Showing posts with label luxmikanth pyarelal. Show all posts
Showing posts with label luxmikanth pyarelal. Show all posts

Wednesday, September 16, 2009

Nayak nahin khalnayak hei tu

ජීවිතය නම් නාටකය තුල එක් අයෙක් වීරයෙකු වෙද්දී තවත් අයෙකු දුෂ්ඨයෙකු බවට පත් වෙයි.

ඔබ වීරයා නොව දුෂ්ඨයාය
අන්‍යන්ට මහත් දුක් පමුණුවන්නෙකි

ආදරයට ඔබේ මොන ගරුත්වයක්ද?
ආදරය ලබන්නට ඔබට කවර හැකියාවක්ද?

ඔබ ආදරයට සුදුසු යැයි පෙණුනද
ඔබ ආදරයේ අවනම්බුවය
එක දිනෙකදී ඔබට එය අවබෝධ වනු ඇත
එහෙත් එදිනට ඔබ බොහෝ පමා වැඩිය

ඔබේ තරාතිරම ඔබ කෙදිනකවත් මැනගෙන නැත
ඔබ ඔබටම කෙදිනකවත් අවංක වී නැත
කෙතරම් ඔබ ජීවිතය හා සෙල්ලම් කලේද
අහෝ අවසානයේ ඔබ අන් අයගෙන් හුදකලාවී ඇත