Friday, August 07, 2009

Aap Ki Yaad Aati Rahi Raat Bhar

ඡායා ගංගුලි නමැති ගායිකාව ගයනු ලබන මෙම ගීතයේ සුන්දරත්වය වන්නේ ඇය ගීතයෙන් වැඩි කොටසක් සංගීත භාණ්ඩ අවමයෙන් ගායනා කිරීමයි. ගීතයේ අවසාන කොටසෙහි පමණක් සංගීතය කෙමෙන් එක්වීම සිදුවෙයි. මෙමගින් සංගීත රචකයා ගීතයේ අන්තර්ගතව ඇති දුක්බර ස්වරූපය තීව්ර කිරීමට උත්සාහ දරා ඇති බව පෙනේ. ඉතාම මිහිරි ගීතයකි.

ඔබ ගැන මතකයට නැගෙයි රැය පුරා
කඳුලින් පිරි දෑස සමගින් මදහස පාමින් හිඳිමි රැය පුරා

වේදනාවේ පහන දැල්වෙයි
දුක්බර පහන් දැල්ල සුළෙඟහි කම්පිතව සැලෙයි
රැය පුරා

වස්දඬුවක සුමිහිරි නද සුළෙඟහි එතී
මතකය අවදිකරමින් ගලා එයි
රැය පුරා

මතකයේ සඳ පහන හදවතින් නැගී එයි
සඳමඬල දිදුලමින් පවතී
රැය පුරා

ආදරයෙන් උමතුවූ කිසිවෙක් වීදියේ එහා මෙහා යත්
කාගෙදෝ හඬක් ඇසෙයි
රැය පුරා

ගායනය- ඡායා ගංගුලි
පද රචනය- මඛ්දූම් මොහිඋද්දින්
සංගීතය- ජයදේව්
චිත්‍රපටය- ගමන්


Thursday, August 06, 2009

Buddham Sharanam Gachchami

බුද්ධං සරණං ගච්ඡාමී
ධම්මං සරණං ගච්ඡාමී
සංඝං සරණං ගච්ඡාමී

ඔබේ අමිලවූ හදවත බියට පත්වුවහොත්
හදවත සැලෙන්නට වුවහොත්
එවිට ඔබේ මුවින් කියන්න
බුද්ධං සරණං ගච්ඡාමී

රාගයේ නොඉවසිලිමත්බව හිස එසවුවහොත්
ලේ හැලෙන අරගල වුවහොත්
කුරිරුබවෙහි ගිනිදැල් ඇවිලූණහොත්
මිනිසා තිරිසන් වුවහොත්
උඩින් මදහස පා සිතෙහි විෂ සඟවා සිටින්නේ නම්
එවිට ඔබේ මුවින් කියන්න
බුද්ධං සරණං ගච්ඡාමී

ලොවෙහි ආදරය අවදිවන විට නපුරුබව එයට හරස් වෙතොත්
මවකගේ මාතෘස්නේහයට එදිරිව පුතෙකුගේ කඩුව එසවෙතොත්
එදිනට මහීකාන්තාවද කම්පිත වෙයි අහස්තලය සසල වෙයි
එවිට ඔබේ මුවින් කියන්න
බුද්ධං සරණං ගච්ඡාමී

මිනිසුන්ගේ ව්‍යාකූල සිතෙහි අන්ධකාර කුණාටුව පළවා හැරියේ කවරෙක්ද
උන්වහන්සේගේ එක කිරණකින් මේ මුළු ලොවම ප්‍රභාමත් වෙයි

සත්‍යයේ පහන සෑම දිනෙකම දැල්වෙයි
දයාව අහිංසාව සැමදාම රැකෙයි
සුසිල්වත් දන මන ආදරය කරුණාව ඇතිවෙයි
භාරතයේ අසමසම දෙවියන් බුදුන්වහන්සේගේ ගුණ සෑම ගෙදරකම ගැයෙයි
මිනිසුනි ඔබේ මුවින් නිරතුරුව කියන්න
බුද්ධං සරණං ගච්ඡාමී

