Showing posts with label ar rehman. Show all posts
Showing posts with label ar rehman. Show all posts

Monday, December 21, 2009

Ishq Bina

සකිසඳ, ආදරය අත් නොවිඳ මරණයෙහි සැප කුමක්ද?
ආදරය අත් නොවිඳ ජීවත්ව ඇති ඵලය කුමක්ද?
එය සූකිරිවලටත් වඩා මිහිරිය
සියඹලාවලටත් වඩා ඇඹුල්ය

ආදරය යනු විශ්වාසවන්තබවෙහි පොරොන්දුවකි
එය අන් සියලූ දෙයට වඩා බලවත් බැඳීමකි
පහළින් ආදරයත් ඉහළින් දෙවියනුත් වසයි.
මේ අතර මැදෙහි අපි සියල්ලන් වසන්නෙමු
එක දෙයක් නොව සැම දෙයක්ම විමසා බලන්න
අවසානයේ අප සැම කතා කොට ඇත්තේ ආදරය ගැනය.
ලොව සියල්ලට වඩා සුන්දර දෙවියන් බව කියැවේ
එහෙත් ආදරය ඊටත් වඩා සුන්දරය

ආදරය පතන විට
දියමන්තිත් රත්රන්වලිනුත් පලක් නැත
ආදරය මේ යැයි වැටහුණු අයෙකු වෙත්ද?
නමුත් හැමෝම ආදරය කරති
ආදරයේ නගරය වෙත වැටී ඇත්තේ නන්නාඳුනන මාවතකි
පෙම්වතාගේ නිවහන කොතැන කෙලෙස වේදැයි ඔබ දන්නේද?
කෙටි ජීවිත කාලයට මහා දිගු ගමනක් යාමට ඇත
මේ වේදනාවක්ද නැතහොත් වේදනාවට ඔසුවක්ද?
දෙවියනි මට මැවී පෙනෙන්නේ මේ මගේ අනාගත පෙම්වතාද
නැතහොත් ඔබද?
ඔබ ආදරය යන වදන අසා තිබෙනවා පමණි
මම සැබවින්ම ආදරය කලෙමි
එය මලින් පිරි උයනකි
කටුවලින් ගැවසි කටු අකුලකි


Wednesday, October 28, 2009

kehna hai kya

පිරිස-හෙමින් සැරේ රහසින්
ඔබ කලබලයට පත්ව ඇතත් ඔබේ දෙතොල් නිහඬය
කෙතරම් කලබල මැද්දේද ඔබ නිහඬව හිඳගෙන හිඳී
ඔබේ සුන්දර වතකමලින් අපට යමක් පවසයි
ඔබේ දෑසෙහි පේ‍්‍රමයේ සිහිනයක් ඇතැයි අපි දකිමු
කවර කරුණකට අප හා ලජ්ජාවන්නද
සුන්දරියේ අපටත් මඳක් පවසන්න

ගැ-මොනවා කියන්නද? මගේ දෑස ආගන්තුකයෙකුගේ නෙතු ගැටුණි
එය ආදරය පිළිබඳ හැඟීමක්ද ඇති කලේය
මින් පෙර අත් නොදුටු සිතුවිලි හදවතෙහි පිබිදෙන්නට විය
අප දෙදෙන කිසිදිනෙක මුණ ගැසී නැතිවද හදවත් මුණගැසුනේ කෙලෙසකදැයි නොදනිමි
මම දැන් කුමක් කරන්නද?
ඔහුගේ නම කුමක්ද?
මා කුමක් කියා අමතන්නද?

පළමු බැල්මෙන්ම අපි දෙදෙනා අතරමංවීමු
අපේ දෑස්වලින් ආදරයේ වර්ෂාව ඇදහැලෙන්නට විය
ලජ්ජාව කෙමෙන් දැනෙන විට මම හිස පහත් කරගතිමි
සීතල සුළඟද මට පීඩා කරන්නට විය
ඇඳ සිටි සළු පවා සුළෙඟහි ලෙල දෙවමින්
මගේ හදවතෙහි මහා කුණාටුවක් ඇති විය
මා උන් තැන එසේ සිටියදීම ඔහුට වසඟවීමි

මගේ දෙතොල් ඔබ ගැනත් ඔබේ ආදරය ගැනත් ගී ඉල්ලා සිටී
ගතවන හැම මොහොතකම මගේ දෑස ඔබවද ඔබේ ආදරයද සොයයි
මෙතරම් පිරිසක් මැදද මගේ හදට තනිකම දැනේ
ඔබ නොපෙනී යාදැයි මගේ හදවත බියෙන් ගැහෙයි
අද මා කෙතරම් සතුටට පත්ව ඇත්දැයි කිවහොත් මගේ මුළු ලෝකයම රඟදෙයි
ඔබ ලදොත් මට ජීවිතය ලැබුණා වැනිය