Showing posts with label shankar ehesan loy. Show all posts
Showing posts with label shankar ehesan loy. Show all posts

Monday, June 27, 2011

Patli Kamar Matka Ke

සප්නා ආවස්ථි ගයන මෙම ගීතයට සංගීතය සැපයූවේ ශන්කර්, එහෙසාන් සහ ලෝයි විසිනි. චිත‍්‍රපටය 1999 තිරගතවූ ෂූල් චිත‍්‍රපටයයි. රංගනය ඉදිරිපත් කරන ලද්දේ ශිල්පා ෂෙට්ටිය.

සිහිනිඟ නළවමින්- අහෝ අහෝ අහෝ අහෝ....
නාග කන්‍යාවක මෙන් ඇදෙමින්- අහෝ අහෝ අහෝ අහෝ....
දෑසින් දෑස වසඟ කරගනිමින්- අහෝ අහෝ අහෝ අහෝ....
ලා කොල පැහැති පර්දාව ඔසවමින්- අහෝ අහෝ අහෝ අහෝ....
හදවත් ඇත්තන්ගේ හදවතෙහි නිනව් සොරාගන්නට
මම උත්තර ප‍්‍රදේශයට ආවේ බිහාරය කොල්ලකන්නටය
ධන නිධානයක් නැත
රන් රිදී ලූ සේප්පුද නැත
සහයට හෙල්ලක් හෝ පොරවක් නැත

මා තවම නවයොවුන් වියේය
එහෙත් මේ රැස්ව සිටින පිරිස නැටවිය හැකිය
මට නිවාඩුවක් ගැන වැටහීමක් නැත
එහෙත් ඔබට හාදු නොදෙමි මම
දෙකනේ තෝඩු රඟදෙවමින්
නලවා පද්දමින් යමින්
හිසෙහි ගෙතූ මල්වැල් පළඳාගෙන
අහා අහා මෙතරම් සුගන්ධවත්ව
යව්වනයේ වසන්තය මුළුමනින්ම සොරාගනිමින්
මම උත්තර ප‍්‍රදේශයට ආවේ බිහාරය කොල්ලකන්නටය

කල්කත්තාව වෙද බොම්බාය වෙද
සැමතැනකම මා සියල්ලන්ගේ දෑසෙහි රැඳී ඇත
පංජාබ වුවත් හරියාණා වුවත් මගෙන් බේරීම අපහසු විය
සැමගේ හදවත් ස්පන්දනය කරමින්
ගිණිපුළිඟු දල්වමින්
මුවෙහි බුලත් විට දමමින්
දෑතෙහි මෙහෙන්දි රටා මවමින්
රහසින් සැමගේ දෑස් සොරා ගනිමින්
මම උත්තර ප‍්‍රදේශයට ආවේ බිහාරය කොල්ලකන්නටය




Shilpa shetty.patli kamar matka ke by mafiafamily8384

Sunday, September 05, 2010

I don't know what to do

මෙය ප‍්‍රහසනාත්මක පෙම් ගීයකි. චිත‍්‍රපටය හවුස් ෆුල් වෙත්. සුනිධි චෞහාන් සමගින් කලකින් ගායනයට යලි පැමිණි ශබ්බීර් කුමාර් ගයන්නේ ශන්කර්, එහෙසාන්, සහ ලෝයි ගේ සංගීතයට අනුවය.

ගැ- සෙමින් සෙමින් ටිකෙන් ටික
මගෙ තුරුල්ලට එන්න. ඉතින් එන්නකෝ
පිපාසයෙන් මට මියයන්නට දෙන්න එපා
පොඩ්ඩක්වත් කරදර වන්නේ කුමටද
බැල්මට බැල්ම මුණගස්වන්න
එන්න මම දෙව්ලොව පෙන්වන්නම්

පි- අයියෝ මම දන්නේ නෑ දැන්නම් මොනව කරන්නද කියලා
දෙයියම්පා මං මොනවා කරන්නද දැන්

ගැ- සුමටව මෘදුව විසිරෙන මගේ වරළ පිරිමදින්න
මා නොරිදවන්න
මට වැඩිවෙලාවක් දරාගත නොහැක
මත්බවින් මා පිරී යාවි
බොහෝ සැනහෙන්නට හැකිය
එන්න මම දෙව්ලොව පෙන්වන්නම්

පි- අයියෝ මම දන්නේ නෑ දැන්නම් මොනව කරන්නද කියලා
දෙයියම්පා මං මොනවා කරන්නද දැන්

පි- බියට පත්ව සිටිමි ගැස්මෙන් කම්පිතව සිටිමි
නොදන්නා මගක ගිරිහිසක් නගින්නේ කෙලෙසින්ද?

ගැ- පොඩ්ඩක්වත් කරදර වන්නේ කුමටද
බැල්මට බැල්ම මුණගස්වන්න
එන්න මම දෙව්ලොව පෙන්වන්නම්

පි- අයියෝ මම දන්නේ නෑ දැන්නම් මොනව කරන්නද කියලා
දෙයියම්පා මං මොනවා කරන්නද දැන්