Showing posts with label ghazal. Show all posts
Showing posts with label ghazal. Show all posts
Wednesday, October 25, 2017
Fasle gul hai saja hai maikhaana
මේ මල් සමයයි, අවන්හලද සැරසී ඇත
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
මළහිරු බැස යන කාලය එළඹ ඇත
ඉදින් අවන්හල නොවෙද අසුන්ගන්නට කදිම තැන
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
කවුරුන් හෝ මත්වූවෙකුගේ ලිපියක් වේ
එහි යායුතු ලිපිනය ලෙසින් ඇත්තේ අවන්හල නොවෙද
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
මගෙන් නොයදින්න ඉවත්ව යන්න කියා ඉන්
කෙතරම් අපහසුවෙන්ද අවන්හල වෙත පිවිසෙන්නට ඉඩ ලැබෙනුයේ
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
විටෙක ජීවිතය කොතැනකටවී හෝ ගෙවා දමන්නට සිදුවෙයි
සකිය, එයට අවන්හල නරක තැනක්දැයි කියව මට
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
ඒ දෙනෙත කෝපයෙන් මදෙස බලනවා නම්
අවන්හලම කෝපයට පත්වූවා වැනිය
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
Saturday, November 02, 2013
safer main dhoop to hogi
ගමනෙහි ගිනිඅව්වද වෙයි එහි දැවෙන්නට හැකිනම් පමණක් යන්න
සැවොම එක්ව වසද්දී සියල්ලන් අතහරින්නට හැකිනම් පමණක් යන්න
කිසිවෙකු නිසා හෝ මග වෙනස් වන්නේ නැත
ඔබටම ඔබව වෙනස්කොට ගතහැකිනම් පමණක් යන්න
මෙහි කිසිවෙකු කිසිවෙකුට මග කියා දෙන්නේ නැත
මාව අතැර දමා ඔබට යා හැකියැයි සිතනවානම් පමණක් යන්න
මේ තමා අප ලද ජීවිතය සිහින සහ බලාපොරොත්තු කිහිපයක් ඇති
ඒ කිහිපයෙන් ඔබට සිත සනසාගෙන යා හැකිනම් පමණක් යන්න

Friday, October 01, 2010
Monday, October 19, 2009
Mastaana Piye Jaa
මත්වූ මිතුර තවත් මධුපැන් පානය කරන්න
මධුපැන් වීදුරුවක් පානය කොට කුමටද
මුළු අවන්හලේම මධුපැන් පානය කරන්න
දිවියේ සුපුරුදු වේදනාව
මධුපැන් කුසලානයෙහි ගිල්වා දමන්න
ඉදින් දුබල හදවත දැන්වත්
වීරියෙන් යුතුව මධුපැන් පානය කරන්න
මධුපැන් තොලගෑමේ වටිනා පුරුද්ද ගැන
ඔබට නම් කිසි දැනීමක් නැත
අවන්හලෙහි මිතුරන් එසේ පවසත්
ඉදින් මධුපැන් පානය කරන්න
මේ දුර්ජන සමාජයෙහි ජීවිතයක් ලබන්නට නම්
මත් විය යුතුය
ආදරයෙන් උමතුවන්න
ඉදින් හදවතක් ඇති උන්මත්තකය, මධුපැන් පානය කරන්න
අවන්හලෙහි කලබගෑනි වේවි ටික වෙලාවකින්
අවන්හල නුපුරුදු අය නිසා
එළිවෙන්නටත් ලංව ඇත
තවත් මධුපැන් පානය කරන්න

Tumne Dil Ki Baat Keh Di
ඔබ අද ඔබේ හිතේ ඇති දෙය පැවසීය
ඉන් මා බොහෝ රැවටී ඇති බව වටහා ගතිමි
මා සිතුයේ ඔබ මගේ කියාය
මා ඔබට යමක් කීවේ නම් ඉන් සිදුවූයේ බලාපොරොත්තුවූ දෙය නොවේ
මා කී දෙය සමහර විට ඔබ අමතක කර දමන්නට ඇත
එහෙත් නැවත නැවතත් සිදුවූයේ එයමයැ
ඔබේ දෑසට මේ කඳුලූ ආවේ කොහෙන්ද?
මා ආදරයෙන් උමතුව සිටියද එසේ නොවීය
ඉදින් ඔබට කුමක් සිදුවීද?
