Showing posts with label kumar sanu. Show all posts
Showing posts with label kumar sanu. Show all posts
Saturday, October 02, 2010
Saturday, January 23, 2010
Aankhon Ki Gustakhiyan
පි- මගේ දිදුලන දෑසට සමාව දෙන්න
එය ඔබ දෙස බලා සිටින්නේ මඳ මොහොතක් පමණි
මගේ දෙතොල පැවසිය යුතුව ඇති දෙය පවසන්නටයි දෑස වෙර දරන්නේ
ගැ- මගේ ලැජ්ජාවෙන් බර දෑසට සමාව දෙන්න
එය ඔබ දෙසට යොමුවූ සැණින් ලජ්ජාවෙන් බිමට නැඹුරු වෙයි
කෙලින් බලා කියන්නට බැරි දෙය ලජ්ජාවෙන් බිමට නැඹුරුවූ දෑසින් පැවසිය හැකිය
පි- දෑසෙහි තවරන අංජන වලින් තිතක් ඔබේ දෙකොපුලෙහි රඳවන්නට මට ආසයි
ඔබට හිරුගේ සඳුගේ ඇස්වහ වදින්නට නොදී මම බලාගන්නම්
ඇසිපිය අතරෙහි මම ඔබව සඟවා ගන්නම්
අනේ මා ගයන මේ බොලඳ දේවල්වලට සමාව දෙන්න
සැම මොහොතකම ඔබ ගැනම සිතමින් සිහින ලොවෙහි හිඳිමි
යන්තම් පියවි ලොවට ආ විට මම ඔබව දකිමි. ඉදින් එවිටද ඔබේ දෙනෙත මා මත් කරයි
ගැ- මගේ දිවිය පුරාවට මම ඔබ ගැන විශ්වාසයෙන් සිටිමි
හදෙහි ඔබ මට දක්වන ආදරය සැමදින සුරැුකිව පවතීවි
ගන්න සෑම සුසුමකටම පවා ඔබවම අවශ්‍ය කෙරේ.
අනේ මගේ හදවතෙහි මෝඩකට සමාව දෙන්න
ඔබේ දෑස මා කියන දෙය අසා සිටී. ඉදින් ඔබේ දෑස සැමවිටම අවිවේකී වී සිටින්නේ සැම මොහොතකම අලූත් සිහිනයක් ගෙත්තම්කරන බැවිනි

Tuesday, October 27, 2009
Meri Zindagi Mein Ajnabee Ka Intezar Hai
ගැ- සඳ වෙනුවෙන් නොවේ තරු වෙනුවෙන්ද නොවේ
මල් වෙනුවෙන් නොවේ වසන්තය වෙනුවෙන්ද නොවේ
බැල්මන් වෙනුවෙන්ද ඉඟිබිඟි වෙනුවෙන්ද නොවේ
දන්නා කියන අයෙකු වෙනුවෙන් නොව නොදන්නා අයෙකු වෙනුවෙන්ද නොවේ
ගැ- මගේ ජීවිතය පුරා මම එක් ආගන්තුකයෙකු වෙනුවෙන් බලා හිඳිමි
මා කුමක් කරන්නද? මම ඔහුට ආදරය කරමි
මම ඒ ආගන්තුකයාව හඳුනමි
ඔහු මගේ සිහිනයට නිතර පැමිණෙන්නෙකි
අහෝ ආගන්තුකය, ඔබ වෙනුවෙන් මගේ සිත අවිවේකී වී ඇත
පි- මගේ ජීවිතය පුරා මම එක් ආගන්තුක තරුණියක වෙනුවෙන් බලා හිඳිමි
මා කුමක් කරන්නද? මම ඇයට ආදරය කරමි
මම ඒ ආගන්තුක තරුණියව හඳුනමි
ඇය මගේ සිහිනයට නිතර පැමිණෙන්නියකි
අහෝ සුන්දරිය, ඔබ වෙනුවෙන් මගේ සිත අවිවේකී වී ඇත
පි- සුගන්ධය පිරි වීදියේ හමන සුළෙඟහි දුටිමි මම
ඒ මුහුණ මම සුන්දර මොහොතකදී දුටිමි
ගැ- මගේ සිතුවිලි පවා ඔහු සොරකම් කරයි
ආදරයේ උන්මත්තකයෙකි ඔහු
මගෙ දෙතොල පිපාසාවෙනි මහද නොඉවසිලිමත්ය
මගේ සිතුවිලි පවා ඔහු සොරකම් කරයි
ගැ-දැන් මම ඔහු වෙනුවෙන් රැයම නිදිවරා බලා සිටිමි
අප දෙදෙනා මුණගැසෙන මොහොත ලඟා කරන්නැයි මම දෙවියන්ගෙන් යදිමි
පි- අනේ මගේ හද, ආදරය වෙනුවෙන් දුරස්ථවීමද අවශ්‍යය
මගෙ හද ගැස්ම කියන්නේ ඒ දුරස්ථ බව ඉතා ටික කලක් බවය
ගැ- මම ඒ ආගන්තුකයාව හඳුනමි

