Showing posts with label dev anand. Show all posts
Showing posts with label dev anand. Show all posts

Tuesday, October 13, 2009

Yaad Kiya Dil ne

හදවත ඔබව සිහිපත් කරයි
ඔබ කොහිද
වසන්තය නැලවෙයි
ඔබ කොහිද
ඔබ කොතැන සිටියත්
මට ආදරයෙන් අමතන්න

අද ඔබ නිමග්නව සිටින්නේ කවර කල්පනාවකද
මහද උදව්වක් නැතිව අසරණව ඇත
මේ කුරිරු ලොව ඔබ පමණි මට සැනසුම
හදවත ඔබව සිහිපත් කරයි

රැයද ගෙවී උදෑසනද එළඹෙයි
ඔබ ගැන කල්පනාවෙන් මම නිනව් නැතිවීමි
දැන් මගේ මුළු ජීවිත කතාවම ඔබය
හදවත ඔබව සිහිපත් කරයි

ඔබ මගේ දිවියේ කොටසක් වී ඇත
ඔබ මගේ දිවි මගේ පහනය
ඔබ මගේ ලොව අහස් කුස වැනිය
හදවත ඔබව සිහිපත් කරයි

Tuesday, October 06, 2009

Tum Na Jane Kis Jahaan Mein Kho Gaye

ලොව කොතැන ඔබ සැඟව ගියේදැයි නොදනිමි
මෙතරම් විශාල ලෝකයේ මම අද තනිවී හිඳිමි

මරණය පවා ළඟා නොවෙයි
ඔබ දැක්මෙහි ආසාවද ඉවත නොයයි
හදවතට කුමක්ද මේ සිදුවුණේ
කිසිදු දෙයකින් සතුටක් ඇති නොවෙයි
මගේ සියල්ල සොරාගෙන
ඔබ සැඟව ගියේ කොහිද
ඔබ කොහිද ඔබ කොහිද

එක් ජීවිතයට දහස් ගණන් වේදනාවන්
කොහොම දරාගෙන ජීවත් වන්නද
එක් වතාවක් යලි ආවොත්
ඔබේ දෑස දැක මියෙන්නට හැකිය
මගේ සියල්ල සොරාගෙන
ඔබ සැඟව ගියේ කොහිද
ඔබ කොහිද ඔබ කොහිද


Old is Gold - Tum Na Jane Kis Jahan Mein Kho Gaye/lata(sazaa) .mp3
Found at bee mp3 search engine

Sunday, September 20, 2009

Jaayen to jaayen kahan

යනවයි කියල කොහේ කියල යන්නද?
කවුරුත් වටහාගනීද දුකින් පිරි
මගේ හදවත පවසන දෙය

දිවිය අකමැති සියල්ලෙහි එකතුවකි
වෙන මොනවාද?
රුධිරයෙහි වේදනාව
හදවතට ගොස් දුමාරයක්ව ඇත
යනවයි කියල කොහේ කියල යන්නද?

මගේ හදවත අන්‍යයන්ගේ දුකෙන්ද
මගේ දුකෙන්ද පිරී ඇත
ඉදින් මගේ හදවත බේරාගන්නට
බලාපොරොත්තුවක්ද නැත
එක කුඩා පහුරක් සමගින්
දහස් ගණනක් කුණාටුය
යනවයි කියල කොහේ කියල යන්නද?

ළයෙහි ගිනි හුස්මෙහි සුසුම් වැල්
කොහොම මම මේ ජීවිතය එක්ක
මේවා තෝරා බේරගන්නද?
මගේ සියළු හැගුමන් පවා වියලී ගොසිනි
යනවයි කියල කොහේ කියල යන්නද?