දැන් මා කාට කවර ලෙසකින් මගේ කතාව කියන්නද?
දෙවියන්ට පින් සිදුවන්නට මේ හැමදේම මෙලෙසින් සිද්දවුනේ හොඳටයැයි සිතා සිත හදාගනිමි.

Monday, October 05, 2009
Ye daulat bhi le lo
වැඩිවියට පත්වූ පසු ජීවිතයේ බැඳීම් සහ වගකීම් නිසා පීඩාවට පත්ව ගතකරන ජීවිතයේ එකිනෙකා අතර ඇතිවන ගැටළු අභිමුවේ අතීතයේ ළමාවියේ මේ කිසිදු බරක් නැති කල අප ගෙවූ දිවියේ මිහිරියාව ගැන සිහිපත්වී ඒ ගැන අපූරුවට ලියැවුණු ගීතයකි මේ.
මේ ධනයද මේ නම්බුවද ඔබ ගෙන යන්න
මගේ යව්වනයද මගෙන් රැගෙන යන්න
එහෙත් මට ආයෙත් දෙන්න මගේ ළමාවියේ
මෝසම් වැස්ස
කඩදාසි බෝට්ටු සහ ගලා හැලූන වැසි දිය......
අතීතයේ වැළලී ගිය බොහෝ දේ
අත්තම්මාගෙන් අසා දැනගතිමි
ඒ අපේ පුරාණය
ඒ කතාවල කියැවිණි සුන්දර කිඳුරියන් ගැන
රැයද කෙටි කරමින්
දිගට ඇදෙන කතන්දර
කොහොම අමතක කරන්නද ඒ සුන්දර ළමාවිය?
නිවෙසින් කිසිවක් රැගෙන දුවන්නට
ගිනි අව්වේ වේලෙමින් බලා සිටියෙමි
බට්ටිත්තන් සමණලයන් කෝකිලයන් අල්ලන්නට දිව ගියෙමි
බෝනික්කන් විවාහ කරවන්නට ගොස් ගුටි බැට ඇණ ගතිමි
ඔන්චිල්ලාවෙන් ලිස්සා වැටී හඬමින් නැවත සැනසුනෙමි
ගස්කොල වලින් තැනූ මාළ වළලූ තෝඩුවලට
මම බොහෝ ඇළුම් කලෙමි
බිඳුණු වීදුරු වළලූ මට අතීතයම සිහිපත් කරයි
ලන්දට බඩවැටියට දුවගියෙමි
වැලිවලින් මාළිගා තනා බිඳ දැමුවෙමි
අහිංසක බලාපොරොත්තුවල සේයාවන්
මගේ මහා ධනය බෝනික්කන් සහ සුන්දර සිහින විය
ලෝකයෙන් පීඩාවක් නොවීය
බැඳීමෙන් වේදනාවක් නොවීය
ඒ මගේ ළමාවිය කොයි තරම් සුන්දරද

Wednesday, September 16, 2009
Aaj Bichde Hain
අද අපි වෙන්වෙමු
ඊයෙ හිතේ තිබුණු බයවත් අද නැත
ජීවිතය සිතන තරම් සරළද නැත
පෑරුණු හද ලොවට නොපෙනෙයි
නමුත් එය සිසිල් වන විට
වේදනාව පිටතට පැමිණෙයි
ලොවට සතුටින් සිටින බව පෙන්වනවිට
මුහුණ ඇතුලතින් මලානිකවී යයි
මොනවා කියන්නදැයි සිහියට නොඒ
එහෙත් විඳදරාගැනීමනම් ආශ්චර්යයකි
කවරෙක් වේදනාවට විසඳුමක් සොයත්ද
ලෝකයම කරන්නේ ප්‍රශ්ණ ඇසීම පමණකි
හෙට එළිවන විට මොනවා කරන්නදැයි නොතේරේ
ගෙවී ගිය පෙර දවස යලිත් නොපැමිණෙයි
කාලය නම් කපා දැමූ අතුවල
කවදාවත් ඵල හටගන්නේ නැත