| www.songs.pk - Meri Zindagi Mein Ajnabee .mp3 | ||
| | ||
| Found at bee mp3 search engine |
Monday, July 27, 2009
Tere dar par sanam
පකිස්ථානු ජාතික ඛාතිල් ශිපාහී නම් කවියා විසින් රචිත තේරේ දර් පර් සනම් පද රචනය ඉතා සරළ සුගම පැදි පෙළකි.
මෙය පළමුව පකිස්ථානයේදී ගායනා වුවත් දෙවනුව ඉන්දියාවේ නිශ්පාදිත හින්දි චිත්‍රපටයක් වූ නීන්ද් (1959) සඳහා ලබාදී එය උර්දු ගායිකා නූර්ජහාන් විසින් රාශිද් අත්තර්ගේ සංගීතයට ගයන ලදි.
තෙවනුව එය නැවතත් කුමාර් සානු සහ සාධනා සර්ගම් විසින් ඵිර් තෙරී කහානි යාද් ආයී චිත්‍රපටය සඳහා අනූ මලික්ගේ සංගීතයට ගයන ලදි. දෙවන ගීතයට වඩා තෙවන ගීතයේ සංගීතයද වෙනස් වූ අතර දර්ශනවල අමු අමුවේ ශෘංගාරය ඔබන්නට වෙර දරා ඇති බවද පැහැදිලිය. ඔබේ රස වින්දනය උදෙසා ගීත තුනෙහිම වීඩියෝ මේ සමග දක්වා ඇත.
පෙම්වත, ඔබේ නිවෙස වෙත ආවෙමි
ඔබ මවෙත නොපැමිණි නිසා
මම ඔබේ නිවෙස වෙත ආවෙමි
ඔබ නැතිව කිසිදු ආසාවක් නැත
කිසිදු දෙයකට
මෙතරම් පුල පුලා සිටියද
පිපාසාවක් හෝ නොදැනිනි
හදවත ගැහෙන්නට විය
ගතවූ සෑම මොහොතකම
පා බැඳි නූපුරයන්හි හඬ අසන්න
නැවත ඔබේ පියවර පසුපස මම ආවෙමි
මින් පෙර සෑම රැයක්ම මට ගතකල හැකිවිය
එහෙත් අවසානයේ එසේ නොවීය
සිතෙහි බියමුසු සැකය සමගින්

Sunday, July 26, 2009
Barsaat ke mousam mein
මෝසම් වැස්සේ
තනිකමත් සමගින්
මම නිවසින් නික්ම ආවෙමි
මත්පැන් බෝතලයක්ද රැගෙන
දැන් මම ජීවත්වෙමි
එලෙසින්ම මට ජීවත්වන්නට ඉඩ දෙන්න
සුන්වූ ජීවිතයක් ගත කරන්නට මට ඕනෑ නැත
සවස් යාමයට පමණක් මත්පැන් පානය සීමා කරන්නට ඕනෑ නැත
මිතුර අද මත්පැන් වීදුරු කුඩුකර දමමු
මුළු අවන්හලම පානය කරමු
වෙනදට අවන්හලේදි පමණක් මත්පැන් බොන අපි
අද මාවත දිගෙත් බිබී යමු
සමාජය ඇති කරන පීඩාවන් තමා මගේ සතුරන්
මත්පැන් බිව් පසු සතුරන් අඩු වේ
සමාජ පීඩාව දරාගන්නට මට නොහැකිය
නොබී මා අද ජීවත්වන්නේ කෙලෙසකද
මට ඉරණම සමගින් ගැටෙන්නට සිදුව ඇත
අද මට බීමත්කම ඉරණම කරගන්නට ඉඩ දෙන්න
අද සැඳෑව බොහෝ වෙහෙසකරය
අද රාත්‍රිය බොහෝ සුන්දරය
අද සැඳෑව කෙලෙස ගත කරන්නද
අද රාත්‍රිය කෙලෙස ගෙවා දමන්නද
ගින්දරකින් හදවතෙහි ගින්දර නිවා දමන්නෙමි
අද මට ඒ ගින්දරත් බොන්නට දෙන්න

Subscribe to:
Posts (Atom)