මේ ගීතය මා මුලින්ම ඇසූ හින්දි ගීතයයැයි කීවොත් නිවැරදිය. මා ඉතාම කුඩා වියේදී ගුවන්විදුලියේ ප්‍රචාරය වූ මේ ගීතයට මා කෙතරම් ඇදී ගියාදැයි කිවහොත් ඉන් මා සංගීතයට බොහෝ ලොල් විය. අදටත් කෙතරම් ශාස්ත්‍රීය ගීත ඇසුවත් විවිධ ගීත සොයා එකතු කලත් මේ ගීතයට මගේ ඇති ලැදියාව මුල් තැනෙහිම තබා ඇත්තෙමි.
සොඳුරිය
ගමම නුඹේ මනකල් පැමිණි මහද සැමකල්
උමතුවුණා වේ
එලෙසින් රුවද නුඹගෙ දුටු කල් පිරෙන සඳද සුවිපුල්
පිරුණු සඳක් වේ
රඟදෙන මොණරුන් විදහාගෙන පිල්
පා මත බැඳ රසු දැල්
හඬදෙන කොවුලන් ගෙලවට පලඳම්
මාලා බැඳ පිපි මල්
මෙහිමය කූඩුවුණේ විහගුන් සොයන වනේ පරඬැල්
එවැනි ගමකි මේ
සොඳුරිය
ගමම නුඹේ මනකල් පැමිණි මහද සැමකල්
උමතුවුණා වේ
උමතුවුණාවේ
නෙක නෙක පාටින් පිපෙනා වනමල්
සදිසිය දන රැකි සිල්
ආවේ නම් මෙහි කිසිවෙකු නොම යයි
විඳ මෙහි සුව සුවිසල්
පිරි දිය ඇලිද විදා දිය රැල් මහද උදුර ගිය කල්
ඇදී ගියාවේ
එලෙසින් රුවද නුඹගෙ දුටු කල් පිරෙන සඳද සුවිපුල්
පිරුණු සඳක් වේ
පිරුණු සඳක් වේ
ආගන්තුකයන් හා සුහදව තෙපලා
සලකති සැම වී මුල්
මින් පෙර භවයේ මා සිටියාදැයි
නොදනිමි මෙහි බැඳ පැල්
සිතුවිලි සරන සිතේ නිවහල් තුටින කියන මිනිසුන්
සිටින තැනකි මේ
සොඳුරිය
ගමම නුඹේ මනකල් පැමිණි මහද සැමකල්
උමතුවුණා වේ
උමතු වුණාවේ