රළු පොළව, හදවත්, මිනිසුන්
දැක්මද මහත් පීඩාවකි
කඳුළු පිස දැම්මත් කඳුළු ඇතිකල සළකුණු
වියැලී යන්නට බොහෝ කල්යයි
ඊයෙ හිතේ තිබුණු බයවත් අද නැත
ජීවිතය සිතන තරම් සරළද නැත
පෑරුණු හද ලොවට නොපෙනෙයි
නමුත් එය සිසිල් වන විට
වේදනාව පිටතට පැමිණෙයි
ලොවට සතුටින් සිටින බව පෙන්වනවිට
මුහුණ ඇතුලතින් මලානිකවී යයි
මොනවා කියන්නදැයි සිහියට නොඒ
එහෙත් විඳදරාගැනීමනම් ආශ්චර්යයකි
කවරෙක් වේදනාවට විසඳුමක් සොයත්ද
ලෝකයම කරන්නේ ප්‍රශ්ණ ඇසීම පමණකි
හෙට එළිවන විට මොනවා කරන්නදැයි නොතේරේ
ගෙවී ගිය පෙර දවස යලිත් නොපැමිණෙයි
කාලය නම් කපා දැමූ අතුවල
කවදාවත් ඵල හටගන්නේ නැත
රළු පොළව, හදවත්, මිනිසුන්
දැක්මද මහත් පීඩාවකි
කඳුළු පිස දැම්මත් කඳුළු ඇතිකල සළකුණු
වියැලී යන්නට බොහෝ කල්යයි
Tuesday, August 11, 2009
Kuch To Duniya Ki Inaayaat Ne
ලොවෙහි අපූරු කරුණාව නිසා හදවතින් කොටසක් බිඳී ගියේය
අනෙක් කොටස ශාරීරික අබල දුබල බවින් බිඳී ගියේය
මම දැන සිටියෙමි වසින වැස්සෙන්ද මධුවිත වෑහෙන බව
ඉදින් වැස්සේ නම් ඉන් මගේ හදවත බිඳී ගියේය
හදවත හඬා වැටුණි. දෑසින් කඳුළු ගැලීය
ආදරයේ මේ සම්ප්‍රදායද මගේ හදවත බිඳ දැම්මේය
ඔහු මගේය, මට මුණ ගැසේවි, පැමිණේවි
මෙවැනි දුබල සිතුවිලි නිසාද හදවත බිඳී ගියේය
ඔබ මට ආදරය කරන්නේද නොකරන්නේද නොදනිමි
එහෙත් එවැනි ගැටළු නිසාද මගේ හදවත බිඳුණි
ගායනය- බේගම් අඛ්තර්
පද රචනය- සුදර්ශන් ෆාකීර්

Tuesday, August 04, 2009
Jab Pyar Nahi Hai Toh Bhula Kyun Nahi Dete
මෙම ගසල් ගායනය ශ්‍රවණය සඳහා උචිත වීඩියෝ ගීතයක් සොයාගත නොහැකි බැවින් යූටියුබ් හි ඇති වීඩියෝ එකක් මේ සමග ඇමිණුවද එහි දර්ශණ මගින් ගීතයට කිසිදු සාධාරණයක් ඉටු නොවී ඇති බැවින් එය හුදෙක් ගීතය ඇසීම සඳහා පමණක් භාවිතා කරන මෙන් ඉල්ලමි.
ආදරයක් නැත්නම් අමතක නොකරන්නේ මන්ද
ලිවූ පෙම්පත් ගිනි නොතියා කා වෙනුවෙන් රැකගන්නේද
අත්ලෙහි මගේ නම ලියා ඇත්තේ කවර කරුණකටද?
මට එය කියවිය නොහැකිනම් මකා නොදමන්නේ මන්ද?
දෙවියන්ගෙ නාමෙට වෙලාවක් අවේලාවක් නැති මේ කරදරයෙන් ගැලවිලා යන්න
ඔයා මගේ නොවෙයි නම් එලෙසින් නොකියා ඉන්නේ ඇයි?