Tuesday, August 04, 2009

Jab Pyar Nahi Hai Toh Bhula Kyun Nahi Dete

මෙම ගසල් ගායනය ශ්‍රවණය සඳහා උචිත වීඩියෝ ගීතයක් සොයාගත නොහැකි බැවින් යූටියුබ් හි ඇති වීඩියෝ එකක් මේ සමග ඇමිණුවද එහි දර්ශණ මගින් ගීතයට කිසිදු සාධාරණයක් ඉටු නොවී ඇති බැවින් එය හුදෙක් ගීතය ඇසීම සඳහා පමණක් භාවිතා කරන මෙන් ඉල්ලමි.

ආදරයක් නැත්නම් අමතක නොකරන්නේ මන්ද
ලිවූ පෙම්පත් ගිනි නොතියා කා වෙනුවෙන් රැකගන්නේද

අත්ලෙහි මගේ නම ලියා ඇත්තේ කවර කරුණකටද?
මට එය කියවිය නොහැකිනම් මකා නොදමන්නේ මන්ද?

දෙවියන්ගෙ නාමෙට වෙලාවක් අවේලාවක් නැති මේ කරදරයෙන් ගැලවිලා යන්න
ඔයා මගේ නොවෙයි නම් එලෙසින් නොකියා ඉන්නේ ඇයි?

හැඟීමක් නැති දෙවියනි
ඔබේ දෑතින්ම මට වස පොවන්නේ නැතිව
ජීවත් කරවමින් මෙලෙස දුක්විඳින්නට ඉඩ අරින්නේ මන්ද

මේ සිදුවීමෙදි නම් මට ඔබ කෙරෙහි විශ්වාසයක් නැත
ඉදින් තවත් මා දෙස නොබලා ඔබ නොසිටින්නේ ඇයි



Kabhi Aar Kabhi Par Laga Tiir-e-Nazar

වරෙක එහෙ වරෙක මෙහෙ
ඔබේ තියුණු බැල්මෙන්
පෙම්වත මගෙ හදවත පෑරුණි

කොයි තරම් මගෙ හිත හදාගන්න හැදුවත්
පුදුමයි, දෑස අභියස මම අතරමං වීමි
ඔබ දෙස බලබලා සිටියෙමි අවසානයේ
නොදැනම මගේ හදවත ඔබේ වී තිබුණි
දැන් මගෙ දිවිය පුරාවට මෙය වේදනාවක් වේවි
එතරම් සැර ඊතල මෙන් ඔබේ බැල්මෙන් මා අඩපන විය
මගෙ අස්වැසිල්ල සොරාගති

මෙහෙම තමා ලෝකයේ පළමු හමුවීම සිදුවන්නේ
කතාවෙන් කේන්තිය පෙන්වුවත්
සිත ඇතුලෙ ආදරය රඳවාගෙන සිටී
දෙතොලින් කචබචයක් වූවත්
සිත තුල ආදර මල් පිබිදෙයි

කැමැත්තක් ඇත්නම් දැන් සිතට ඒ සඳහා ඉඩ දෙන්න
ආදරයෙන් බලන්න ප්‍රිය නම් දෑසට අවනතවන්න
හදවතට හදවතක් මුණ ගැසුණි
ඉතින් හදවතට අවනත වන්න
ඔන්න ඉතින් ආදරය ඇතිවිය



Sunday, August 02, 2009

kaali kaali zulfoN ke phande na daalo

සුන්දරිය
ඔබේ දිගු නිල් වරළස සුළෙඟ් සරන්නට ඉඩ නොදෙන්න
මට මගෙ පාඩුවෙ ජීවත් වන්නට ඉඩදෙන්න

