Showing posts with label talat. Show all posts
Showing posts with label talat. Show all posts

Sunday, September 20, 2009

Jaayen to jaayen kahan

යනවයි කියල කොහේ කියල යන්නද?
කවුරුත් වටහාගනීද දුකින් පිරි
මගේ හදවත පවසන දෙය

දිවිය අකමැති සියල්ලෙහි එකතුවකි
වෙන මොනවාද?
රුධිරයෙහි වේදනාව
හදවතට ගොස් දුමාරයක්ව ඇත
යනවයි කියල කොහේ කියල යන්නද?

මගේ හදවත අන්‍යයන්ගේ දුකෙන්ද
මගේ දුකෙන්ද පිරී ඇත
ඉදින් මගේ හදවත බේරාගන්නට
බලාපොරොත්තුවක්ද නැත
එක කුඩා පහුරක් සමගින්
දහස් ගණනක් කුණාටුය
යනවයි කියල කොහේ කියල යන්නද?

ළයෙහි ගිනි හුස්මෙහි සුසුම් වැල්
කොහොම මම මේ ජීවිතය එක්ක
මේවා තෝරා බේරගන්නද?
මගේ සියළු හැගුමන් පවා වියලී ගොසිනි
යනවයි කියල කොහේ කියල යන්නද?


Saturday, July 18, 2009

Aye Mere Dil Kahin Aur Chaal-Daag

දයාබර මගේ හදවත
වෙන කොහේ හරි යමු
දුකින් පිරි මේ ලොව
මට දැන් නම් එපාවී ඇත
ඉන්නට අළුතින් තැනක් සොයා ගමු

වේදනාවෙන් පීඩා විනොවිඳින තැනක්
බොරු බලාපොරොත්තු නැති තැනක්
හදවතෙහි පිපෙන්නට තිබූ පොහොට්ටු දවා දැමූ
මේ වසන්තයෙන් ඇති ඵලය කුමක්ද?
වේදනාවෙන් පීඩාවටම පත්වීමි
දුකින් පිරි මේ ලොව
මට දැන් නම් එපාවී ඇත
ඉන්නට අළුතින් තැනක් සොයා ගමු


කිසිවෙකු හඬද්දී
තවෙකෙක් ඉවත බලාගෙන යන හැටි
කිසිවෙකුගේ මැවූ ලෝකය සුනුවිසුණුවී යද්දී
මේ මහ පොලව ඔහේ බලා සිටියා
මේ අහස ඉවත බලා ගත්තා
දුකින් පිරි මේ ලොව
මට දැන් නම් එපාවී ඇත
ඉන්නට අළුතින් තැනක් සොයා ගමු