හැඟීමක් නැති දෙවියනි
ඔබේ දෑතින්ම මට වස පොවන්නේ නැතිව
ජීවත් කරවමින් මෙලෙස දුක්විඳින්නට ඉඩ අරින්නේ මන්ද
මේ සිදුවීමෙදි නම් මට ඔබ කෙරෙහි විශ්වාසයක් නැත
ඉදින් තවත් මා දෙස නොබලා ඔබ නොසිටින්නේ ඇයි

Sunday, August 02, 2009
Konpalein Phir Phoot Aayeen
ගසල් ගායනා සඳහා බොහෝ විට යොදා ගන්නා පැරණි පැදි පෙළින් ගායකයන් තෝරාගන්නේ කිහිපයක් පමණි. එක් ගීතයක් සඳහා තෝරාගත් දෙවන තෙවන පැදි අතැර එම පද්‍ය පන්තියේම වෙනත් පැදි අන්තරා ලෙසින් තෝරාගැනීම තවත් ගායකයෙකු අතින් සාමාන්‍යයෙන් සිදුවන්නකි. මින් අරුත සඳහා අල්ප වශයෙන් බලපෑමක් ඇති වන නමුදු සමස්ත ගීතයම සලකන විට ගීතයක සුන්දරත්වය සඳහා එය බලපා නැති බව පැහැදිලි වේ.
මා ඉදිරිපත් කරන මේ උර්දු පැදි පෙළ මුළුමනින්ම පරිවර්තනය කරනු ලබන අතර ඔබට විවිධ අවස්ථාවලදී අසන්නට ලැඛෙන විවිධ ගායකයන් ගැයූ ගී වලදී කොටස් අතැර ඇසෙනු සාමන්‍ය දෙයක් බව සැලකිය යුතුය.
පද්‍ය රචනය- ෆර්හාද් ශෙහෙසාද්
අළුත පිපුණු මල් පොහොට්ටුද
කිනිත්තෙන් ගිලිහී වැටෙයි
ඇයට එය වැටහෙන්නේ නැත
වටහාගන්නේද නැත
නමුත් ඇයට පවසන්න
කාළයේ කුණාටුව බොරුවක් මවා පා
අවට ඇති සියල්ල ගසාගෙන ගියේය
කිසිවෙකුද කිසිවක්ද නැතිවම දිවි මගේ
මා තනිවූ බව ඇයට පවසන්න
මා තනිව අතැර යන්නේ කා වෙනුවෙන්ද
රිදී කාසි වලින් සිතට සැනසුමක් ලඟානොවන බව
ඇයට පවසන්න
බිෙඳන් බිඳ මගෙ හදින් රුධිරය ගලා හැලෙයි
එහෙත් දෙතොලින් ලොවට මදහසම පාමින් හිඳිමි
මාව එතරම් අසරණ කලා ඈ
ඒ බවත් ඇයට පවසන්න
මෙවැනි වේදනාවක් මට හිමිකල ඇය හා
සිනහ සී මේ සියල්ල පවසන්න

|
paara paara huaa pairahan
ආදරයේ සළුපට ඉරී විසිරී ගියේය
සුවපත් කළ හැකි කිසිවෙක් හෝ මා අසළක නැත
පෙනෙන මානයක කිසිදු සලකුණක් නැත
පියවර හඬක් නැත
කෙම්බිමක් නැත
කෙතරම් පාලුවී ගොසින්ද කතරක් ලෙසින්
කාළයේ වැලපීම තුල
ගතවන හැම නිමේශයක්ම පෙළ ගැසෙයි
අවමගුල් පෙරහැර ලෙසින්
සුවපත් කළ හැකි කිසිවෙක් හෝ මා අසළක නැත
පෙනෙන මානයක කිසිදු සලකුණක් නැත
පියවර හඬක් නැත
කෙම්බිමක් නැත
කෙතරම් පාලුවී ගොසින්ද කතරක් ලෙසින්
කාළයේ වැලපීම තුල
ගතවන හැම නිමේශයක්ම පෙළ ගැසෙයි
අවමගුල් පෙරහැර ලෙසින්
|
Saturday, August 01, 2009
Woh jo hum mein tum mein qaraar tha
මෙය බොහෝ ගායක ගායිකාවන් පිරිසක් ගැයූ ගසල් ගායනයකි. එය එතරම්ම ප්‍රචලිත සහ සුමධුර පැරණි පැදි පෙළකි. මෙහි පෙම්වතා යන්න ගායිකාවක් සඳහාද එය ගායකයෙකු ගයන විට පෙම්වතිය ලෙසින්ද වෙනස් කොට ගත යුතුය.