මා සමග විනෝදවන්නට උත්සාහ නොදරන්න
මම බොහොම පීඩාවට පත්ව හිඳිමි

මම දනිමි ඔබලා මායාකාරියන්ය
මම හොඳින් ඔබලාව හඳුනමි
ඔබේ සෑම ඉරියව්වක්ම මට මැනවින් වැටහේ

ඔබ වංචාකාරීය, ප්‍රයෝගකාරීය
ඔබේ ආදරය චපලය

ඔබේ ආදරයට මම සමුදෙමි
ඔබේ සුන්දර කතාවලට මම සමුදෙමි

කරුණාකර ඔබේ දෑස මවෙතින් ඉවතට ගන්න
මට මගෙ පාඩුවෙ ජීවත් වන්නට ඉඩදෙන්න


Konpalein Phir Phoot Aayeen

ගසල් ගායනා සඳහා බොහෝ විට යොදා ගන්නා පැරණි පැදි පෙළින් ගායකයන් තෝරාගන්නේ කිහිපයක් පමණි. එක් ගීතයක් සඳහා තෝරාගත් දෙවන තෙවන පැදි අතැර එම පද්‍ය පන්තියේම වෙනත් පැදි අන්තරා ලෙසින් තෝරාගැනීම තවත් ගායකයෙකු අතින් සාමාන්‍යයෙන් සිදුවන්නකි. මින් අරුත සඳහා අල්ප වශයෙන් බලපෑමක් ඇති වන නමුදු සමස්ත ගීතයම සලකන විට ගීතයක සුන්දරත්වය සඳහා එය බලපා නැති බව පැහැදිලි වේ.

මා ඉදිරිපත් කරන මේ උර්දු පැදි පෙළ මුළුමනින්ම පරිවර්තනය කරනු ලබන අතර ඔබට විවිධ අවස්ථාවලදී අසන්නට ලැඛෙන විවිධ ගායකයන් ගැයූ ගී වලදී කොටස් අතැර ඇසෙනු සාමන්‍ය දෙයක් බව සැලකිය යුතුය.

පද්‍ය රචනය- ෆර්හාද් ශෙහෙසාද්

අළුත පිපුණු මල් පොහොට්ටුද
කිනිත්තෙන් ගිලිහී වැටෙයි
ඇයට එය වැටහෙන්නේ නැත
වටහාගන්නේද නැත
නමුත් ඇයට පවසන්න

කාළයේ කුණාටුව බොරුවක් මවා පා
අවට ඇති සියල්ල ගසාගෙන ගියේය
කිසිවෙකුද කිසිවක්ද නැතිවම දිවි මගේ
මා තනිවූ බව ඇයට පවසන්න

මා තනිව අතැර යන්නේ කා වෙනුවෙන්ද
රිදී කාසි වලින් සිතට සැනසුමක් ලඟානොවන බව
ඇයට පවසන්න

බිෙඳන් බිඳ මගෙ හදින් රුධිරය ගලා හැලෙයි
එහෙත් දෙතොලින් ලොවට මදහසම පාමින් හිඳිමි
මාව එතරම් අසරණ කලා ඈ
ඒ බවත් ඇයට පවසන්න

මෙවැනි වේදනාවක් මට හිමිකල ඇය හා
සිනහ සී මේ සියල්ල පවසන්න


Get this widget | Track details | eSnips Social DNA

paara paara huaa pairahan

ආදරයේ සළුපට ඉරී විසිරී ගියේය
සුවපත් කළ හැකි කිසිවෙක් හෝ මා අසළක නැත

පෙනෙන මානයක කිසිදු සලකුණක් නැත
පියවර හඬක් නැත
කෙම්බිමක් නැත
කෙතරම් පාලුවී ගොසින්ද කතරක් ලෙසින්

කාළයේ වැලපීම තුල
ගතවන හැම නිමේශයක්ම පෙළ ගැසෙයි
අවමගුල් පෙරහැර ලෙසින්


Get this widget | Track details | eSnips Social DNA