිරුගේ සඳුගේ ඇස්වහ වදින්නට නොදී මම බලාගන්නම්

ඇසිපිය අතරෙහි මම ඔබව සඟවා ගන්නම්

අනේ මා ගයන මේ බොලඳ දේවල්වලට සමාව දෙන්න

සැම මොහොතකම ඔබ ගැනම සිතමින් සිහින ලොවෙහි හිඳිමි

යන්තම් පියවි ලොවට ආ විට මම ඔබව දකිමි. ඉදින් එවිටද ඔබේ දෙනෙත මා මත් කරයි






ගැ- මගේ දිවිය පුරාවට මම ඔබ ගැන විශ්වාසයෙන් සිටිමි

හදෙහි ඔබ මට දක්වන ආදරය සැමදින සුරැුකිව පවතීවි

ගන්න සෑම සුසුමකටම පවා ඔබවම අවශ්‍ය කෙරේ.

අනේ මගේ හදවතෙහි මෝඩකට සමාව දෙන්න

ඔබේ දෑස මා කියන දෙය අසා සිටී. ඉදින් ඔබේ දෑස සැමවිටම අවිවේකී වී සිටින්නේ සැම මොහොතකම අලූත් සිහිනයක් ගෙත්තම්කරන බැවිනි