ඔබත් මාත් අතර
අන් කිසිවෙකු නොදත්
අප දෙදෙනා එක්ව බැඳ තැබූ දෙයක් විය
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි
ඉටු කරනට බොහෝ පොරොන්දුද විය
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි
සිත් රිදෙන කතාද ඇරඹුණි, තුටින් වූ සාමිචිද විය
ඒ හැම දෙයක්ම කලෙකදි නොරිස්සුම් සහිතවූ බව
අද ඔබට මතකදැයි
නැතහොත් අමතකදැයි
මම නොදනිමි
විටෙක ඔබටද මටද ඇවැසි දේ විය
විටෙක ඔබටද මටද විසඳුමක් විය
විටෙක ඔබද මාද ආදරවන්තයින් බවට පත්වීමු
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි
යමෙකු ඔබගේ පෙම්වතායයැයි සැලකුවේද
යමෙකු කෙරෙහි ඔබ විශ්වාසය තැබුවේද
ඒ මාය අදටත්

daayam pada huwa
වසර 1914 ඔක්තෝම්බර් 07 වැනි දින උපත ලැබූ අඛ්තරීබායී ෆයිජාබාදී බිළිඳිය වයස 07 දී සංගීතයේ අතපොත තැබුවාය. මේ වන විටත් ඇගේ පියාගේ දෙවන විවාහය වූ තම මවවද තමා සහ නිවුන් සොයුරියවද හැර දමා පියා වෙනත් විවාහයක් වෙත ගොස් තිබුණි.
සංගීතය හදාරන පෙළපතකින් නොපැමිණියද ඇගේ මාමාගේ බල කිරීමට අගේ මව විසින් ඇයව සංගීතය පුහුණු කිරීමට ශාස්ත්‍රීය සංගීතවේදීන් වෙත රැගෙන යන ලදි.
වයස අවුරුදු 15දී ඇය භූමිකම්පාවෙන් අසරණවූ සරණාගතයන් වෙනුවෙන් පැය 06ක් එක දිගට ගී ගැයුවාය. එහිදී ඇගේ ගායනයෙන් වශීවූ සරෝජිනී නායිඳු මහත් ඉහලින් ඇයව වර්ණනා කළාය. කුණාටුවක් ලෙසින් උත්තර භාරතීය සංගීතයට කඩා වැදුණූ ඇය හැම මොහොතකම සංගීතය ප්‍රගුණ කිරීමටත් සංගීතයතුලම ජීවත්වීමටත් ප්‍රිය කළාය.
නවසිය තිහ දශකයේ හඬ සහිත සිනමාව බිහිවීමත් සමගින් සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට නිළියම තමන්ගේ ගීත ගැයීමේ සම්ප්‍රදායට අනුව බේගම් අඛ්තර්ට රඟපාන්නට අවකාශ ලැබුණි. (ලංකාවේද මෙපරිද්දෙන් රුක්මණී දේවිය බිහිවුණි.) නැගෙනහිර ඉන්දියානු චිත්‍රපට සමාගමින් ඇයව ඒක් දින් කා බාද්ශාහ් චිත්‍රපටයත් නලදමයන්ති චිත්‍රපටයත් සඳහා තෝරාගන්නා ලදි. අනිල් බිස්වාස් සංගීතය සපයන ලද රෝටී චිත්‍රපටයේ ඇය ගැයූ ගසල් ගායනා 6න් 4ක් ඉවත් කිරීමට නිශ්පාදක කටයුතු කිරීම නිසා ඇය මහත් කම්පාවට පත්වූවාය.
ගසල්, ඨුම්රි, තරාණා ආදි ගායන ශෛලීන් භාරතය තුල ප්‍රචලිත කිරීමේ මෙහෙයුමෙහි නිරතව හුන් ඇය ඒ සඳහා විශාල සේවයක් කළාය.
හිරිමල් වියේදීම තමන්ට අනුග්‍රහය දැක්වූ නිශ්පාදකයෙකු අතින් අනාථවූ මේ ගායිකාව ඉන් ලද දරුවා, පෙළපතෙහි නම්බුවත්, සංගීතයට කරන මෙහෙවරත් වෙනුවෙන් අන්වර්ථ ලෙසින් රැක බලා ගත්තාය. 1945දී එනම් ඇයට වයස 31දී ඇයව වංශවත් පෙළපතකට විවාහකර දෙන ලදි.
ඒ සමගින් ඇගේ ස්වාමියා විසින් ඇගේ සංගීතයට ඇති සියළු අයිතීන් කපා හරින ලද්දේ විය. එහි ප්‍රතිඵලය අඛ්තර් රෝගී වීමය. දිනෙන් දින තම අසරණභාවය හේතුවෙන් රෝගී වූ ඇය වසර 05ක් අවසානයේ මහත් සේ ඛෙලහීන විය. වෛද්‍යවරු නිර්දේශ කරන ලද්දේ නැවත ඇයට සංගීතය සඳහා අවකාශ ලබාදෙන ලෙසය. ඒ හේතුවෙන්ම ඇයට නැවත ගී කියන්නට අවස්ථාව උදාවිය. ඛෙගම් අඛ්තර් සංගීතය වෙත දෙවන වර ආගමනයෙන් පසු මුල්ම ගීත කිහිපය ගැයීම පිණිස ලක්නව් ගුවන්විදුලි මධ්‍යස්ථානයට පිවිසියාය. ගසල් තුනක් සහ එක් ඨුම්රි ගායනයක් ගැයූ ඇය නැවත ලද ජීවිතය වෙනුවෙන් එහිදී හඬා වැටුණාය.
ඉනික්බිති සංගීතතුල නැවත ඕ ශක්තිමත් වූවාය. හුදකලාවූවන්ගේ ආත්මයවූද, වේදනාවේ කැඩපතවූද, සුන්දර සංගීතයේ රසසාගරයක්වූද ඇයගේ ගසල් සහ ඨුම්රි ගායනය අපූරුය. ඇගේ හඬ උච්චස්ථාන කරා යාමේදී මනාව ශ්‍රවණය කළහොත් කොහේදෝ සිට අවුත් ඒ හඬට එකතුවන වේදනාවක් අපූරුවට හඳුනාගත හැකිය. බේගම් අඛ්තර් කිසි දිනෙක සුනරුත් පදවැල් ගායනය නොකළාය. ගීත තෝරාගැනීමේදී ඇය බොහෝ බුද්ධිමත්වී ඇති බව ඇය ගැයූ සෑම ගීතයකින්ම පෙනේ.
1974 අහමබාද් සංගීත ප්‍රසංගයට ආ ඇය එහිදී ගයන අතරතුර තමාට එදින නිවැරදි ලෙස ශ්‍රැතියට ගැයිය නොහැකි බව පැවසුවාය. ඒ සමගින් ඇගේ රෝගී බව වටහාගත් සංවිධායකයන් ඇයව රෝහල්ගත කරන ලද අතර එහිදී ඇය අවසන් සුසුම් හෙළුවාය.
භාරතය ඇයව පද්මභූෂණ සම්මානයෙන් පවා පුදන ලදි.
බේගම් අඛ්තර් පිළිබඳ තම මතකය අළුත් කරනා ඇගේ දයාබර සිසුවියක් මෙසේ පවසා තිබුණි. අම්මා (ඇයට ඔවුන් එසේ අමතා තිබුණි) අපට සංගීතය ඉගැන්වුවා. එහෙත් ජීවිතය ගැන ඊටත් වඩා ඉගැන්වුවා. මට අවසානයේ දයාබර ගුරුතුමිය මෙසේ කීවා.
-හුදකලාවම මිතුරෙක් කරගන්න, එය කිසි දිනෙක ඔබට ද්‍රෝහීකමක් නොකරනු ඇත-
ඇය මිය යාමට දින 8කට පෙර පටිගත කල අවසාන ගසල් ගායනයේ මුල් පැදියේ අරුත මෙසේය.
අසන්න මගෙ පන ඔවුන්ගෙන් ඔවුනගේ කතාව
කිසිවෙකු කිසිවෙකුත් නොහඳුනන ඉසව්වකි මේ
ඇය ගයන ලද දායම් පඩාහුවා නම් ගසල් ගායනයේ අරුත මේ සමග දක්වමි.
සැමවිටම ඔබේ නිවසේ ඉදිරියේ සිටගෙන සිටින සිඟන්නියක් නොවෙමි මම
ජීවිතය පුරාවට පයට පෑගෙන බොරළු කැටයක්ද නොවෙමි මම
ඇයි ජීවිතයේ අවාසනාවන්තකමට හදවතෙහි බියක් ඇත්තේම නැද්ද?
මනුශ්‍යයෙක් මිස මදිරා පිරි කුසලානයක් නොවෙමි මම
දෙවියනි සමාජය මාගේ දිවිය මෙලොවින් මකා දමන්නට වෙර දරන්නේ ඇයි
ඉතිහාසය නම් පොතෙහි යලිත් ලියැවෙන චරිතයක් නොවෙමි මම
වේදනාවෙන් විඳින දඬුවමකටද සීමාවක් තිබිය යුතු නොවෙද?
අවසානයේ ආදරවන්තියක් නොවී නරක යැයි ගැරහුම් ලබන ගැහැණියක් පමණි මම

Thursday, July 30, 2009
chandi jaisa rang hei tera
තරුණියක් වර්ණනා කරන ලද ගසල් ගායනයක් වන මේ ගීතයේ පමණටත් වඩා අතිශයෝක්තියෙන් තරුණියකගේ සුන්දරත්වය වර්ණනා කර ඇත. එහෙත් ඉන් ගීතය සුන්දරවී ඇතුවා මිස හානියක් නොවී ඇති බව ශ්‍රවණය කරන හැම අවස්ථාවකම වැටහේ. මෙය පංකජ් උධාස් නම් ගසල් ගායකයා විසින් ගයන ලද්දේ වෙයි.
සුන්දරියේ
ඔබ රිදියෙන් නිමවූවා වැනිය
ඔබේ කෙස්කළඹ රන්කෙඳි සේය
ඔබ හැර මගේ දිවියේ අන් සියල්ල
දිළිඳුබවේ සංකේතය
ඔබ මට ඇති එකම ධනවත්කමය
ඔබ ඇවිද යන මාවත දෙපස ඔබ නිසා මලින් බර වෙයි
ඔබේ කෝමළ පියවර හඬින් නිද්‍රෝපගතව හුන් මල් උයන් අවදිවෙයි
ඔබේ පයෙහි වැදෙන ගල් කැට දියමන්ති බවට පත් වෙයි
යමෙකු ඔබ යන මගෙහි මුණ ගැසෙයි නම් හේ ප්‍රීතියෙන් පිනා යයි
ඔබ මට ඇති එකම ධනවත්කමය
මගේ දිවියේ අන් සියල්ල දිළිඳුබවේ සංකේතය
පැහැයක් නැති යමක් වර්ණවත් කරත්නම් කිසිවෙකු විසින් හෝ
ඒ නෙත් ඇදගන්නා සියළු වර්ණ ඔහු විසින්
ඔඛෙන් සොරකම් ගරගන්නා ලද්දේ වෙයි
ඔබ පසුකර යන සියල්ලලෝ ඔබ වෙත මහත් ඕනෑ කමින් බලති
සුන්දර ලද බොළඳ සුකුමාරියේ මඳකට
ඔය මුහුණ වසා සිටින සළුපට ඉවත් කරන්න
අහසෙහි ගැටෙන වලාවෙහි, දිදුලන තාරකාවන්හි සැඟව ඇත්තේ ඔබේ රුවය
ගසල් ගායනාවන්හිද සුන්දර ගීතයන්හිද සැඟව ඇත්තේ ඔබේ රුවය
මෙලෙසින් ඔබේ සුන්දරත්වයේ රශ්මිය
හැමදාකම මේ ලොවෙහි දිදුලමින් පවතිනු ඇත
දෙවියන්ගේ නාමෙට ඔබට ඇස්වහක් නොවැදී
බොහෝ කලක් ඔබ ජීවත් වේවා

Wednesday, July 29, 2009
tu ne khat mein likha
ඉතාම සුන්දර ගසල් ගායනයක් වූ මෙම ගීතය ගායනා කරන්නේ ජස්වන්ත් සිංග්ය. රිෂ්තා නම් ගීත ඇල්බමයෙන් උපුටාගන්නා ලදි.
ඔබ ලිපියෙහි දන්වා ඇත
ඔබව අමතක කර දමන ලෙස
එහෙත් ඔබ ලියා නැත
එය කළයුත්තේ කෙලෙසකදැයි
මහ වැස්සේ අපගේ පළමු හමුවීම
මම කෙලෙස අමතක කරන්නද?
තෙමී සිටි ඔබගේ ලජ්ජාවෙන් රතුවූ මුහුණ
එදා ඔබ දෙවඟනක්ද නොව
දෙවඟනකට වඩා සුන්දරයැයි මම සිතුවෙමි
ඔබ මගේ සුසුමය
ඔබ මගේ හද ගැස්මය
මා මෙය ඔබට කිව යුත්තේ කෙලෙසකින්දැයි
මට කියා දෙන්න
මගෙ හදවතට දැනෙන්නේ
ඔබ මගේ ජීවිතය වී ඇති බවය
ඔබ දෙව්ලොවට සරිලන
සුන්දරම නිමැවුමකි
ඔබේ ආලෝකයෙන් සූර්යයා ප්‍රභාමත්වේ
එහෙයින් ඔබ සිනහවන විට සඳද සැඟව යන්නීය
මගෙ හදෙහි මා මැවූ එකම ප්‍රතිමාව ඔබය
එය ඔබට කොහොම විශ්වාස කරවන්නද මම
දනිමි මම ඔබ ඉතාම අසරණව මේ ලිපිය ලියා ඇති බව
ඔබේ වේදනාකාරී තත්ත්වය ගැන මට වැටහේ
නිවසේ නම්බුව නිසා ඔබ නිහ`ඩව ඇත
අන් ලෙසකින් ඔබ කෙදිනකවත් මට වූ පොරොන්දුවක්
බිඳ දමන්නේ නැත
අද මම ඔබේ ජීවිතයෙන් බොහෝ ඈතට යමි
නැවත ඔබ පිළිබඳ මතකයට නොගන්නට
මම හැකි වෙර දරමි

Monday, July 20, 2009
koi paas aya
ජග්ජීත් සිංග් විසින් ගයනු ලබන මෙම ගසල් ගායනය විරල මෙන්ම ඉහළ ශාස්ත්‍රීය ගුණාංග පිරි නිර්මාණයකි. භාරතීය මීවිත ගීපොත ගැහැණිය සම්ප්‍රදායේ පද රචනයක් වන මෙම ගසල් ගායනයේ සංගීතමය වැදගත්කම ඉහළ තැනකට එසවෙන්නේ මේ සඳහා ලලිත් රාගය අපූරුවට යොදාගැනීම නිසාය. ගායනයේදී ගායකයා විසින් රාගයේ ගුණාංග විනාශ නොකොට ගැයීමට අපූරුවට සමත්වී ඇති අතරම අවම සංගීත භාණ්ඩ ප්‍රමාණයක් යොදා ගනිමින් රාගයේ තීව්රභාවය කටහඩින් මතු කිරීමට වෙර දරා ඇත. ලංකාවේ සංගීතය ප්‍රගුණ කරන සිසුන්ටද ගසල් ගීතලෝලීන්ටද මෙය මහත් වටිනා ගීතයකි.
කිසිවෙකු මා අසලට අළුයම් යාමයේ පැමිණීයේය
අවුත් මා දෙස විමසුම් නෙතින් පිරික්සුවේය
මා වත්තන් කරනට උත්සාහ දරමින්
මොනවදෝ මහට පැවසීය අළුයම් යාමයේ
පෙරදින රාත්‍රියේ සිහියෙන් සිටින්නයැයි කීවේ යම් තැනකද
එතැන්හිම පය පැටලි පැටලී සිටියෙමි අළුයම් යාමයේ
මුළු රැයම මම මගේ අවන්හලේ ගතකලෙමි
දෙවියනි නුඹගේ සිහිය මසිතට ආවේ අළුයම් යාමයේය

| Punjabi-Mobile.Com - - | ||
| | ||
| Found at bee mp3 search engine |
Monday, June 29, 2009
aye mohobbat tere anjaam
ආදරය,
නුඹේ වෙන්වීමෙන් මම හැඬුවෙමි
එහෙත් නොදනිමි අද නම්
නුඹේ නම ඇසුණු පමණින් හැඬුවෙමි.
සෑම සැඳෑවක්ම ගෙවී ගියේ බලාපොරොත්තු
නෙතු දරාගෙනය
අද නම් කුමන හෝ හේතුවකින්
සැඳෑ කළ එළඹෙත්ම මට හැඬුම් එයි
විටෙක ඉරණමෙහි සන්තාපයන්
විටෙක ලොවින් ගැරහුම්
ආදරය වෙන්කරන මංසන්ධියට තැබූ සෑම පියවරක්ම
මාව හැඬවීය
මේ කුරිරු ලොවම ඔවුන්ගේ ආදරය ගැන කතා කරන විට අහෝ
බිඳීගිය මගේ ආදරය මා හඬවයි

Subscribe to:
Posts (Atom)